IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගුවන් මගීන් වෙනුවෙන් සඟරා ගන්න කැබිනට් අනුමැතිය

(ඩයනා උදයංගනී )
 
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවල ගමන් ගන්නා මගීන්ගේ විනෝදාස්වාදය සඳහා භාවිතා කළ හැකි පහසුකම් පිළිබඳ පත්‍රිකා සහ විස්තරාත්මක තොරතුරු ඇතුළත් සඟරා සැපයීම සඳහා විදෙස් සමාගමක් වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන  5.92ක කොන්ත‍්‍රාත්තුවක් (ප‍්‍රසම්පාදනයක්) ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
 
අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එළඹෙන අගෝස්තු මස පළමු වැනිදා සිට වසර තුනක කාලසීමාවක් සඳහා ඉන්ලයිෆ් ඩබ්ලින් නැමති සමාගම වෙත මෙම කොන්ත‍්‍රාත්තුව ලබාදීමට නියමිතය.
 
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට මෙම අනුමැතිය හිමි වී තිබේ.



අදහස් (8)

ගුවන් මගීන් වෙනුවෙන් සඟරා ගන්න කැබිනට් අනුමැතිය

දිලුම් Thursday, 28 June 2018 08:08 AM

සඟරා බල බල යන්නේ නෑ හැම කෙනාම ෂීට් එක ඉස්සරහ තියන ටීවි එක බල බල යනවා.

:       6       63

බද්රානි Thursday, 28 June 2018 08:25 AM

තවත් හොර මගඩියක්? අපිත් ඕනා තරම් විවිධ අයත් ගුවන් සමාගම් වලට අයත් ගුවන් යානා වල ගිහින් තිබෙනවා. මෙවැනි විකාර වලට මුදල් යොදවලා නාස්ති කරන්න තරම් ඒ කිසිවෙක් මෝඩ නැහැ. ගුවන් මගීන්ගේ අසුන ඉදිරිපසින් දිස්වෙන තිරයෙන් තමන්ට කැමති පරිදි චැනලයක් තෝරාගෙන සතුටු වෙන්න තරම් නවීන පහසුකම් ඔවුන් සපයා තිබෙනවා. ජානවලින්ම එන හොරකම හැරුණු විට වෙනත් නිර්මාණාත්මක හැකියාවක් නම් නැහැ.

:       0       69

kamal Thursday, 28 June 2018 08:29 AM

ඩොලර් මිලියන 5.92ක් කියන්නේ රුපියල් මිලියන 950 වගේ. අනේ මන්ද ඕක දුන්නේ නැති වුනොත් මිනිස්සු යන්නේ නැත්ද ?

:       0       36

sanjeewa Thursday, 28 June 2018 09:06 AM

10% අඩුම කොමිස් එක US $ 600,000/- රුපියල් මිලියන 100 ක් විතර. නරක නෑ. කී දෙනෙකුට බෙදුනද දන්නේ නෑ. මේක පාරවල් වලින් ගැහිල්ලට අමතරව.

:       18       145

Rosheen Thursday, 28 June 2018 09:09 AM

කාලානුරුපිව වෙනස් නොවි කරන තවත් වැඩක්. නමුත් කරන්න ඔනා හොදම දේ තමයි, සේෆ්ටි ඉන්ට්‍රඩක්ෂන් විඩියෝ එකක් හදන එක. නමුත් ශ්‍රිලංකන් හැම ගුවන්යානාවකම ඔන් බෝඩ් එන්ටර්ටේන් නැති නිසා කාඩ්එක ගහන එක හරි කියමු. සගරා ගහන එකට රට කම්පැනි නැතුව කරන්න පුලුන් හොදටම. අනික ඇඩ් ⁣ටිකක් අරන් ලස්සනට කරනන් පුලුවන් ලාබත් තියන්. මේක නම් ගේමක්ම තමයි. සුදු අලියාගේ තින්ත ගානවා.

:       27       134

saman - maldives Thursday, 28 June 2018 09:44 AM

ගුවන් මගීන්ට හරියට කන්න දෙයක් දෙන්න. පැය ගණනක් රස්තියාදු වෙලා ගුවන් යානයට නැග්ගම දෙන්නේ මෙලෝ රහක් නැති බනිස් ගෙඩියක්. තේ එකක් ඉල්ලුවම ලැබෙන්නේ එහෙමත් දවසක.

:       0       44

himal Thursday, 28 June 2018 12:24 PM

ලංකාවේ මහා පරිමාණිකව කරන ප්‍රතිසම්පාදන කටයුතු ගණනාවක් වසර ගණනාවක ඉඳන් දිනා ගන්නේ විදේශීය සමාගම්. ඒකට හේතුව දේශීය සමාගම් මේවට අය කරන අධික මිල. ඒ වගේම කොයි සමාගම ගත්තත් කවුරු හරි දේශපාලකයෙක් ඒ දේශීය සමාගම පස්සේ.

:       0       38

lalith Friday, 29 June 2018 06:38 PM

මොන බම්බුවේ සඟරාද? යන හැමෝටම තවත් කිලෝ දහයක් වැඩිපුර ගෙනියන්න දෙනවා කිව්ව නම් රොත්ත පිටින්ම විනෝදාස්වාදය තිබුණත්, නැතත් යන්නේ ඔය ප්ලේන් එකේම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 17 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 261 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 194 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 186 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 414 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 493 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site