දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට අද පැවැති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී තිබේ.
එම කාර්යාලය සඳහා මේ වන විට ලැබී ඇති පැමිණිලි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සහ පොලිස්පතිට යොමු කිරීමට ද අද තීරණය කර ඇත.
කෙසේ වෙතත් අගමැති රනිල් වික්රමසිංහ ප්රමුඛ පිරිසක් කියා ඇත්තේ මෙම කාර්යාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීම සුදුසු බවයි. ජනාධිපතිවරයා ඇතුළු තවත් පිරිසක් පෙන්වා දී ඇත්තේ එය තවදුරටත් පවත්වාගෙන යෑමෙන් පළක් නැති බවයි.
අවසායේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට කැබිනට් මණ්ඩලය පොදුවේ එකඟත්වය පළ කර තිබේ.
044
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් පැරණි ආණ්ඩුවේ දූෂණ චෝදනා ලැබිලා ඉවර ඇති. තව දුරටත් ලැබෙන්න තියෙන්නෙ මේ ආණ්ඩුවෙම චෝදනා නිසා වසා දැමීම නුවණට හුරු හැමෝම ඒකමතිකව තීන්දු කරලා. කොහොම ද “අපි වෙනුවෙන් අපි“ ?
ඕකට තමයි හොරගල් අහුල අහුලා හිටියේ... දැන් ඉතින් ඔක්කොටම නින්ද යාවි සුබ රාත්රියක්...
හොරාගේ අම්මාගෙන් පේන ඇහුව වගේ නෙමේ.... මේ කෙලින්ම අම්මල මහා ජනතාවට පේන බලවනවා.
ජනාධිපතිතුමාට දැන් තේරුණා වගේ අගමැතිතුමා සමග දූෂණ, වංචාව මර්ධනය කිරීමේ කටයුත්තට යන එක පළක් නැති බව....