ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී)
වගකීම් විරහිත ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම අනතුරුදායක බව බී.බී.සී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පවසා තිබේ.
පසුගිය ජනවාරි මාසයේදී ජනාධිපතිධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කර තිබේ. මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවා ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ පස්වැනියට කිරුළට උරුමකම් කියන හැරි කුමරුය.
මෙම සම්මුඛ සාකච්ඡාවේදී බැරැක් ඔබාමා ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ට්විටර් සමාජ ජාල භාවිතය සම්බන්ධයෙන් ද අදහස් දක්වා තිබේ. එහෙත් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නම සඳහන් නොකිරීමට ඔබාමා පරෙස්සම් වී තිබේ.
වගකීම් විරහිත ලෙස සමාජ ජාල මාධ්‍ය භාවිත කිරීම තුළින් වැරැදි තොරතුරු ජනතාව අතරට යන බවත් සංකීර්ණ කරුණු කාරණා තේරුම් ගැනීමට ජනාතවට තිබෙන හැකියාව දුර්වල වී යන බව ද ඔබාමා එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත.
“ඇතැම් කරුණු සම්බන්ධයෙන් ජනතාවට වෙනස්ම දෙයක් අවබෝධ වීමේ හැකියාව අන්තර්ජාලයේ තිබෙන බියකරුම දෙයක්. අන්තර්ජාලයේදී එකිනෙකාට තිබෙන පක්ෂපාතීත්වය අනුව තොරතුරු නිර්මාණය විය හැකි” යැයි ඔබාමා පවසා තිබේ.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd