( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂය ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) කැඳවු අතර සියලු කරුණු දැක්වීම අවසන් කරමින් එහි තීන්දුව සවස 3.00ට ප්‍රකාශයට පත් කීරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය .
එම වේලාවට පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද පිළිබද තීන්දුව ප්‍රකාශයට පත් කරන බවද විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොණු කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.
පෙත්සම මේ වන විට අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණිනි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.