
( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
බණ්ඩාරගම අටුළුගම මහ පල්ලිය ඉදිරිපිට පදිංචිව සිටී අටුළුගම අල්ගස්සාලි විදුහලේ 4 වසරේ ඉගෙනුම ලබන ෆාතිමා ආයිෂා නමැති නව හැවිරිදි දැරියගේ සිරුර මෙසේ සොයාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.
නිවසට මීටර් 200 ක පමණ දුරකින් පිහිටි වෙළද සැලකට පෙරේදා (27) පෙරවරු 10.15 ට පමණ කුකුල්මස් රැගෙන ඒමට ගොස් සිටියදී අතුරුදහන්ව තිබුණි .




COMMENTS
මේ අහිංසක මල් කැකුළ විනාශ කළ තිරිසනාට උපරිම දඬුවම් දිය යුතුයි... හැකි ඉක්මණින්ම සොයා...!
මේ අපරාධය කළ තිරිසනාව අල්ලලා ජනතාව විසින්ම උපරිම දඬුවම් මහපාරේම දිය යුතුය.
මෙහෙම අපරාධයක් කෙරුවේ මොන හිතකින්ද? මිනිස් වෙසින් හිටපු තිරිසනෙක්ගේ වැඩක්... මේ අපරාධය කරපු කෙනාට නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි....
මේ රටේ දරුවන් අනාරක්ෂිතයි. ආගමික ස්ථානවලදී අපහරණය වූ දරුවන් පිළිබඳවත් පුවත් වැඩියි. ළමා ආරක්ෂක අධිකාරියේ මහජන දැනුවත් කිරීම් අඩුයි..
මේ කාලය තුළදී රටේ වෙන සිද්ධි නොදන්නවාද? දෙමව්පියන් මීට වඩා වගකීමෙන් කටයුතු කළයුතුයි. පව් අහිංසක මල්කැකුළ...
අවුරුදු 9ක ළමයෙක් කඩේට යවන දෙමාපියන්ට, හිරගෙයි දමන නීති මේ රටට හඳුන්වා දියයුතුයි.
කාලකණ්ණි, මෙච්චර ඉඳිද්දී ඇයි මේ මල් කැකුළු බිලිගන්නේ...? නිවන් සුව ලැබේවා දියණියේ... මෙවන් අකල් මරණයකට කිසිඳු ආත්මයක ගොදුරු නොවේවා..!
මේක විතරද ලංකාවේ සිද්ද වුණු ලොකුම අපරාධය? මේ තව එකක් විතරයි. අනාගතයට තවත් සිද්දවේවි. ඕවා නවත්වන්න බැහැ. බොරුවට මෙතන බෙරිහන් දෙන්න එපා...!
නිසි දඬුවම් නොලැබීම මෙවැනි අපරාධවලට මුලයි.
බටහිර රටවල් වලට දොස් කිව්වට, ඒ රටවල මේ වයසේ දරුවෙකුට බඩු දෙන්නේ නැහැ බොහෝ වෙලාවට. විශේෂයෙන් මස්, මාලු වැනි දේවල්. වැඩිහිටියෙක් නැතිව විකුණන්නේ නැහැ. අඩුගාණේ අම්මට හිතන්න තිබුණා මොනවා ගේන්නද මේ දරුවා යවන්නේ කියලා යවන්න කළින්. ලස්සන දුවෙක්. හරිම දුකයි. දුවේ ඔයා හොඳ ආත්මයක ඉපදෙන්න.