
(ජේ.ඉඳුරුවගේ )
කොළඹ,මරදාන ,කොට්ටාව,පිළියන්දල සහ ,නුගේගොඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අද (18) පැවැත්වෙන ජනාධිපතිවරණ අවසන් ප්රචාරක රැස්වීම් හේතුවෙන් එම ප්‍රදේශ ආශ්රිත මාර්ගවල ඇතිවන රථවාහන තදබදය හා මාර්ග අවහිරතාව අවම වන පරිදි රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය කියයි.
ඒ අනුව ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 සිට ආරම්භ කිරීමට නියමිත.
එම රැස්වීම් අවසන්වන තුරු වාහන ගමනාගමනයේදී හැකිතාක් විකල්ප මාර්ග හාවිත කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රැස්වීම පැවැත්වෙන ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දිය හා ඒ ආශ්රිත ස්ටේට් පාර,ශාන්ත ජෝශප් වීදිය , ලෙයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ පාර සහ පරාක්‍රම පාර ,සමගි ජන බලවේගයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම පැවැත්වෙන මරදාන ටවර් හෝල් රඟහල ඉදිරිපිට හා ඒ ආශ්රිත සංඝරාජ මාවත,ප්‍රදීපා මාවත,ජයන්ත වීරසේකර මාවත සහ පංචිකාවත්ත පාර,
ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ රැස්වීම පැවැත්වෙන නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග ශාලා භූමිය හා ඒ ආශ්රිත ස්ටැන්ලි තිලකරත්න මාවත,නාවල පාර සහ පාගොඩ පාර ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ රැස්වීම පැවැත්වෙන පිළියන්දල සෝමවීර ක්‍රීඩාංගණය ආශ්රිත පිළියන්දල මොරටුව මාර්ගය ,සර්වජන ඡන්ද බලය පක්ෂයේ අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ රැස්වීම පැවැත්වෙන කොට්ටාව බස් නැවතුම්පොළ භූමිය හා ඒ අවට මෙලෙස මාර්ග අවහිරතාවන් ඇතිවිය හැකි බැව් පොලීසිය දැනුම් දෙයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.