ලෙබනනයේ බීරූට් අගනුවර, නගර මධ්‍යයේ ඊයේ (4) සිදු වූ දැවැන්ත පිපිරීමෙන් 78 දෙනකු මියගොස් 4,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි එරට වාර්තා සඳහන් කරයි.
බීරූට් අගනුවර, බීරූට් වරායේ පිහිටි ගබඩාවක මෙම පිපිරුම සිදුව තිබෙන අතර එම ගබඩාව තුළ පුපුරණ ද්‍රව්‍ය තිබූ බව දැනට අනාවරණය වී තිබෙන අතර ඒ තුළ සහ ඒ ආසන්නයේ රසායනික ද්‍රව්‍ය තිබී ඇතැයි ද ඇතැම් වාර්තාවල දැක්විණි.
නගර මධ්‍යයේ සිදු වූ මෙම පිපිරුමෙන් කිලෝමීටර ගණනාවක් ඈතින් පිහිටි ගොඩනැගිලිවල ජනේල, වීදුරු පවා බිඳී ගොස් ඇති අතර ඇතැම් ගොඩනැගිලිවල සඳලුතල (බැල්කනි) පවා කඩා වැටී ඇතැයි මෙම සිදුවීම් මාලාව ඇසින් දුටුවන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
පිපිරීමෙන් සිදුවූ මරණ ගණන සහ තුවාල ලැබූවන්ගේ ගණන මීට වඩා ඉහළ යා හැකි බවත් සහන සේවකයන් සහ මුදා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් අතර සිර වී සිටින පිරිස් බේරාගනිමින් සිටින බවත් ලෙබනන බලධාරීහු කීහ.
වසර ගණනාවකට පසු ලෙබනන අගනුවර සිදු වූ දැවැන්තම පිපිරීම මෙය වන අතර මේ හේතුවෙන් ලෙබනන ආර්ථිකයට සහ සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි පැවසේ.
ලෙබනනය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන රටක් වන අතර නව කොරෝනා වයිරස වසංගතයෙන් පීඩා විඳියි. පසුගිය කාලයේදී ද ලෙබනයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබිණි.
පොහොර සහ බෝම්බ නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750කට ආසන්න ප්‍රමාණයක් එම ගබඩාවේ තිබී ඇතැයි ලෙබනන ජනාධිපති මිචෙල් ඔවුන් පැවැසීය. “වසර හයකට ආසන්න කාලයක් එම පුපුරණ ද්‍රව්‍ය එම ගබඩාවේ තිබී ඇතැයි ද, එය පිළිගත නොහැකි” යැයි ද හෙතෙම කීය.
ලෙබනන ජනාධිපතිවරයා අද (5) හදිසි කැබිනට් හමුවක් ද කැඳවා තිබූ අතර සති දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු යැයි ද ඔහු කීවේය.
“අපිට දකින්න තියෙන්නේ මහා විනාශයක්” යැයි ලෙබනන රතු කුරුස සංවිධානයේ ප්‍රධානී ජෝර්ජ් කෙටානි ‘මයාඩීන්’ පුවත් සේවයට පැවැසීය. “හැමතැනම මළසිරුරු, හැමතැනම තුවාලකරුවන්” ඔහු කීය.
මෙම පිපිරුම සිදුවූයේ ලෙබනන වේලාවෙන් පස්වරු 6ට පමණය. පිපිරුමෙන් පසු වරාය දිස්ත්‍රික්කයේ විශාල ගින්නක් ද ඇති වූ අතර රාත්‍රී අහස තැඹිලි පැහැයක් ගත් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. හෙලිකොප්ටර් යානා පැමිණෙමින් ජලය ඉසිමින් ගින්න පාලනය කිරීමට උත්සාහ ගන්නා අයුරු ද නගරය ද සෑම තැනම ගිලන් රථ ගමන් කරන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් ද පිරී තිබූ රෝහල්වල පිපිරුමෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රමාණවත් පහසු නැති බව ද වාර්තා විය. බීරූට් නුවර පිහිටි රෝහල්වල ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් නගරයෙන් පිටත රෝහල්වලට තුවාලකරුවන් රැගෙන ගිය බව ද ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
රොයිටර්
055
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පිපිරීමෙන් මිය ගිය ගණන 78 දක්වා ඉහළට