IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අගවිනිසුරු පොලිස්පති යාපනේ

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා සමග පොලිස්පති එම්.කේ.ඉලංකෝන් මහතා යාපනයට ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

උතුරේ සමූහ දූෂණයට ලක්වූ දැරියගේ සිද්ධියෙන් පසු උතුරේ කලබල සංසිඳී යාමත් සමග එම තත්ත්වය තවත් වැඩිදියුණු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන අවබෝධයක් ලබාගැනීම මේ ගමනේ අරමුණවිය.

උද්ඝෝෂකයන්ගේ ප්‍රහාර හේතුවෙන් හානියට ලක්වූ ගොඩනැගිලි යථා තත්ත්වයට පත් කරන්නැයිද නීතිඥයන්ට ආරක්ෂාව සලසා දෙන්නැයිද අගවිනිසුරු මෙහිදී පොලිස්පතිට දන්වා ඇත.

උතුරේ විනිසුරුවන්ට නිල නිවාස ඉදිකිරීමට සුදුසු ඉඩම් තෝරා දන්වන ලෙසද අගවිනිසුරු එම ගමනේදී අදාළ බලධාරීන්ට දැනුම්දී ඇත.

 court_lowyer_04 court_lowyer_05

 



අදහස් (0)

අගවිනිසුරු පොලිස්පති යාපනේ

ඉන්දිකා Sunday, 24 May 2015 04:09 AM

පාට කණ්ණාඩි දාගෙන කව්රුවත්මනම් නැහැ හැමෝම බලන්නේ තමන්ට පේන විදියට ප්‍රශ්නය වෙන්නේ අනුන්ට පෙන්නන්න යනවිදිය (ම)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Sunday, 24 May 2015 04:18 AM

මහානාම ගේ මොලේ ආරලා වැඩිය් වගේ, වොෂ් කරලා වැඩක් නෑ (ම)

:       0       0

මහානාම - කඳාන Sunday, 24 May 2015 07:57 AM

සිරිනිමල් හා චානක මහත්වරුනි අද ඉරිදා ප්‍රධාන ජාතික පුවත්පතක මේ ගැන සම්පුර්ණ පිටු දෙකක් දාල තියෙනවා. ඒක කියවලා මාවෙත අදහස් දාන්න. මම පිළිතුරු ලියන්නම්. කොහොම නමුත් මේ රජය වෙනුවෙන් ඔහුගේ දායකත්වය අගය කරමි. (ර)

:       0       0

මංගල Saturday, 23 May 2015 12:21 PM

මෙතන සමහරු පාට කණ්ණාඩි දාගෙන අදහස් පළකරන බව පෙනෙනවා (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 24 May 2015 10:15 AM

සිරිනිමල් හා චානක මෙහි පසු විපරම අද ඉරිදා ජාතික පුවත්පතක පිටු දෙකක විස්තර (බ)

:       0       0

මුබාරක් Saturday, 23 May 2015 03:20 PM

ඉක්මණින් මේ ගැටළුව නිමාවෙයි කියලා හිතනවා (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 24 May 2015 10:56 AM

ප්‍රශ්න දෙස අප බැලිය යුත්තේ අපිට පෙන විදිහට නොවේ , රට ට පෙන විදිහට , සහ පිළිතුරු සැපයිය යුත්තේ අපිට ඕනේ විදිහට නොවේ රට ට වැඩදායි වෙන විදිහටයි. (ත)

:       0       0

අබේරත්න-ටෝකියෝ Saturday, 23 May 2015 05:49 PM

උතුරේ මහ ඇමති කොහෙද? (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 24 May 2015 12:50 AM

හැමදේටම කිසිම සොයාබැලීමකින් තොරව මේ රජය වෙනුවෙන් අදහස් දක්වන බුද්ධිමතුනි , දැන හෝ නොදැන ඔබ කරන්නේ ජාතික අපරාධයකි. මේ ආරම්භයක ආරම්භයක් පමණයි . අපරාධකාරයෝ අල්ලලා නීතිය ඉදිරියට ගෙනා පසු, පොලිසියට , මහජන දේපොළට හා උසාවියට පහරදුන්නේ කවුද? මහජනතාවද? මහජනතාවට එවැනි බලයක් ආරෝපණය කළේ කවුද? මේ පිටුපස සිටින්නේ කවුද? (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 24 May 2015 12:52 AM

මේ ආණ්ඩුවෙන් කෙසේ වෙතත් , අග විනිසුරු ශ්‍රී පවන් මහතා ගෙන් නම් සාදරනයක් බලා පොරොත්තු විය හැකිය. රටේ වාසනාවට , සිංහල ජාතියේ වාසනාවට , අපරාදකරුවන්ව නීතියේ රැහැනට අසු වුනා. නැතිනම් මේ අපරාධයත් අපේ ආරක්ෂක හමුදාව පිට පටවනවා. ජිනීවා ඔන්න මෙන්න තියලා මේ අපරාදය බය නැතිව කලේ හමුදාව පිටින් යවලා ජිනීවා වලට ගෙනි යන්න තමා. සුපුරුදු පරිදි අපේ කන්නාඩිකාරයෝ මේකත් මහින්ද පිට පටවන්න හදනවා. මේ අයගේ මොලේ වොෂ් කරලා තියෙන්නේ මගේ හිතේ . නැතිනම් ඕන එහෙකට මහින්ද ව හෝ ගිය ආණ්ඩුව පටලවා ගනීවිද ? (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 24 May 2015 01:22 AM

කොහොමත් පොඩි මිනිසාට අපේ පොලිසියෙන් සාධාරනය අතීතයේ ඉටුවුණෙත් නැහැ, දැන් ඉටුවෙන්නෙත් නැහැ. ඉදිරියටත් එහෙම වෙයි කියා තමා මෙහි ප්‍රධාන චූදිතයාට යන්න ඉඩදීමෙන් පෙනීයන්නේ. ජනතාව කුපිත වුණේ අන්න එම නිසයි. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 24 May 2015 01:23 AM

මහානාම,මේ සිද්ධිය දඩමීමා කරගන්න බලන්නේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 24 May 2015 12:53 PM

සිරිනිමල් හා චානක මහත්වරුනි, එජාපය වෙනුවන් කතාකරන්න , මහින්ද හිරේ දාන්න කියන්න, පසුගිය ආණ්ඩුව විවේචනය කරන්න, නමුත් බෙදුම්වාදයට වාසිවෙන අදහස් දැක්වීමෙන් ඔබගේ බුද්ධිමත්භාවයවට කැළලක් හා රටට අවැඩක් මිස වෙන කිසිවක් සිදුනොවේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site