IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘විෂ පොල්තෙල් ජනතාවට කවන්නේ නෑ‘‘

(යොහාන් භාසුර)

පරිභෝජනයට නුසුදුසු ආනයනික පොල්තෙල් කන්ටේනර් ආනයන කළ සමාගම්වල ගුදම්වලට යොමුකළ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවීප්‍රිය මහතා අද (24) පස්වරුවේ පැවසීය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන්ස් රසායනික ද්‍රව්‍ය ඇතුළත්ව තිබේද යන්න පරීක්‍ෂා කිරීමට දවස් කීපයක් ගතවන නිසා අදාල කන්ටේනර් ආනයනික සමාගම්වල ගුදම් වලට නිකුත් කළ බවයි.

එම සමාගම් දෙක ආනයන කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන්ස් රසායනිකය අඩංගු යැයි මේ මස 4 වැනිදා රේගුව දැනුවත් වූ බවත් එම පොල්තෙල් තොගය වාහාම ප්‍රතිඅපනයන කරන ලෙස අදාල සමාගම් දෙකට දැනුම් දුන් බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.

එම සමාගම් දෙකෙන් ආනයන කළ රසායන ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් පරිභෝජනය සඳහා නිදහස් වී නොමැති බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීය.

 

 

 

 



අදහස් (22)

‘‘විෂ පොල්තෙල් ජනතාවට කවන්නේ නෑ‘‘

Aba Thursday, 25 March 2021 01:49 AM

ලංකාවේ නිෂ්පාදනය කරන පොල්තෙල් වුණත් විෂ වෙන්න පුළුවන්. ඒවායේ ප්‍රමිතිය පරික්ෂා කළ යුතුයි.

:       0       3

දිමුත්Friday, 26 March 2021 06:45 AM

හරියට හරි.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 March 2021 03:01 AM

ජනතාව මේ රටේ පොල්තෙල් පාවිච්චි කළත්, ඒ කන්නෙත්, ෆාම් ඔයිල් කලවම් කරපුවා. පොල් ගෙඩියක් ගෙදර හිඳලා මේ දෙකේ වෙනස බලන්න. යුද්ධයට දක්ෂ නිලධාරීන් සිවිල් පරිපාලනයටත්, ඒ විදිහටම දක්ෂ වෙන්න පුලුවන්ද? අනේ මන්දා මේවා... මේ රටේ බොහෝ කෑම වලට වසවිස දානවා. කහකුඩු, මිරිස්කුඩු, ඩයි කරපු හාල්, ෆෝමලින් ගැසූ මාළු, ආදාහනාගාර වල වේලපු කරෝල ඇතුළු බොහෝ ජරාව තමයි මිනිසුන් කන්නේ. මොනවා කරන්නද? ඒක තමයි රටේ නැති ලෙඩ හැදෙන්නේ.. කෑම බීම වලට වසවිස දාන අය අල්ලා උල ඉන්දන නීතියක් ගේන්න ඕනේ.

:       0       11

සිරිබිරි Thursday, 25 March 2021 03:47 AM

තාවකාලිකව වෙන්න ඇති... නේද?

:       1       17

PRABHASHThursday, 25 March 2021 11:26 AM

කොමිසමක් වගේ එකක් දැම්මා නම් පස්සේ කවන්න පුළුවන්...

:       0       7

තාරක Thursday, 25 March 2021 05:06 AM

අදාල ආයතන දෙකේ නම් හෙළි නොකරන්නේ ඇයි?

:       0       21

සෙනෙවිරත්න Thursday, 25 March 2021 02:32 PM

දන්නේ නැද්ද, අර සීනි, සීනි අන්න ඒක...

:       0       5

thusharaFriday, 26 March 2021 06:34 AM

වාසනාව තියෙන තෙල් ගන්න එපා...

:       0       1

sena Thursday, 25 March 2021 05:09 AM

එතකොට ඒ සමාගම් දෙකට ගත්ත නීතිමය පියවරක් නැද්ද?

:       0       19

Kamal Koyrala Thursday, 25 March 2021 05:14 AM

පොල් අක්කර ගණන් කපන එකේ විපාක ජනතාවට විඳින්න වෙලා තියෙන්නේ. මෙය ජනතාවට අමතක වූ සැණින් වෙළඳපළට නව නීති මගින් ලංකාවට ගෙන්වනු ලබන සෑම ද්‍රව්‍යයකටම රේගුවෙන් නිදහස් කිරීමට ප්‍රථම පාරිභෝගික අධිකාරිය සහ ප්‍රමිති ආයතන සහතික ලබාගත යුතුයි කියා නව නීති පැනවිය යුතුයි.

:       0       20

aseThursday, 25 March 2021 07:32 AM

"පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් නිදහස් කෙරුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරාගේ නියෝගය මත බව ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය අනාවරණය කරයි."

:       0       13

sachith Thursday, 25 March 2021 05:57 AM

මේ කියන්නේ මොකක්දකියලා තේරෙන්නේ නැහැ. "ප්‍රතිඅපනයන කරන ලෙස අදාල සමාගම් දෙකට දැනුම් දුන් බවත්...",ඊට පස්සේ එයාම පරීක්ෂා කරනවද? ඉස්සර සතොසේ හිටපු කීර්තිමත් සභාපති කෙනෙක් කිව්වා නේද? ... දැන්මේකේ විෂ රසායනිකය මේකෙ නැහැ කියලා. කරුණාකර මේ සමාගම්වල නම් හෙළි කරන්න. විශේෂයෙන්ම ආහාර සම්බන්ධ දේවල්වලට..

:       0       10

Suranjith Thursday, 25 March 2021 06:09 AM

කඩේ නොයන මාධ්‍යකරුවෙක් නම් ඇයි මේ ආයතන දෙකේ නම් හෙළි නොකරන්නේ?

:       1       11

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 25 March 2021 08:11 AM

රටේ නීති රාමුව තුළ ඊට පිටින් යාමට මාධ්‍යකරුවාට බැහැ. එසේ නම් දැමීමට හැකිවනුයේ, වරද හරිහැටි පරීක්ෂණයකින් ඔප්පු වුවහොත්, පමණයි. එසේ නොමැතිව නම් දැමීම කළහොත්, අදාළ සමාගම් නීතිමය පියවර ගන්නවා. ඒ නිසා මාධ්‍යවේදීන්ට කළහැකි සීමාවන් තියෙනවා. ඒකට තමයි, රජය හා අදාළ ආයතන තියෙන්නේ. මාධ්‍යකරුවන්ගේ කැපවීම නැතිනම්, මේ රහස් යටයනවා. ඔවුන් නිසා තමයි මේවා එළිවෙන්නේ....

:       0       12

කුසල් Thursday, 25 March 2021 06:42 AM

ඒ ඒ කාලවලදී කුමක් හෝ සංකල්පයක් එළියට එනවා. මෙයත් එවන් දෙයක් වගේ. මෙයද සැලසුම් සහගතව නිර්මාණය කළ තවත් කතාවක් පමණක් වගේ. දේශීය පොල්තෙල් වලට ඉහළ අගයක් නම් මින් ලැබෙනු ඇත.

:       1       4

බන්දු Thursday, 25 March 2021 07:06 AM

ලෝකයේ උතුම් රට කියලා ගීත ගැයුවාට ලෝකයේ වැඩිම වස කවන රට ශ්‍රි ලංකාව... පව් අසරණ මිනිසුන්.

:       1       11

Rasika Thursday, 25 March 2021 07:55 AM

පාරිභෝගික විධිමත් පරීක්ෂණයකින් පසු මිලදී ගන්න.

:       0       7

Aba Thursday, 25 March 2021 09:26 AM

දේශීය පොල්තෙල් වුණත් නිසිපරිදි පිරිපහදු නොකළොත් ඔය කියන විෂ රසායනිකය තියෙන්න පුළුවන්...

:       1       5

siri Thursday, 25 March 2021 10:48 AM

මේ වැඩේටත් අර "සීනි හොරකමෙන් බිලියන 15 ක් රටට අහිමි කල" බව කියන ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ මිතුරු මුදලාලි සම්බන්ධයි කියනවා නේද ?

:       1       12

සෙනෙවිරත්න Thursday, 25 March 2021 02:34 PM

මේවා පිළිගන්න කියලද කියන්නේ...? අල්ලපු කුඩු ආපහු දෙන රටක් මේක...

:       0       7

විපරමා Thursday, 25 March 2021 06:01 PM

කවලා තියෙන වීෂ, කවන විෂ ගැන කවුද නොදන්නේ? මෙයාලා වගේ බොරු කියලා ජනතාව ගොනාට අන්දවපු එවුන් ලොවෙන් නැතුව ඇති .

:       0       4

මෝ Friday, 26 March 2021 08:13 PM

මොකද්ද මේ හතරබීරි කතාව? රේගුව කියනවා ගුදම් වල තියෙනවා විෂ පොල්තෙල් කියලා. ප්‍රමිති ආයතනය කියනවා ආපු හැම, තොගයක්ම පරික්ෂා කළා. විස පොල්තෙල් නෑ කියලා. ප්‍රමිති කාර්යාංශයත් හොඳ ගානක් ගහගෙන බඩු රිලීස් කරලා වගේත් පේනවා. කොහොමත් දැනට මාකට් එකේ පොල්තෙල් පාවිච්චි කරන්නේ පරිස්සමින්... විශේෂයෙන් පොඩි දරුවන්ට.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 0 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 5 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 227 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 457 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 262 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 230 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site