IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


පාඨලී - ඩලස් පිල හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

"දේශය වෙනු­වෙන් එක්වන පිය­ව­රක්"මැයෙන් එක්සත් ජන­රජ පෙර­මුණ එළි­දැක්වූ ප්‍රකා­ශ­නය සහ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහා නිදහස ජනතා සභාව හමුවීමෙන් පසු ප්‍රකාශයක් කරමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව කීය.

නිදහස ජනතා සභාව වෙත වැඩසටහන පිළිගැන්වීම නාවල කොස්වත්ත නිදහස ජනතා සභා කාර්යාලයේදී සිදු කෙරිණි.

නිදහස ජනතා සභාව වෙනුවෙන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ, නීතිඥ සුමිත් විජේසිංහ  මහත්වරු ද, එක්සත් ජනපද පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උප සභාපති, නීතිඥ ශිරාල් ලක්තිලක මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (2)

පාඨලී - ඩලස් පිල හමුවෙයි

Prabha Wednesday, 28 February 2024 12:54 PM

ඔක්කොම එන්නේ ජනාධිපති සිහිනේ .ඒ නිසා හවුලේ ගමන් හරි යන්නේ නෑ

:       0       12

ranjithdann Wednesday, 28 February 2024 01:00 PM

අනේ පව් එහාට මෙහාට පැන පැන ජනාධිපතිවෙන සිහිනයක

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 188 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1145 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site