(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැතැයි තමා පෞද්ගලිකව විශ්වාස කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඊළග ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට විකල්ප අපේක්ෂකයෙක් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම වඩාත් සුදුසු බවද අමාත්‍යවරයා කීය.
පොහොට්ටුවට වෙනත් විකල්ප අපේක්ෂයකු සිටින බව තමන්ට නම් පෙනෙන්නට නැතැයිද ඇමතිවරයා කියා සිටියේය.
ඇමතිවරයා මේ බව සදහන් කළේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (28) දින පැවැත්වුනේ ගාලු කොටුවේ පිහිටි හෝල් ඩී ගෝල් ශාලාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව්.., එතකොට තමයි ඔයාලගේ කෙරුවාවල් වහගන්න පුළුවන්...
මේ කතා කරන්නේ කප්පන් අරගෙන උසාවියෙන් දඬුවම් ලැබූවෙක් හොඳද..? තමන්ගේ යැපීමට, ආරක්ෂාවට තවත් හොරෙකුට සපෝට් කරන්න කියලා කියන්නේ...!
ඇයි මහත්තයෝ, අර මාතලේ කෂ්ටිය ඒකත් ඡන්දයෙන් බේබිව යෝජනා කලේ. දැන් ඉතිං බේබිව කරේ තියන් රට වටේ කැම්පේන් එක කරමු වෙන කාටවත් නොකර, හා බොරුද?