(හර්ෂණ තුෂාර සිල්වා)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලෙන කාර්යාලය පිළිබඳ පනතට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
ව්‍යවස්ථාදායක මණ්ඩලය අදාළ කාර්යාලයේ සභාපතිවරයා ඇතුළු 7 දෙනකුගෙන් යුතු නිලධාරී මඩුල්ල සඳහා නාමයෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ඇතැයි ද හෙතෙම එහිදි කීය.
කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (20) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.
“රට ඇතුළේ ඉන්න අය අපි රට විකුණුවා කියනවා. අපි කිසිදෙයක් කරලා නැහැ කියලා රටින් පිට ඉන්න අය කියනවා. එහෙත් අපි කරපු දේවල් ගැන කවුරුවත් කියන්නේ නැහැ.
අපි සංක්‍රාන්ති යුක්තිය ස්ථාපිත කිරීම, සංහිඳියා ක්‍රියාවලිය, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිළිබඳ ආදී පනත සම්මත කිරීම වැනි බොහෝ දේ කර තිබෙනවා. මේ කාර්යාලයෙන් 71 කැරැල්ල කාලයේදී අතුරුදන්වූවන් පිළිබඳවත් සොයා බලනවා. සිංහල, දෙමළ හෝ මුස්ලිම් කියලා වෙනසක් නැහැ. මේ කාර්යාලය ඔස්සේ සීමිත කාලයක් ගැන විතරක් බලන්නේ නැහැ. සිංහල කැරැලි ආදී සියල්ල ගැන සොයා බලනවා. “
“පනතේ සංශෝධන කිහිපයක් කරන්න තිබුණා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම සංශෝධන සිදු කළා. පනත නෛතිකව ක්‍රියාත්මක කරගෙන යෑම සඳහා ජනාධිපතිවරයා අත්සන් තැබුවා. “
“මේ කාර්යාලය ස්වාධීන කාර්යාලයක්. ඒ කාලේ වැරැදි කරපු අද බොරුවට කෑගහනවා. ජාතිවාදී ප්‍රකාශ සිදු කරනවා. එහෙත් ඇත්ත මොකක්ද කියා සොයා බැලිය යුතු” යැයි විදේශ අමාත්‍යවරයා තවදුරටත් කීය.
අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය වසරේ අගෝස්තු 11 වැනි දා පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වූ අතර එම මස අගෝස්තු 23 කතානායක කරු ජයසූරිය මහතා එම පනතට අත්සන් තැබීය.

(ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි)
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතට ජනපති අත්සන් කරයි
ප්‍රසාද් Thursday, 20 July 2017 09:14 PM
ඔය අතුරුදන් වුණ කට්ටියගේ ලැයිස්තුව අරගෙන රටවල් කීපයක තානාපති කාර්යාල වලින් චෙක් කරලා බැලුවොත් සතියෙන් හොයාගන්න පුළුවන් ඉන්න තැන. මොකටද ඔච්චර වියදම් කර කර ඔෆිස් දාන්නේ.
Asanka Friday, 21 July 2017 07:31 AM
ඔය පනතට අත්සන් තබලා ඔබතුමන්ලා මහා පාපකර්මයක් කරගත්තේ.... අපේ මහා නාහිමිවරුන්ට අනුව නම්...