IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගේන්න ඩොලර් නිකුත් කිරීම නවත්වයි

(රංජන් කස්තුරි)

අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් නිකුත් නොකරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් නිකුත් කර තිබේ.

ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය තවදුරටත් පහළයාම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

අනයනකරුවන් අත්පිට මුදලට විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කිරීමට කටයුතු කරන අතර එහිදී භාණ්ඩ ඇණවුම් කිරීමේදී ඒවායේ වටිනාකම ඩොලර් මගින් ගෙවීම සිදුකරන බවද එලෙස මුදල් ගෙව්වද එම භාණ්ඩ මෙරටට ලැබෙන විට මාස කිහිපයක් ගතවන බවද ඔහු කීය.

රුපියල අවප්‍රමාණය වීමේ වර්තමාන ගැටලුසහගත තත්ත්වය හමුවේ ඉදිරි මාස ගණනකින් පසුව ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත භාණ්ඩ තොග වෙනුවෙන් වර්තමානයේදී ඩොලර් විශාල ප්‍රමාණයක් රටින් පිටකිරීම සිදු නොවිය යුතු නිසා මෙම පියවර ගත් බවද ඔහු කීය.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අත්පිට මුදලට ඇනවුම් කිරීමට ඇතැම් ආනයනකරුවන් පෙළෙඹෙන්නේද ඩොලරයේ වටිනාකම තවත් ඉහළ යෑමට පෙර වර්තමානයේ පවතින මිලට ඒවායේ ඇණවුම් ලබා වැඩි ලාභයක් ගැනීමට බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය නම් ආනයනකරුවන්ට ඒ සඳහා ණයවර ලිපි විවෘතකර එමගින් එම භාණ්ඩ ආනයන කිරීමේ බාධාවක් නැතැයිද හෙතෙම පැවසීය.

  • සුවඳ විලවුන්
  • බේබි කොලෝන්
  • රබර් නිෂ්පාදන
  • වාහන ටයර්
  • පාවහන්
  • රබර් හා ප්ලාස්ටික්
  • භාණ්ඩ වායු සමීකරණ යන්ත්‍ර
  • ශීතකරණ
  • අධි ශීතකරණ
  • දුරකතන උපාංග
  • ජංගම දුරකතන
  • ගුවන්විදුලි උපකරණ
  • කැමරා ආම්පන්න
  • වීඩියෝ යන්ත්‍ර
  • රෙදි සෝදන යන්ත්‍ර
  • නානකාමර කට්ටල

ඇතුළු තවත් භාණ්ඩ රැසක් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග ලෙස නම්කර තිබේ. 

 

 



අදහස් (20)

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගේන්න ඩොලර් නිකුත් කිරීම නවත්වයි

kalpa Tuesday, 16 October 2018 04:14 AM

අපේ රටේ වැවෙන අල /ලූණු /මිරිස්/මුංඇට/කව්පි හා එලවලු..වැනිදේ පාරිභෝගික ද්‍රව්‍ය වුවත් ගෙන්වීම කිසියම් කාලයක් ලබාදීමෙන් පසුව සම්පූර්ණයෙන්ම නතරකල යුතුයි. එවිට රැකියා ප්‍රශ්නයත් තරමකින් හෝ අඩුවෙනවා.එසේ නොකර තාවකාලිකව පමණක් මෙම කාර්යය කරන්නේනම් ප්‍රයෝජනයක් නැහැ.

:       2       11

tire Tuesday, 16 October 2018 04:15 AM

ටයර් කොහොමද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වෙන්නේ. එතකොට ගෙවිච්ච ටයර් දාගෙන ගිහිල්ලා ඇක්සිඩන්ට් උනාම මිනිස් ජීවිත නැතිවෙන ඒවාට මහා බැංකුව වග කියනවද? එහෙම නම් කමක් නෑ.

:       33       616

VH Tuesday, 16 October 2018 04:16 AM

වාහන ටයර කොහොමද මේ ගොඩට එන්නෙ? ටයරයක් නැතිව වාහනයක්ට යන්න පුලුවන්ද?

:       0       176

දිමුත් Tuesday, 16 October 2018 04:41 AM

මේ මහ බැංකුව ඉන්නේ 19 වෙනි සියවසේද? ජංගම දුරකථන අද සාමාන්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙලා ඉවරයි.

:       190       133

ලුම්බිණි Tuesday, 16 October 2018 04:48 AM

තාවකාලිකව ද්විත්ව විනිමය අනුපාත ක්‍රමයක් ඇති කිරීම මීට වඩා හොඳ නැද්ද? මේ කරපු දෙය මගින් ඩොලර් සඳහා කළුකඩ තත්වයක් ඇති විය හැකි නේද?

:       6       33

jeewantha chandimal Tuesday, 16 October 2018 04:49 AM

උන්ධියල් ක්‍රමයට විදේශ මුදල් මාරුකිරීම වහාම අත්හිටවිය යුතුය. ඔවුන්ට ඇති තරම් ඩොලර් ඇත. විදේශයන්වලින් ද ඩොලර් මාරුකරන ස්ථාන ඇත. ඔවුන්ද කරනුයේ බැංකු මිලට වැඩි මිලකට ඩොලර් ගෙන ඔවුන්ගේ ලංකා නියෝජිතයන් හරහා පාරිභෝගිකයාගේ ගිණුමට ලංකා රුපියල් තැන්පත් කිරීම මෙම ක්‍රමය තහනම් කරන්නේ නම් මෙය යම්තාක් දුරකට පාලනය කල හැකිවේවි.

:       13       163

chandanaTuesday, 16 October 2018 09:36 AM

අපේ මහා බැංකුවෙන් කොහොමද පිටරට කෙරෙන ගණුදෙනු තහනම් කරන්නේ?

:       1       0

HarrySL Tuesday, 16 October 2018 05:26 AM

කෝටි ගනන් වෙන පුටු, බදු නැති වාහන, සුවඳ හමන උපකරණ මේව අත්‍යාවශ්‍යම භාණ්ඩ වෙන්න ඇති. ලැජ්ජාවක් ගෑවිලාවත් නැති අමු නාස්තිකාර පාලනයක්.

:       46       240

somapala Tuesday, 16 October 2018 05:27 AM

ජංගම දුරකථන වලට උපරිම මිල සීමාවක් පැනවිය යුතුයි.

:       0       93

ලසන්ත Tuesday, 16 October 2018 06:01 AM

ටික කාලයකට මේ රටේ හදන ටයර් දාලත් බලන්න දුවන්නේ නැද්ද කියලා

:       11       208

sisura Tuesday, 16 October 2018 06:10 AM

වරදවා වටහාගන්න එපා. ණයවර ලිපි මගින් බදු ගෙන්න තහනමක් නැහැ. කළුකඩ කාරයින්ට තමයි පාඩුව.

:       0       169

himal Tuesday, 16 October 2018 08:04 AM

මේ කියන්නේ විවෘත ගිණුම් ක්‍රමය ඒ කියන්නේ අත්පිට ගෙවලා ආනයනය කිරීම ගැන. ණයවර ලිපියක් මඟින් ආනයනය කරන්න තහනමක් නෑ.

:       0       0

lakmal Tuesday, 16 October 2018 08:05 AM

ගුවන්තොටුපල හරහා එන ඒවා?

:       0       0

dayan Tuesday, 16 October 2018 09:42 AM

ණයවර ලිපි වලින් තොරව ආනයන තහනම් කරන්න.

:       0       0

ranga Tuesday, 16 October 2018 10:34 AM

ඩොලරය පාලනය කල නොහැකි බව මහා බැංකුව පිළිගනී නේද ?

:       16       16

Buddika Tuesday, 16 October 2018 10:35 AM

ඔබ මේ රටේ ටයර් දාල දුවල තියනවද? මම ලොකු අමාරුවක වැටුණ ටයර් කුට්ටමක් දාල වැන් එකට... කම්බි මතුවුණා එකක අපරාදේ සල්ලි රට ටයර් ගන්නේ ඇඟකහනවට නෙමේ....

:       9       6

රයන් Tuesday, 16 October 2018 12:23 PM

මේක හැමෝටම බලපානවද? නැත්නම් ගෙදර පාවිච්චියටවත් ගේන්න බැරිද? හරි විස්තරයක් කොහෙන්ද ගන්න පුළුවන්.. මොකද මම දැනටමත් බඩු අරන් ඉවරයි ගෙදරට දාන්න..

:       0       0

සතයපාල Tuesday, 16 October 2018 01:27 PM

කවුරුවත් මහා බැංකුවේ නිවේදනය හරියට කියවලා නැතිව කමෙන්ට් දාන්නේ. ඒකෙ කිසිම තැනක කියලා නැහැ භාණ්ඩ ආනයනය සීමා කරන බවක්. එහි සදහන් කරන්නේ අත්පිට මුදලට එනම් භාන්ඩ ලංකාවට එවීමට සදහා නැව්ගත කීරිමටත් ප්‍රථම අදාල ආයාතනය සදහා මුදල් ගෙවීමට වානිජ බැංකු විසින් ඩොලර් නිකුත් කිරිම පමණක් නැවැත්වීමට මහා බැංකුව වානිජ බැංකු වලට උපදෙස දි තිබෙනවා. එමගින් භාන්ඩ මෙරටට ලගාවීමට මාස තුනකට පමණ පෙර මුදල් ගෙවීම නිසා ඒ කාළය තුල ඩොලරයේ වටිනාකම වැඩිවිමේ වාසිය ආනයනකරුවන් ලබා ගන්නා බවත් එම නිසා අනවශය ලෙස ඩොලර් රටින් පිටට ඇදි යාම නිසා තව දුරටත් ඩොරලය ශක්තිමත් වන බවයි මහා බැංකුව පවසන්නේ.

:       0       3

lalith Tuesday, 16 October 2018 01:51 PM

තව ටික දවසකින් හාල් පොලුත් එයිද? බලන්න දුර දක්නා නුවනින් ආර්ථිකය හසුරුවන හැටි.

:       0       0

lalith Tuesday, 16 October 2018 01:55 PM

අර බලන්න දුර දක්නා නුවණින් ආර්ථිකය හසුරුවන හැටි. ඔය නිසානේ අපි අර සමහර මාධ්‍යවේදීන් කියන විදියට ඇවිදින විශ්වකෝෂයක් අපේ නායකකමට පත්කර ගත්තේ... ළඟදීම හාල්පොල් හඳුන්වා දීලා රටේ කෘෂි කර්මාන්තයත් නහුතෙටම නග්ගනවා. ඒ ගැන මේ ලඟදි කොළඹ හෝටලේක සම්මන්ත්‍රණයකුත් තිබ්බා මතකයි නේද? බලන්නකෝ එලකිරි පාරවල් පුරා දොරේ ගලනකොට....

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site