
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අඩු ආදායම්ලාභී අසරණ පවුල්වල දරුවන්ට පාසල් පොත්පත් මිලදී ගැනීමට හය දහසක දීමනාවක් එන වසරේ පාසල් වාරයේදී ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය.
අස්වැසුම හිමි පවුල්වල දරුවන්ට. මවුපියන් අහිමි දරුවන්ට මව හෝ පියා ආබාධිතව සිටින පවුල්වල දරුවන්ට ළමා නිවාසවල සිටින දරුවන්ට සහ විශේෂ හේතු මත අසරණ භාවයට පත්ව සිටින දරුවන්ට මෙම දීමනාව දෙන බවද ඔහු සඳහන් කළේය.
“අපි මේ කිසිවෙකු අතහරින්නේ නැහැ” යැයිද හෙතෙම කීවේය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේදීය.
1994 සිට මේ දක්වා බඳවාගෙන අවිධිමත් ආකාරයට තැන් තැන්වල රඳවා සිටින සියලුම උපාධිධාරින් පිළිබඳව විධිමත් සමීක්ෂණයක් කර ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මේ රජය කටයුතු කරන බවද ඔහු කීවේය.
COMMENTS
පිටු 80 පොතක් රුපියල් 160, එහෙම පොත් 10ක් ගත්තම 1600 (ඊටත් වඩා වැඩි ඇති දැන්) මේ දේ හොඳ දෙයක්. ලංකාවේ 100% නිදහස් අධ්‍යාපනය තිබ්බේ නෑ අනිත් රටවල් වල වගේ. (ලංකාවේ දේශපාලුවන් කියන්නේ නිදහස් අධ්‍යාපනය තියෙන්නේ ලංකාවේ විතරයි කියලා, හැබැයි එක ඇත්ත නෙමෙයි)
අනුර කීවේ බලයට අන්ද කලින් සියලු පාසල් උපකරණ වල වැට් එක සීරෝ කරනවා කියලා . අපිට දැනගන්න පුලුවන්ද මේකට අමතරවද රුපියල් 6000 දෙන්නේ කියලා
මේක සමහරු කියන විදියට මුලු ලංකාවටම නිකන් දෙන්න ඕනෑ වගේ 6000 ක් කිව්වාම එක ලොකු ගානක් නැති බැරි අයට වැඩ කියන එක ගන්න බලාගෙනයි
පුද්ගලික අංශයේ රැකියාව කරන අයත් දැන් අමාරුවෙන් ඉන්නේ, ඒ ගැනත් ටිකක් හිතන්න..!
පළමු වසරේ සිට දහතුන් වසර දක්වා එකම මුදලක් දෙන්න එපා, අවශ්‍ය මුදල ගණන් බලා ගෙවන්න. ඒ වගේම මේක සියලුම පාසල් දරුවන්ට දෙන්න, එවිට තමයි නිදහස් අධ්‍යාපනය අර්ථවත් වෙන්නේ.
නුගේගොඩ තියෙන විරෝධාර පාසල් පොත් සමාගමට ගිහින් බලන්න වැට් එක 0 කරත් පිටු 80ක පොතක මිල කොහොමත් 100ට වැඩියි. මොකද කඩදාසි ආනයනය කරන්න ඕනේ ලංකාවේ හදන්නේ ඉතාමත් සීමිත ගානක්. ඕනේ නම් පිටකොටුවේ කඩදාසි මිල හොයලා බලන්න. වැට් නැති වුණත් ඒ ගානටවත් පොත් ගන්න බැරි ගමේ මිනිස්සු ඕනතරම් ඉන්නවා. රජයේ තිබ්බ කඩදාසි කම්හල්, කඩදාසි ප්‍රතිචක්‍රීකරණය හරියට කරා නම් ලංකාවේ කඩදාසි අපනයනය කරන්න වුණත් පුළුවන්.
මාසිකව රුපියල් ලක්ෂයක් ඉක්මවා රබර් තේදලු සුලු අපනයන වලිනුත් ආදායම් ගන්නා සමහර අයටත් අස්වැසුම දෙනවා. එහෙම තියෙද්දි පොත් ගන්න හයදාහකුත් දෙනවානම් හරිද .මේ ආදායම් ගැන සමීක්ෂණයක් කර අස්වැසුම දෙනවා නම් වරදකුත් තිබේද .අවසර ලත් රබර් වෙළෙන්දෝ හරහා තේදලු එකතුකරන අය හා තේ කම්හල් හරහා ඒවා කරන්න බැරිකමක් නැහැනේ