IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අතුරුදන් දැරියගේ සිරුරේ කොටස් කිඹුලාගේ උදරයෙන් හමුවේ


(අතුල බණ්ඩාර නෙළුම්පත්ගම)
මුලංනටුව ඇළේ දිය නාමින් සිටියදි කිඹුලකු විසින් ඩැහැගත් 13 හැවිරිදි ගිම්හානි අනුෂිකා ගේ යැයි සැකකරන ශරීරයේ කොටස් කිඹුලාගේ උදරයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.  
සිය මව පිය සහ තවත් පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ අතුරුදහන් වූ එම දැරිය සොයා ප්‍රදේශවාසීන්  මෙන්ම නාවික හමුදාවේ කිමිදුම් කරුවෝ සහ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු ප්‍රදේශයේ දියබිම් පීරූහ. එහෙත් දැරිය සොයාගැනීමට අපහසු විය. ඊට පසු දින ඇල ආසන්නයේ ගෙවත්තක දී අඩි 11 පමණ දිගැති කිඹුලකු කිසියම් පිරිසක් විසින් මරා දමා සිටියදි ගම්වාසීන් විසින් දැක කිඹුලාගේ බඩ කපා බැලීමේ දී අතුරුදහන් වූ දැරියගේ බවට සැකකරන ශරීරියේ කොටස් හමු වූ බව නෑගම්පහ මරණ පරීක්ෂක ඩී.එම්. ජයන්ත ධර්මශ්‍රී දිසානායක මහතා පැවැසීය.  



අදහස් (13)

අතුරුදන් දැරියගේ සිරුරේ කොටස් කිඹුලාගේ උදරයෙන් හමුවේ

chamal Sunday, 30 April 2017 04:59 AM

වෙන සයිට් එකක තිබුන මේ කට්ටිය මෙතන කිඹුල්ලු ඉන්නවා කලින් දැකලත් තිබුනලු. එහෙවු එකේ මොකටද මෙතන නාන්න ගියේ. මේ කිඹුලට වෙඩි තියල මරල තියෙන්නේ මේ ළමයාගේ මාමලු. කිඹුලට මැරුම් කන්න කිඹුලා කරපු වැරැද්ද මොකක්ද. අපි නේද පරිස්සම් වෙන්න ඕනේ. මට බැන්නත් එක නේද වෙන්න ඕනේ.

:       161       416

upasakeSunday, 30 April 2017 07:55 AM

ගමේ, රටේ, ඇළක, දොළක නාන්න බැරි තත්වයක් උදාවෙලා නම් ඒ ගැන බලන්න ඕනෙ ඒ අවට ඉන්න මිනිසුන් මිසක් වෙන කව්ද?

:       27       51

ජයරත්න Sunday, 30 April 2017 08:57 AM

කිඹුලෝ මරලා වීරයෝ වෙන්න හදන්නේ තමන්ගේ දරුවන් ආරක්ෂා කිරීමේ වගකීම හරියට කරපු නැති මිනිස්සු. මෙහෙම අනාරක්ෂිත තැන්වලට දරුවෝ යවන අයට දෙන දඬුවම මොකක්ද?

:       136       5

Jayantha Sunday, 30 April 2017 05:38 AM

මෙවැනි සිදුවීම් නැවත අසන්න නොලැබේවා..!!

:       8       27

තිලකරත්න Sunday, 30 April 2017 07:28 AM

සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන ජීවින් හා අයාලේ යන ගෘහශ්‍රිත සතුන් පාලනය කිරීම ගැන කිසිම ක්‍රියාකාරී‍ වැඩපිලිවෙලක් ලංකාවේ නැත. වන අලි, වල් ඌරන්, රිලවුන්, මොනරුන්, මුවන්, ගෝනුන්, දඬු ලේනුන් සහ අයාලේ යන ගවයින් නිසා වසරකට රුපියල් කෝටී 100 ක පමණ අස්වනු හානියක් සහ ගොවි ජීවිත 10-15 ක පමණ හානියක් කෘෂිකර්ම ක්ෂේත්‍රයට පමණක් සිදුවේ. කිඹුලන්, වන අලි, වල් ඌරන්, මදුරුවන්, අයාලේ යන ගවයින් සහ සුනඛයින් නිසා මුළු සමාජයම බැටකයි. මීට කඩිනම් වැඩ පිලිවෙලක් රටට අත්‍යාවශ්‍යය.

:       0       28

sisira Sunday, 30 April 2017 07:40 AM

දැරියගේ මව් පිය ඇතුළු නෑ හිතවතුන්ට දැඩි ශෝකය පළකරනවා. එත් මෙයින් කාට කාටත් ඉගෙනගත හැකි පාඩමක් තියෙනවා. අපගේ ජීවිතය කොයි වෙලාවක කවදාක මොන අන්දමට වේවිද? දන්නේ නැහැ. ජීවත්වන කාලයට වඩා ජීවත්වූ අන්දමයි වටින්නේ. ලද දෙයින් සතුටුවෙලා ධනය පසු පස නොගොස් ලොවට වැඩදායීව ජීවත් වන්නන්ගේ ගුණ සුවඳ ඔවුන්ගේ මරණයෙන් පසුත් මේ වායු තලයේ අපට දැනේවි.

:       2       4

Upasake Sunday, 30 April 2017 07:44 AM

ලෝකයේ වෙනත් රටවල් දිහා බැලුවම අපේ රටේ තරම් අවාසනාවන්ත සිදුවීම් වෙන රටවල් තවත් තියෙනවද කියල හිතෙනවා. මේ තරම් රටේ කිඹුල්ලු බෝවුන හැටි කව්රුවත් නොදන්නේ ද? අනික ඔය ගම්වල ඉන්න කොල්ලන්ට කිව්වම ඔය ටික සති 2ක් යනකොට පාලනය කරාවි. අනික ඔය තරම් කිඹුල්ලු වැඩි වෙන්න අරින්නේ කිරි බොන්නද? මනුෂ්‍යයා තවම කිඹුලන්ට වඩා වටිනවා කියන එක අපේ අමනුෂ්‍යයෝ වටහාගෙන නැද්ද?

:       1       30

ruchira Sunday, 30 April 2017 09:04 AM

සසර වසනා තුරා මෙවන් අකල් වියෝවක් සිදු නොවේවා චූටි දුවේ, ඔබට නිවන් සුව !!!

:       0       40

kimbullu Sunday, 30 April 2017 10:34 AM

අපි අතරෙත් මිනීකන උන් ඉන්නවා. නමුත් අපි අපි මරාගන්නේ නැහැ. උසාවි නැහැ. ඇප නැහැ. පාතාලයක් නැහැ. මේවා මර්ධනයට අපි කෙනෙක් හොයනවා. මනුස්ස ලෝකෙන් විශ්‍රාමික හමුදාවේ අය විශේෂයි. අපි කඳුළු සලනවා මේ දරුවා ගැන...

:       10       1

ranjith Sunday, 30 April 2017 01:49 PM

මිනිසා...මේ පරිසර පද්ධතියේ එක සාමාජිකයෙක් පමණි. මිනිසාට මෙන්ම වන සතුන්ටද ජීවත්වීමේ අයිතිය ඇත. මිනිසා විවිධ ක්‍රමයන්ගෙන් ආහාර සපයා ගන්නා අතර වනසතුන් මරා කෑමද සිදු කරයි. එවිට එම සතුන් සංවිධානයවී මිනිසුන් මරා බඩවල් පලන්න ගත්තොත් අපේ අය කිදෙනෙකුට ජිවිත අහිමිවේද? මිනිසාට ආගමක් හා හික්මීමක් තිබෙනවා. එබැවින් මිනිසා අනෙකුත් ජිවින්ට වඩා උසස් සත්ව කොට්ටාසයක්. මෙවැනි ක්‍රියාවන් ඔවුන්ගේ මේ උසස් යයි කියාගන්න තත්වයට මදිකමක්. තම ජිවිත ආරක්ෂා කරගැනීමට මිනිසුන්ට විවිධ ක්‍රම ඇත. එබැවින් මෙම කිඹුලා ඝාතනය මම පිළිකුලෙන් හෙළාදකිමි.

:       66       0

mahinda Sunday, 30 April 2017 01:53 PM

මේකත් හරියට හදිසි අනතුරකින් මිනිසෙක් මියගියාම වාහනයට ගිනි තියනවා වගේ මෝඩ තකතීරු ක්‍රියාවක්...

:       45       12

frank Sunday, 30 April 2017 02:10 PM

දුවේ ඔබේ ජීවිතය අපිට වටිනවා. නමුත් අහිංසක නිරායුධ තේරුම් ගැනීමේ ශක්තියක් නොමැති පරිසර සමතුලිතභාවයේ වැදගත් කාර්ය භාරයක් ඉටුකරන සත්වයන්ගෙන් හැඟීම් වලට වහල් වී පළිගැනීම උසස් චින්තනයක් සහිත මිනිසාට නොසුදුසු කාර්යයකි. වනජීවී නිලධාරී මහත්වරුනි, නීතිය ක්‍රියාත්මක කරන්න. හැඟීම්වලට වහල් වුණු මහජනයාගේ විරෝධයට යටනොවන්න.

:       44       121

Ks jayarathna Monday, 01 May 2017 12:46 AM

මෙවැනි අකාල මරණයකට කිසිදා හසු නොවේවා!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13573 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 971 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site