
(අංජුල මහික වීරරත්න)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී අද (21) සිදු විය.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අතරවාරයේ මෙම හමුව සිදු විය. මෙහිදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිත්‍රශීලිව පිළිගත් අතර සුහඳ කථා බහකින් අනතුරුව රාජ්‍ය නායක දෙපළ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ ඇමෙරිකා ජනාධිපති ආර්යා ජිල් බයිඩ්න් මහත්මිය ද ඊට එක් වුහ.
COMMENTS
අර අගමැති කාලේ ජෝජ් බුෂ් ජනාධාපති තුමා එක්ක එකට ඉඳලා ලංකාවේ පත්තරවල දැම්මා වගේ පේමන්ට් එකේ ඉඳන් ගත්තු පින්තූර නෙවෙයි නේද? දැන් වයසට ලිහින් ඒවගේ වැඩ කරන්නේ නැහැනේ...!
අයියා මල්ලී වාගේ ..... අයියා මල්ලී වාගේ ........
ht media.un.org/en/webtv
එක්කෙනෙක් ජනතා චන්දයෙන් පත් වුන නියම රාජ්‍ය නායකයෙක් ,අනික දේශපාලන කුනු කූඩෙට විසිඋන ජනතාව ප්‍රතික්ෂේප කරපු බංකොලොත් පීචමෙක්
අනේ රටේ සල්ලි , අතට අත දීල එනව එක්දහස් එකසිය පාරට, අපට හුලං, වෙච්ච සෙතක් නැහැ, ද්වීපාර්ශ්වික, සුහද සාකච්ඡා ,එච්චරයි. හැබැයි සියරටේ සංචාරයක් සඳහා කල ආරාධනය පිලි අරගෙන ඒකනම් කරනව.ඒකටත් අපේ සල්ලි .
ජෝ බයිඩන්ට අපේ බයියාට ගහන්න බැහැ. බලන්න එපායැ අපේ බයියාගේ තේජස... හා
මේක මහලොකු දෙයක් නෙවෙයි. මේ වගේ අවස්ථාවන් වල හැමවිටම සිදුවන සාමාන්‍ය දෙයක්...
බොරු කියන්න එපා.
නියම වයසක ජොඩුව, කරන දෙයක් නෑ
අවලංගු කාසි
ආපෝ අර රතු සාටක කල්ලිය සහ පොළොන්නරුවේ විකට ග්‍රාමයාට වඩා හොඳයි..
ඒ කාලේ ස්වාසිලන්තයේ, උගන්ඩාවේ, කොංගෝවේ ජනාධිපතිලාව පමණක් බැහැ දැකපු, ජනාධිපතිලා හිටපු රටේ, දැන් ඇමරිකාවේ ජනාධිපති වරයාවත් මිත්‍රශීලීව මුණගැහෙනවා. ලංකාවේ ඉන්න බහුතර ගෝත්‍රිකයින් කැමැති ගෝත්‍රික නායකයින්ට.. ඒ ගෝත්‍රිකයින්ට නායකත්වය දෙන්න නම් චණ්ඩියෙක් විය යුතුයි. පපුවට ගසා ගන්නා පුහු දේශප්‍රේමියෙක් විය යුතුයි.. යටත් වැසියන් හතරගාතෙන් වැඳ වැටිය යුතුයි. නිවට ගෝත්‍රිකයෝ, තමන්ගේ ගෝත්‍රික නායකයා ලෝකෙටම ලොක්කෙක් කියා සිතයි. කුමන දේශපාලන මතවාද තිබුණත් වත්මන් ජනාධිපතිවරයාට ගෝත්‍රික ජනතාවගේ ඡන්ද නොලැබුණත්, ලෝකයේ දියුණු රටවල පිළිගන්න හා දේශපාලන දැනුමක් සහිත ලෝකය සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි බුද්ධිමත්, ප්‍රඥාවන්ත නායකයෙක්... නමුත් හොරු, තක්කඩි, පූජකයින්, මදාවියන් රජකරන රටක ඔවුන්ගේ සහයෝගයෙන් තොරව මෙතුමාට මේ රටේ නායකයා වීමට නොහැකි බව අප පිළිගත යුතුයි.
අපේ එක්කෙනා ජානාධිපති උනේ කොහොමද කියල දන්නවා නම් බයිඩන් උන්නැහේ එයා ඉන්න පැත්ත පළාතකට එන එකක් නැහැ. කියන්න බෑනේ. බයිඩන්ගේ රස්සාවටත් අනීද කියල කවුද දන්නේ.
දේශීය මි වෙකුයි ජාත්‍යන්තර .නිමරු යි හබ්බෙවලා අාාන්න ඒහෙම දාන්න..
කිසිම ජනවරමක් නැතිව අරගලයට පින්සිද්ද වෙන්න, දූෂිත දේශපාලුවන් රකින පින් ජනපතියාට ගිය කළ...!