ඉන්දිකා රාමනායක
රුපියල් 5000 සහ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 21 සමඟ පුද්ගලයන් දෙදෙනෙකු යාපනය වඩුකෝට්ටේ පොන්නාලෙයි හංදියේ දී අද (11) දහවල් අත්අඩංගුවට ගත් බව වඩුක්කෝට්ටේ පොලිසිය කියයි.
මෙම සැකකරුවන් දෙදෙනා පොන්නාලේ හන්දියේ වෙළෙඳසැල් කිහිපයක් වෙත ගොස් මෙම ව්‍යාජ මුදල් මාරු කරමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොවුන් දෙදෙනා සතුව රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 20 ක් හා දහසේ නෝට්ටුවක් තිබු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේ දී මොවුන් නල්ලූර් ප‍්‍රදේශයේ නිවසක තිබී මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම සඳහා යොදාගෙන තිබු මුද්‍රණ යන්ත‍්‍රයක් හා ලැප්ටොප් යන්ත‍්‍රයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
යාපනය ප‍්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු ගැවසෙන බවත් ඒ සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.
’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ව්‍යාජ නෝට්ටු 21 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට