IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අගමැති මෝදිගෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 270ක ආර්ථික සහන පැකේජයක්

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් කඩා වැටී ඇති ආර්ථිකය ගොඩගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 270ක ආර්ථික පැකේජයක් ක්‍රියාත්මක කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (12) ප්‍රකාශ කළේය.

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ රටම වසා දැමීමේ දැඩි ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් මේ වනවිට සති 8කට ආසන්න කාලයක් මුළුල්ලේ ඉන්දියාව වසා දමා ඇත.

මේ හේතුවෙන් ලොව විශාලතම ආර්ථිකවලින් එකක් වන ඉන්දීය ආර්ථිකය අකර්මන්‍ය වී ඇත.

‘‘මේ ආර්ථික පැකේජය ඉන්දියාවේ ජනතාව වෙනුවෙන්. ඉන්දියාවේ ආර්ථිකය ගොඩනැගීමේ සටන වෙනුවෙන්. ගෘහ කර්මාන්ත, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වෙනුවෙන් මෙම ආර්ථික පැකේජයෙන් සහන සැලසෙනවා’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.

රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම සහන පැකේජය ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10කි. ඉන්දියාව වසා දමා මේ වනවිට දින 50කට ආසන්න කාලයක් ගත වී ඇත.

ඉන්දියාවෙන් අද (12) පස්වරු වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 70,000 ඉක්මවා ගොස් ඇති අතර එරටින් වාර්තා වන මරණ ගණන 2,200 ඉක්මවා ගොස් ඇත.

ඒ.එෆ්.පී. 

055 



අදහස් (3)

අගමැති මෝදිගෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 270ක ආර්ථික සහන පැකේජයක්

chandima Tuesday, 12 May 2020 06:48 PM

එක මිසක්, දැකපු ගමන් මාව අන්ධබුත වෙලා ගිය අපට බිලියන් 270ක් දීල කියල....

:       0       70

Siti Tuesday, 12 May 2020 08:25 PM

අපිත් පුළුවන් විදියට දුන්න..., අපි එයාලා තරම් සල්ලි තියන රටක් නොවෙයි. අනික අපිට චන්දෙටත් මුදල් වෙන් කරන්න ඕනි...

:       37       74

Champa Wednesday, 13 May 2020 02:01 AM

මෙහෙ නම් එහෙම කරන්නේ නැහැ. මේ බර පටවන්නේ වැඩ කරන ජනතාවට. අපේ කොරෝනා ලේකම් පීබී දිහා බලන්න. එයා, වැටුපෙන් වැටුපට ජීවත් වෙන අසරණ රජයේ සේවකයන්ගේ මැයි මාසේ වැටුපත් මංකොල්ල කන්න බලන්නේ. බොහෝ දෙනෙක් අතට මුළු වැටුප ලැබෙන්නෙත් නැහැ. පඩි අරන් සති දෙක යනකොට සුළු සේවකයෝ ණය ඉල්ලන් එනවා. ඒ තරම් අමාරුවෙන් ජීවත් වෙන රජයේ සේවකයන්ගේ වැටුප බය කරලා ගන්න හදනවා. අපේ රටේ නම් ජනාධිපති නෙමෙයි තීරණ ගන්නේ. එයාගේ ලේකම් තමයි තීරණ ගන්නේ. පාලකයින් නොදන්නවා වගේ ඉන්නවා කොරෝනා ලේකම්ට රජයේ සේවකයින්ගේ වැටුප මංකොල්ල කන්න ඉඩ දීලා. මම ඒ ගැන මුලින් මුකුත්ම ලිව්වේ නැහැ. ඒ මොකද කිව්වා නම් මේ රජයේ සේවකයෝමනේ මේ ජනාධිපතිවරයාව බලයට ගෙනාවේ. දැන් කොහොමද ඉස්සෙල්ලම පහර දෙන්න යන්නේ...? රජයේ සේවකයාගේ බඩට. අනිත් එක එක මාසෙක වැටුපක් අරගෙන රටේ ආර්ථිකය කඩා වැටිච්ච එක හදන්න පුලුවන්ද? කිසිම සැලැස්මක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31654 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14099 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11103 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site