IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අගමැතිනිය ’වතුකරයේ ජනතා හඩ’ සංවිධානය හමුවෙයි

(යොහාන් භාසුර)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ වතුකරයේ ජනතා හඬ සංවිධානයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙරට දකුණ හා බස්නාහිර පළාත්වල වෙසෙන ආන්තික ජන කොට්ඨාසයක් වන මලෛහම් වතු කම්කරුවන්ගේ ඉඩම්,නිවාස, අධ්‍යාපන ඇතුළු මූලික අයිතිවාසිකම් සම්බන්ධ ගැටලු පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.

ඉදිරිපත් කෙරුණු දකුණ හා බස්නාහිර පළාත්වල වෙසෙන මලෛහම් ජනයාගේ මූලික ඉල්ලීම් සහිත ප්‍රකාශනය කෙරෙහි අග්‍රාමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමු වූ අතර දරුවන්ගේ පාසල් අධ්‍යාපනය හා වෘත්තීය පුහුණු පහසුකම් සම්බන්ධව සෘජුව මැදිහත් වී කටයුතු කරන බවත්, යටිතල පහසුකම් හා ඉඩම්, නිවාස ගැටලු සම්බන්ධව අදාල අමාත්‍යවරයා වෙත යොමු කර එම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම සාකච්ඡාව සඳහා වතුකරයේ ජනතා හඩ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඇන්තනී ජේසුදාසන් මහතා, වැඩසටහන් අධ්‍යක්ෂිකා රවීනා හසන්ති මහත්මිය, ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක රාජන් මහත්මිය ඇතුළු සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

 



අදහස් (0)

අගමැතිනිය ’වතුකරයේ ජනතා හඩ’ සංවිධානය හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site