
(විමුක්ති එස් රුද්‍රිගු)
මැද පෙරදිග කලාපයට තවත් ඇමෙරිකානු හමුදා භටයින් 5000 කගෙන් පමණ සමන්විත බලඇණියක් යැවීමට තීරණය කළ බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් ප්‍රකාශ කළේය.
එම භට කණ්ඩායමට නාවිකයන් මෙන්ම මැරීන් විශේෂ කාර්ය බළකා සෙබළුන්ද අයත් වනු ඇත.
ට්‍රම්ප් පරිපාලනය මැදපෙරදිග කලාපයට යැවීමට තීරණය කර ඇති බලඇණිය බොහෝ දුරට යූ.එස්.එස් ට්‍රිපොලි බලඇණිය වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ට්‍රිපොලි යනු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ප්‍රවාහනය කරනු ලබන නෞකාවකි. එම නෞකාවට ප්‍රහාරක යුද නෞකා කීපයක් ද අයත්වේ.
මේ වනවිට ට්‍රිපොලි බලඇණිය ජපානය පදනම් කර ගනිමින් ස්ථානගත වී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd