IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අද දිනට කොරෝනා මරණ 5 යි


 

රාගම පදිංචි පුද්ගලයකු නිවසේදීම කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගොස් තිබේ. 

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

අද දිනය තුළ වාර්තා වූ පස්වැනි කොරෝනා ආසාදිත මරණය මෙය වන අතර මින් පෙර තවත් මරණ 4 ක් වාර්තා විය.

මිය යාමට හේතුව ලෙස පශ්චාත් මරණ පරික්ෂණයේ දී දක්වා ඇත්තේ දීර්ඝ කාලීනව පැවැති පිළිකා රෝගී තත්ත්වය කොවිඩ් ආසාදනය වීමෙන් උත්සන්න වී ඇති බවයි.

මේ අනුව මිය ගිය මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන් කළේය.

සබැඳි පුවත් -  කොරෝනා මරණ 40 ට නගී

 

 



අදහස් (6)

අද දිනට කොරෝනා මරණ 5 යි

NM Tuesday, 10 November 2020 10:15 PM

එක නීතියක් අනුව රට පාලනය කරන්නේ නම් ජාති, ආගම් අනුව එය වෙනස් විය නොහැක. COVID -19 සැදී මියයන සියලු දෙනාහට පොදු නිතිය ක්‍රියාත්මක විය යුතුවේ. ජනවර්ග අනුව රටේ නිතිය වෙනස් කිරීමට සිදුවුව හොත් බවුදයන් COVID -19 නිසා මැරුණු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නිවෙස්වලට ගෙනයාමට ඉල්ලා සිටීමටද හැකියවක් පවතී. අනවශ්‍ය ගැටළු ඇතිකර ගැනීමට අවශ්‍ය නොමැත. කල යුතුවන්නේ නිතිය පොදුවේ ක්‍රියාත්මක වීම පමණි.

:       1       19

fairoosWednesday, 11 November 2020 09:25 AM

කවුරුත් කැමැති .. එක රටක්, එක නීතියක්.. මේක මේ ආදාහනයට විතරක් නම් වෙන්න බැහැ.

:       0       0

NM Tuesday, 10 November 2020 10:17 PM

පසුගිය කාලයේ විදේශ මාධ්‍ය ක මෙසේ පලවිය, ලෝකයේ දියුණු රටක ජිවත්වන මුස්ලිම් පවුලක කුඩා දරුවකු එම අසනීපයෙන් බේරා ගැනීමට නම් ඉක්මනින් Blood transfusion කිරීමට අවශ්‍ය බව වෛද්‍ය වරුන්ගේ මතය විය. නමුත් දරුවාගේ දෙමාපිටන් ඔවුන් ගේ ආගම අනුව මේය කෙසේවත් කල නොහැකිබව තරයේ කියා සිටියේය. අවසානයේ වෛද්‍යවරුන් කාරණාව අධිකරණයට ගෙන ගියේය. එහිදී විනිසුරුවරයාගේ නිගමනය වුයේ අසනීප තත්වය සුව කරගැනීමට ඉක්මනින්ම Blood transfusion කොට දරුවා බේරගන්න ලෙස වෛද්‍යවරුනට උපදෙස් ලබාදී දරුවාගේ අසනීපය සෞඛ්‍ය ගැටලුවන් නිසා දෙවියන්ගේ පිහිට ඉල්ලා මෙම දරුවා බේරාගැනීමට නොහැකි බවත් කල යුතුවන්නේ වෛද්‍ය වරුනට ඔවුන්ගේ රාජකාරිය කිරීමට අවස්ථව ලබාදී දරුවා සුව කර ගන්න ලෙසත්ය.

:       0       11

ranaWednesday, 11 November 2020 03:13 AM

ඔබගේ අදහස් "ලෝකයේ දියුණු රටක", බයිලන්තයේ එහෙම වෙන්නෑ.

:       0       0

නුවන් Tuesday, 10 November 2020 11:17 PM

මේක අති භයානකයි. කොරෝනා අස්සෙ මිනිස්සු වෙනත් ආබාධ වලට ප්‍රතිකාර සහ ටෙස්ට් කරන එක නවත්තනවා. කොටින්ම පියයුරු පිලිකා, ප්‍රොස්ටේට් පිලිකා ටෙස්ට් වගේ දේවල්.

:       0       10

Rehan Wednesday, 11 November 2020 10:45 AM

මගේ රටට හා එහි සිටින සියලු දෙනාට කිසිදු කරදරයක් නොවේවා.. සියලු දෙනා ඉක්මණින් සුව වේවා.. අපට හතුරුකම් කරන අයටත් යහපතක්ම වේවා. මගේ ලක්මව සදා දිනේවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31628 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14043 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 175 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site