
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
ලෝකයේ අටවෙනි පුදුමය ලෙස හඳුන්වනු ලබන සීගිරියේ ගල සහ පිදුරංගල ගල පෙනෙන මානයේ සීගිරිය අභයභූමියට මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජය සතු මහා වනාන්තරය හෙළි පෙහෙළි කරමින් ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරමක් මේ දිනවල ජයටම සිදුවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
වසර ගණනාවක සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වුවද යම් මට්ටමකින් එය නැවතී තිබුණ ද යළිත් ඒ ආකාරයටම සීගිරි පව්ව මෙන්ම පිදුරංගල ගල පෙනෙන මානයේ අධිරක්ෂිතයේ වන සතුන්ට සිටින භූමි මේ ආකාරයෙන්ම දිනපතා අත් පත් කර ගැනීම ගහකොළ වැල් සම්පූර්ණයෙන්ම කපා බිම දමා ඒවායේ කුඩා පොල් පැළ සිටුවා වගා කොට ඔවුන් සතු කර ගැනීම ජයටම සිදුවෙන බව ජනතාව පෙන්වා දෙති.
මෙම ජාවාරම සිදුවන ප්‍රදේශවලට කිසිම අයකුට ඇතුල්වීමට නොහැකි වන පරිදි විවිධ තැරැව්කරුවන් අතරමග යොදා මෙම ක්‍රියාවලිය සිදු වේ.
ප්‍රදේශවාසීන් ද මෙම ජාවාරම්කරුවන්ට දැඩි භීතියක් දක්වනු ලබන්නේ ඊට විරුද්ධව කතා කළහොත් ඔවුන්ගෙන් විවිධ හිරිහැරවලට ලක් වන නිසාවෙන් බව ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනතාව සඳහන් කර සිටින්නේ මෙම මහා පරිමාණ පරිසර විනාශය ඉඩම් අත්පත් කර ගැනීම ගහකොළ කපා දැමීම සංචාරක එසේ අල්ලා ගත් ඉඩකඩම් හෝටල්වලට විකුණන බවයි
මේ හේතුවෙන් ඒවායේ සිටි වන සතුන් වන අලින් ගම් වැදී තම ජීවිතවලට තර්ජනය එල්ල කරන බව ඔවුහු චෝදනා කරති.




COMMENTS
ඔය මාලිමාවේ කට්ටිය වැඩ පටන් අරන් තියෙන්නේ. ඒ දවස්වල අධිවේගී මාර්ගයේ තිබ්බ පඬුකරඳ ගහක් අල්ලාගෙන දඟලපු නැට්ටිච්චි කෝ අද? එදා ගෝඨාභය තිබ්බ පාරකට කාපට් දැම්මා කියලා පැයෙන් පැයට බ්‍රේකින් නිවුස් දුන්නු අය කෝ දැන්...? ඕකට කියන්නේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා. ඡන්දේ දුන්නා නම් දැන් කරන්න දෙයක් නෑ...
ඒ වුණාට කමක් නෑ... අපි නම් මාලිමාවට. කොච්චර කැලෑ එලි කරත්, මොන තරම් කප්පම් ගන්න ගියත්, හොර ආචාර්ය අනාචාර්යවරු හිටියත්, උගන්ඩාවේ වගේ අවබෝධෙන් බොරු කිව්වත්, හාල්, පොල් නැතත්, හාල් වලින් කෝටි 200ක කොමිස් ගහ ගත්තත්, ඇමැතිකම් කතෝලික පල්ලියේ අයට විතරක් දුන්නත් අපි නම් මාලිමාවට. ඒකෙ වෙනසක් නෑ.
මෙච්චර දේවල් වෙනතුරුත් බලධාරීන් නිදිබරව සිටින එක තමයි ලෝකයේ අනිත් පුදුමය. අවසාන ගසත් කපා දමලා සියළුම වන සතුනුත් විනාශ කරලා දැම්මාට පස්සේ මිනිහා තේරුම් ගනීවි තමාට සිදු වූ දේ... එතකොට නැවත ගොඩ නැගිය නොහැකි තරමටම ප්‍රමාදයි. ලෝක ප්‍රසිද්ධ අපේ එක් ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් ඔය හරියෙන් කැලෑ ඉඩමක් අරන් තියනවා නේද?
මේ සිංහල අපගේ රටයි, අප ඉපදෙන මැරෙන තුරු දුක් විඳින රටයි. දේශපාලකයෝ, තක්කඩියෝ කරණම් ගහන රටයි... අසරණ අපි හැමදාමත් ඔවුන්ගේ අණසකට යටයි...
බලමු හොරු අල්ලන්න ආලු පොලිස් මාලිමාව මොනවාද කරන්නේ කියලා...?
උනුයි, මුනුයි අවුරුදු 76ක් හොඳින්ම කළා කියලා ඒ වැරැදි නිවැරැදි කරන්න හා වැරැදිකරුවන්ට දඬුවම් කරන්න ආණ්ඩුව ගත් අයත්... එතකොට ඉපැරණි පාරේම යනවාද?
අන්තවාදී කට්ටිය වෙන්න ඕනෑ...!
ඒක තමා අටවන පුදුමය. නීතිය රකින්න ඉන්න අයත් එක්ක එකතුව රටේ ජාතික සම්පත් කොල්ලකෑම... වෙන රටවල නම් මෙලෙස කළොත් ප්‍රජා අයිතිය අහෝසිකර හිරේ දාලා. අපේ රටේ නම් මන්ත්‍රීලා වෙන්න සුදුසුකමක්... බලන්න පසුගිය පාර්ලිමේන්තුවේ සංචිතය. දැනටත් සමහරු ඇති...
අපේ රටේ මෙහෙම ඒව නොවුනොත් ඒක නම වෙනි පුදුමය…!
අවුරුදු 76ක් මේ රට කාපු හොර දේශපාලක හැතිකරේට පක්කලි කම් කරලා, හැම එකටම මේ ආණ්ඩුවටම දොස් කියන සට්ටඹි රාලලා අපේ රටේ ඉන්න එක ගැන නම් මට කිසිම පුදුමයක් නෑ...
මාලිමාවට ජයවේවා...! අනුර කුමාරයාට ජයවේවා...! සීගිරී ගල අවට මාලිමාවේ තගාලාට, කැලෑ පාළුවන්ට ජයෙන් ජයම වී පොහොසත් ජීවිතයක් ලැබී ලස්සන රටක්, හැදේවා...!
සංචාරක කලාප ලෙස අඳුනාගත් ප්‍රෙද්ශ වෙන්න ඇති. මේ කලාප කෙරුවාව වන විනාශයට සහ වනසතුන්ට විනාශය..