(මනෝප්‍රිය ගුණසේකර)
ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයට හේතූව මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා සඳහන් කළේය.
සනත් නිශාන්ත මහතාගේ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති බව අවධාරණය කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ සඳහන් කළේය.
සන්ත නිශාන්ත මහතාට මරු කැඳවූ කොළඹ-කටුනායක ආධිවේගී මාර්ගයේ කෙරළපිටිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධියෙන් අතෘප්තියට පත්වූ බව කියමින් සනත් නිශාන්ත මහතාගේ බිරිඳගේ අයිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් මහතා මෙම සිද්ධියෙන් මියගිය අයගේ මරණයට හේතූව ප්‍රකාශට පත් කරන්නැයි ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රත්වරයා මෙම අනතුරින් මියගිය සනත් නිශාන්ත මහතාගේ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති හෙයින් මෙම මරණයට හේතූව මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි සඳහන් කළේය.
රිය අනතුරක් සිදුවු විට එම ස්ථානය පරීක්‍ෂා කිරරීමට අවශ්‍යතාවයක් නැතත් අනතුර සිදුවු පසුගිය ජනවාරී 24 වැනිදා තමා එම ස්ථානය නීරීක්‍ෂණය කළ බව පෙන්වා දුන් මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඉන් ගැට`ථ අවම කර ගැනීමට හැකියාවක් ලැබුණේ යැයිද අවධාරණය කළේය.
මෙම සිද්ධියේදී මියගිය අයගේ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස කඳාන පොලිස් නිලධාරීන්ට දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරයා ලබන ජුලි මස පළමුවැනිදා මෙම පැමිණීල්ල යළි කැඳමටද නියම කළේය.
2025 දෙසැම්බර් මස 04
254
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
398
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’සනත්ගේ මරණයට හේතූව දැන්ම කියන්න බෑ’’