
(සනත් ගමගේ)
දූෂිත දේශපාලනඥයන්ට උපරිම දඩුවම් ක්‍රියාත්මක කරන වත්මන් රජයට තම ආශීර්වාදය ලබාදෙනවා. රජය පෙරළිමට කවර කණ්ඩායමක් හෝ සංවිධානයක් උත්සාහ දරන්නේම් එය කිසිසේත් අනුමත කරන්නේ නැතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අද රටට අවශ්‍යව ඇත්තේ රටට ආදරය කරන විපක්ෂයක් හෙයින් දැනට පවතින විපක්ෂය කාටුන් විපක්ෂයක් බවද සරත් ෆොන්සේකා මහතා කිය.
සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසිය
වත්මන් රජයට වසර පහක් ජනතාව ජනවරමක් ලබා දි තිබෙනව. එම ජනවරම යටතේ උපරිම ලෙස දූෂිතයින්ට දඩුවම් ලබාදිම ක්‍රියාත්මක වෙනව. අපි රජයට ආශීර්වාද කරනව. රජය පෙරළන්න කවර හෝ කණ්ඩායමක් උත්සාහ කරන්නේ නම් අපි එය අනුමත කරන්නේ නැහැ. මේ අයට මෙම වසර පහ කරගෙන යෑමට ඉඩ දිය යුතුයි. ජනතාව ඊළඟට තිරණය කාරවි මේ අය දිගට තියාගන්නවාද නැතිනම් වෙනත් කණ්ඩායමක් බලයට පත්කරනවාද යන්න. දැනට කරගෙන යන වැඩපිළිවෙල හොඳ වැඩ පිළිවෙළක් බව පෙනී යනව.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්ලර වීරයෝ වෙනුවට මෙන්න නියම රණවිරුවෙක්, කෙඳිරිගාන්නැතුව අසාධාරණයට මුහුණ දුන්න නියම වීරයෙක්.
දැනට රට කරන්න පුළුවන් ජවිපයට විතරයි... විපක්ෂයේ ඉන්නේ කෝලම් කාරයෝ... ඒ අයට ඕනේ බලය විතරයි. ජනතාව වාසනාවන්ත නම් ජවිපය ඊළග පාරත් ඒවි.
@නිහාල් P. සරත් ෆොන්සේකා ඔය හමුදාපති තනතුර ගත්තේ කෙඳිරි ගාලා තමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පැන්ෂන් අරින්න හිටපු එක්කෙනාව මහින්ද ජනාධිපති වෙලා ගෝඨාභය ආරක්ෂක ලේකම් වුණාම සරත් ෆොන්සේකා පණිවිඩ කාරයෙක් ලව්වා ඉල්ලීමක් කළ කතාව දැන් අවුරුදු ගානකට කලින් පුවත් පත්වල තිබුණා. ඒක ඇත්ත නම් අල්ලස් සහ දූෂණ සම්බන්ධයෙන් ඒ කට්ටියටම දඬුවම් දෙන්න ඕනෑ.
ඇත්ත කතා කරන්නත්, බිම වාඩිවෙන්නත් කාගෙන්වත් අවසර ගන්න ඕන නැ කියලා කතාවක් තියෙනවනේ...ඔබතුමාට මගේ ප්‍රණාමය…!
ඔබ තුමා හරි, මේ විපක්ෂයක් නෙවේ... විකාරයක්...
ඔවු ඉතින් ආණ්ඩුව චන්දෙට කලින් දීපු පොරොන්දු වලින් බොහෝමයක් ඉටු කරලා, හොරුන්ගේනුත් විශාල ප්‍රමාණයක් අල්ලා ආර්ථිකයත් ගොඩ දමලා තිබෙනවනේ.., හෙට අනිද්දා එන පළාත්සභා මැතිවරනෙත් පරදීවී කියලා බයට විපක්ෂේ කාටුන් වෙලා...
වෙල් විදානේ මහතා, ඔබ දැන් දේශපාලනයේ පමණක් නොව අනෙක් සෑම අංශයකමත් අවලංගු කාසියක්. ඔබගේ දූෂණ විරෝධයද හුදු ප්රලාපයක් පමණයි. එසේ නොවේ නම් මේ ආණ්ඩුව යටතේ සිදු වන ගල් අඟුරු වංචාවට, කන්ටේනර් හොර පාරෙන් යෑම ඇතුළු අටෝරාසියක් වංචාවලටත් එරෙහි වන්න. ඔබ මොවුන්ට ගැලපෙන්නේ දෙගොල්ලගේම මතවාදය වෛරය සහ කුහකකම වීමයි. ඔබ වෙනුවෙන් වැනූ ජාතික කොඩිය ඉතිහාසයෙන් මකා දැමිය හැකි නම් එය මේ රටට කළ හැකි මහඟු සේවයකි. ඔබ ඒ තරමටම නරුමයෙකි. ද්‍රෝහියෙකි. රටට, ජාතියට...
ඔය කාටුන් එකක්වත් නෙවෙයි අපිට නම් නිකන්ම නිකන් පපට් එකක්. කාලෙන් කාලෙට ඇවිල්ලා මොකක් හරි පිස්සු කතාවක් කියලා යනවා...
පොහොට්ටුවේ මදාවියන්ට, ගැත්තන්ට එහෙයින්ට විකුණන්න බැරිව ගිය රණවිරුවෙක්, අඩෝවැඩි, කෙදිරිලි, අඩපාලි මොකුත්ම නැහැ, එකෙන්ම රෙස්පෙක්ට්...!