(යොහාන් භාසුර)

විදේශ සංචාරකයන් 10,014 ක් මෙරටට ඉකුත් (24) දිනයේ පැමිණි බවත් එය මෙරට සංචාරක කර්මාන්ත නැවත සක්‍රීය වීමෙන් පසුව දිනකදී පැමිණි වැඩිම විදේශ සංචාරකයන් සංඛ්‍යාව බවත් ශ්‍රී ලංකා සංචාරක සවර්ධන අධිකාරිය පැවසීය.


මෙම මස 25 වැනිදා දක්වා කාලය තුළ විදේශ සංචාරකයන්  191,018 ක් පැමිණ ඇති බවත් මෙම වසරේ මේ දක්වා කාලයේ මෙරටට විදේශ සංචාරකයන් 399,271 ක් පැමමිණ ඇති බවත් එම අධිකාරිය කීය.
මෙම මස රුසියානු සංචාරයන් 27,909 ක් සහ ඉන්දියානුවන් 26,161 ක් ශ්‍රී ලංකාවට පැමිණි බව ද සංචාරක සවර්ධන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.