( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හුදකලා කර තිබෙන අටුලුගම ප්‍රදේශයට ඇතුළු වීමට තිබෙන ආරක්ෂක මුර කපොල්ල අද උදෑසන 14 හිටි හැටියේම ඉවත් කර මද වේලාවකින් නැවත ස්ථාපිත කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි .
අලෝතියාව හන්දිය ඇතුලු අටුලුගමට පිවිසෙන මාර්ග බාධක වල යොදවා සිටි හමුදා සෙබලුන් සියලු දෙනා ඉවත් කර මේ වන විට බේරුවල ප්‍රදේශයට අනියුක්ත කර ඇතැයි දැනගන්නට ඇත.
ඉකුත් මස 26 වෙනි දින අටුලුගම මාරාව ප්‍රදේශයෙන් හමු වූ ප්‍රථම කොරෝනා රෝගියාගේ පියා හා සහෝදරිය එම රෝග ලක්ෂණ පහල කිරීමත් සමග 28 වෙනි දින අටුලුගම ග්‍රාම සේවා වසම් 7 ක් හුදෙකලා තත්ත්වයට පත්කළ අතර එම රෝගියා සමග සමීප ඇසුරක් පැවැත්වූ පුද්ගලයන් 20 දෙනෙකු බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානය නිරෝධායනට ලක් කෙරිණි.
එදින සිට ඊයේ දක්වා එම පුද්ගලයන් වෙතින් කිසිදු රෝග ලක්ෂණ පහල නොවීම හේතුවෙන් ඔවුන් නිවෙස් කරා පිටත් කර හැරිණි.
රෝගීන් 5 දෙනෙකු හමු වීමත් සමගම සෞඛ්‍ය අංශ වල දැඩි අවධානයකට ලක් වූ අටුලුගම හුදකලා තත්ත්වය තවත් දින කිහිපයක් ඒ අයුරින්ම තැබීම වඩාත් සුදුසු බව ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ගේ මතය වී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අටුළුගම අගුළු ඇර ආයෙත් අගුළු දමයි