කාබුල්හිදීය (රොයිටර්)
තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ උතුරුදිග කුන්දූස් පළාතේදී බස් රථ තුනක් නවත්වමින් එහි සිටි මගීන් පැහැර ගෙන ඇතැයි රාජ්ය නිලධාරියෙක් පැවැසීය.
ඇෆ්ගන් රජය තලේබාන් සංවිධානය සමඟ සටන් විරාමයක් ප්රකාශයට පත්කර දිනකට පසුව මෙම පැහැර ගැනීම සිදුවිය.
තක්හාර් පළාතේ සිට ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට පැමිණෙමින් තිබූ බස්රථ තුනක් නවත්වමින් මෙම පැහැර ගැනීම සිදුව ඇතැයි කුන්දූස් ආණ්ඩුකාරවරයාගේ ප්රකාශයකු වන ඉස්මතුල්ලා මුරාදි පැවැසීය.
“තලේබාන් සටන්කාමීන් බස් රථ නැවැත්තුවා. බලහත්කාරයෙන් මගීන් බස්වාගෙන ඔවුන් වෙනත් තැනකට රැගෙන ගිහින්” යැයි හෙතෙම කීය.
ඊද් අල් අදාහ් උත්සවය සැමරීම වෙනුවෙන් ඇෆ්ගනිස්තාන ජනාධිපති අෆ්රෆ් ඝානී මාස තුනක තාවකාලික සටන් විරාමයක් ප්රකාශයට පත් කළේය. කෙසේ නමුත් බටහිර සහ නේටෝ සංවිධානයේ සහාය ලබන ඇෆ්ගන් ආරක්ෂක සහ තලේබාන් සටන්කාමීන් අතර ගැටුම් උත්සන්න වී තිබේ.
දින හතරක තාවකාලික සටන් විරාමයකට තම නායකයන් ද එකඟතාව පළ කර ඇතැයි තලේබාන් ආරංචි මාර්ග සඳහන් කළත් ඔවුන්ගේ උත්තරීතර නායකයා වන ෂීක් හයිබතුල්ලා අකුන්සාදා තවමත් ඊට අනුමැතිය දී නැත.
අත්අඩංගුවට ගත් සිරකරුවන් නිදහස් කරන බව ද වැඩි විස්තරයක් ප්රකාශයට පත් නොකරමින් තලේබාන් සංවිධානය සඳහන් කර තිබිණි.
බස්රථවල ආරක්ෂක අංශ සහ පොලිස් සාමාජිකයන් ද සිටි බවත් සිය ගණනක් තලේබාන් සංවිධානයේ අත්අඩංගුවට පත්ව ඇති බවත් තවදුරටත් වාර්තා විය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදීන්ට පිළිතුරු දිය යුත්තේ අවියෙන් මිස සාමයෙන් නොවේ. මොකද අන්තවාදීන් සාමය කියන්නේ මොකක්ද නොදනී නමුත් ඔව්න් සාමයේ ආගම අදහති.