IMG-LOGO

අත්‍යවශ්‍ය භාණ්ඩ 400 කට උපරිම මිලක් නියම වෙයි

Foods

 

 

ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය විසින් රාමදාන් මාසයට පෙර ආහාර සහ ආහාර නොවන භාණ්ඩ 400 කට  වැඩි සංඛ්‍යාවක් සඳහා ඒවා විකිණිය හැකි උපරිම මිලක් නියම කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් මැයි 29 වැනිදා සිට සහල්, කිරි, සීනි, කුකුළු මස් (අලුත් සහ ශීත කළ), පාන් පිටි සහ කෑමට ගන්නා තෙල් වර්ග ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩුවී ඇත. 


මෙම සංශෝධිත මිල ගණන් ශුද්ධ වූ රාමදාන් මාසය අවසන් වන තෙක් බලපැවැත්වෙනු ඇත. පසුගිය වසරේදීද මේ හා සමාන භාණ්ඩ සංඛ්‍යාවකට රාමදාන් මිල සීමාවක් ක්‍රියාත්මක කළ අතර මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ දැනට වසර 6 ක පමණ කාලයක සිටය.


අමාත්‍යංශය විසින් නිකුත් කළ නව මිල ලැයිස්තුවට අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල සැලකිය යුතු ලෙසින් පහළ බැස ඇත. උදාහරණයක් ලෙස අල් මරායි කිරි ලීටර් 2 ක මිල කටාර් රියාල් 10 දක්වාත්, නාඩා කිරි ලීටර් 1.75 ක් කටාර් රියාල් 8.50 ක් දක්වාත්, නාඩෙක් කිරි (ලීටර් 1.75) කටාර් රියාල් 8.25 දක්වාත්, නාඩෙක් ලෝංග් ලයිෆ් කිරි (එක් බෝතලයක ලීටරය බැගින් වන බෝතල් 4 පෙට්ටියක්) කටාර් රියාල් 13 දක්වාත් සහ අල් සාෆි කිරි (ලීටර් 2) කටාර් රියාල් 10 දක්වාත් පහළ බැස ඇත. මේවායේ මිල ගණන් සාමාන්‍යයෙන් කටාර් රියාල් 1 සිට 2 දක්වා හෝ ඊට වැඩියෙන් පහළ බැස ඇත.
පංජාබ් ගාර්ඩන් බාස්මතී සහල් කිලෝ 5 බෑගයක දැන් මිල කටාර් රියාල් 25.75 ක් වන අතර සන්වයිට් හාල් කටාර් රියාල් 33.75 කට සහ ක්ලියෝපැට්රා ඊජිප්තියන් සහල් බෑගයක් කටාර් රියාල් 27.75 කටත් මිලට ගත හැකිය.


ටිල්ඩා පියෝ බාස්මතී සහල් කිලෝ 10 බෑගයක මිල කටාර් රියාල් 129 ක් වන අතර, ඉන්ඩියන් ගේට් බාස්මතී සහල් බෑගයක් මිල කටාර් රියාල් 247.75 ක්, කිලෝ 40 කෙහොරි ඉන්දියන් සහල් බෑගයක් කටාර් රියාල් 277 ක්, කිලෝ 40 මොහොමඞ් බාස්මතී සහල් බෑගයක් කටාර් රියාල් 196 ක් සහ කිලෝ 40 අබුකාස් නොම්මර 1 සහල් බෑගයක් කටාර් රියාල් 185 කටත් අළෙවි වෙයි.


අලුත් සහ ශීතකළ කුකුළු මස් වෙළෙඳනාම කිහිපයක මිල ගණන්ද පහළ බැස තිබේ. ඒ අනුව සයිඩා ශීත කළ කුකුළු මස් ග්‍රෑම් 1,000 ක් කටාර් රියාල් 12.50 ක්, ග්‍රෑම් 1,100 ක් කටාර් රියාල් 14 ක් සහ ග්‍රෑම් 1,200 ක් කටාර් රියාල් 15 ක් දක්වාත් පහළ බැස තිබේ. බිත්තර 30 කටාර් එග්ස් බිත්තර පෙට්ටියක් දැන් කටාර් රියාල් 13.50 කට මිලට ගත හැකිය. එසේම ජනප්‍රිය වෙළෙඳනාම කිහිපයකට අයත් කෑමට ගත හැකි තෙල්, සීනි, පැස්ටා, ඔලිව් තෙල්, පාන් පිටි සහ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක්ද අමාත්‍යාංශ මිල ලැයිස්තුවට අන්තර්ගත වන අතර නව රෙකුලාසි උල්ලංඝනය කරන ඕනෑම සාප්පු සංකීර්ණයකට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

 



අදහස් (0)

අත්‍යවශ්‍ය භාණ්ඩ 400 කට උපරිම මිලක් නියම වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 87 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 17 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 672 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site