IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රන්ජන්ගේ මන්ත්‍රී ධූරය ගැන මහලේකම්ට කළ නියෝගය මාර්තුවට දිර්ඝ කරයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන්  කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්ට කළ නියෝග ලබන මාර්තු16 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (11) තීන්දු කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඬුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා, තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සළකා බැලූ අවස්ථාවේ දී අදාළ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලදී.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැදවිණි.

පෙත්සම්කාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බවට මෝසමක් මගින් අධිකරණයට අද දැනුම් දුන්නේය.

එම කරුණු සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ලබන 16 වැනිදාට කල් තැබූ අතර එදින තෙක් පෙත්සම්කාර රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරයා ලබා දී තිබූ නියෝගය දීර්ඝ කළේය.

 

විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් රංජන් රාමනායක මහතා  ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

2020 අගෝස්තු 05 මහමැතිවරණයෙන් සමගි ජනබලවේගට පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් තමාට ඉකුත් ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව සිර දඩුවම් නියම වුවද ඉන් දින 4 කට පසුව ඉකුත් 19 වැනිදා තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නට පළමු වගඋත්තරකාර පාර්ලිමේන්තු මහලේකම්වරයා කටයුතු කරන බව තොරතුරු මගින් දැනගන්නට ලැබුණු බවද ඔහු කියා සිටී.

එසේ කළහොත් එය නීතිවිරෝධී බවත් , පාර්ලිමේන්තු මහලේකම්වරයා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද රංජන් රාමනායක මහතා සිය රිට් පෙත්සමින් ඉල්ලා තිබිණි.

 



අදහස් (6)

රන්ජන්ගේ මන්ත්‍රී ධූරය ගැන මහලේකම්ට කළ නියෝගය මාර්තුවට දිර්ඝ කරයි

Rata Perata Thursday, 11 February 2021 07:23 AM

නන්දසේනගේ පැත්තේ අයට තේරෙයි උසාවි යන්න වුණොත්..

:       4       27

BamunuarachchiSunday, 14 February 2021 06:13 AM

වෙන යන්න උසාවියක් නැහැ... ඉහළම උසාවියෙන් දඬුවම දීලා තිබෙන්නේ. අපි අල්පොන්සෝ පොල්ලෙලි තලන හැටි බලන්න ඉන්නේ...

:       0       0

සිරා Thursday, 11 February 2021 09:50 AM

මිනිහෙක් මරලා හිරේ ගියා නම් ඔය කිසි අවුලක් නැහැනේ. මාර වැඩක් තමයි ලංකාවට වුනේ....

:       3       21

දිමුත් Thursday, 11 February 2021 12:14 PM

ඇයි මේ මනුස්සයාට මෙච්චර බය?

:       2       7

BamunuarachchiSaturday, 13 February 2021 03:02 AM

කව්ද බය? අල්පොන්සුලාව ගෙන්න ගන්න ඕනේ තැන් තිබෙනවා.. ඒ තැන් අපිට සුදුසු නැහැ පාර්ලිමේන්තුවට අල්පොන්සොලාව ගෙන්න ගන්න සුදු තැනක් නොවෙයි. සුදුසු තැනට යවලා තිබෙන්නේ. ඒකයි මේ ජරමර.

:       0       0

BamunuarachchiSunday, 14 February 2021 06:10 AM

බයයි, හිරිකිතයි කියන්නේ දෙකක්. බයටත් එපා... තියෙන හිරිකිතයටත් එපා කියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 21 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 48 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 211 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 358 1

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 182 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 417 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1561 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site