
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල ආලංකුඩාව ප්‍රදේශයෙ පාළු නිවසක පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටින බවට ලැබුන තොරතුරක් මත අදාල නිවස වටලා පරික්ෂා කිරීමේදි එහි රැදි සිටි තරුණ පොලිස් කොස්තාපල්වරයකු අද (23) අත්අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබි ගංජා ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 200ක් සොයා ගත් බව පොලිසිය පවසයි.
ආලංකුඩාව ප්‍රදේශයේ අතහැර දමා තිබු නිවසක තරුණයින් පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඇති බවට නොරෝච්චෝල පොලිසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් අදාල නිවස වටලා එහි සිටි තරුණයින් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් හත් දෙනා අතරීන් හය දෙනෙකු ආලංකුඩාව හා නොරෝච්චෝල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මොවුන් ඒ වන විටත් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර සිට ඇති බව පරික්ෂණවලදි අනාවර්ණය වී තිබේ.
මෙම වැටලීමට නොරෝච්චෝල පොලිසියෙ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එල්.පුෂ්පනාදන් මහතා සමග උප පොලිස් පරික්ෂක අබේසිංහ හා පොලිස් සැරයන් 60956 බංඩාර, පොලිස් කොස්තාපල් 99765 අබේසිංහ 99747 කරුණාරත්න යන නිළධාරීන් වැටලිමට එක්වි තිබුනී.
2025 නොවැම්බර් මස 21
9
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පාළු නිවසක අයිස් ගැසූ කොස්තාපල් සහ 6ක් මාට්ටු
නිහාල් Friday, 23 February 2024 07:26 PM
උපාය දූතයන් කියලා වැඩේ ෂේප් කරගන්න බැරි වෙයිද?