වැඩ වර්ජනයේ යෙදීසිටින විදුලිබල සේවකයින් සමඟ සාකච්ඡාකිරීමට සුදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වැඩවර්ජනයේ යෙදී සිටින සේවකයින්ට දැනුම්දී තිබේ.
මෙම සාකච්ඡාව අද සවස 5.00 ට අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
වැඩවර්ජනයේ යෙදී සිටින ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සේවක සන්ධානයේ සියලුම වෘත්තිය සමිති නායකයින් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය , නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා , අමාත්‍යංශ ලේකම්වරයා මෙම සාකච්ඡාවට සහභාගීවීමට නියමිතය.
044
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd