IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අද පාර්ලිමේන්තුව පැය නවය හමාරක් එක දිගට

(ආරියරත්න රණබාහු)
 
ආපදා කළමනාකරණය සම්බන්ධ විවාදය පැවැත්වෙන අද(9) පාර්ලිමේන්තුව අඛණ්ඩව පැය නවය හමාරක කාලයක් පුරා පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේ දී එකඟත්වය හිමිවූ බවත් ඒ අනුව අද පාර්ලිමේන්තුව  පෙරවරු 10.30 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වෙන බවත් කථානායක කරු ජයසූරිය මහතා දැනුම් දුන්නේය.
සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තු රැස්වීමක දී සිදුකරන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න ඇසීම්, ස්ථාවර නියෝග 23(2) යටතේ සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශ ආදී කිසිවක් අද(9) පාර්ලිමේන්තුවේදී සිදු නොකරන බවත් දිවා ආහාර විවේකය ද ලබා නොදෙන බවත් කථානායකවරයා සභාවට දැන්වීය.
 



අදහස් (6)

අද පාර්ලිමේන්තුව පැය නවය හමාරක් එක දිගට

sriya Friday, 09 June 2017 06:08 AM

ගතවෙන පැය ගාන නෙවෙයි වැදගත්. ප්‍රයෝජනවත් යමක් වෙනවද කියන එකයි.

:       1       44

sachith Friday, 09 June 2017 06:15 AM

අනේ මෙහෙම කර කියල රට දියුණු වෙනවද? තාම කුණු ටික හරියට කලමනාකරණය කරගන්න බැ. එහෙම එකේ මේවගේ විවාද තියනවා කියන්නේ අපේම සල්ලි තවත් නාස්ති වෙන එක තමයි

:       2       66

Siripala Friday, 09 June 2017 06:25 AM

පැය නමය හමාරක් විදුලිය පුච්චලා කැන්ටිමේ කෑම කලා මහජන මුදල් නාස්ති නොකර ඕක පැය බාගෙකින් ඉවර කරලා ඒ අයටත්, රටටත්, ජනතාවටත් සෙතක් කරන්න බැරිද ?

:       1       49

vipula Friday, 09 June 2017 06:59 AM

වියදම තව වැඩි වෙන එක විතරයි අවසානෙදි වෙන්නේ

:       0       45

නුමා Friday, 09 June 2017 07:25 AM

අනේ දවල් ආහාරයත් නැතුව, අපේ මහත්වරු ටික කලන්තේ දාල වැටෙයිද දන්නේ නැහැ? කන්න බොන්න දීල කරන දෙයක් කරන්න. නැත්නම් රුපියල් 10 ක කෑම එක නැතුව එන කලන්තෙට බෙහෙත් ගන්න රටරටවල් වල ගිහින් ඒවගේ බිල් ටිකත් අපිට ගෙවන්න වෙනවා.

:       1       39

ravin Saturday, 10 June 2017 03:41 AM

රටේ ජනතාවට අඩුම ගානේ අවුරුදු නමය හමරක්වත් දුක්විඳින්න වෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31373 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13595 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11016 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 129 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1020 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site