(ආරියරත්න රණබාහු මඩකලපුවේ සිට.......)
‘සමහරු මගෙන් අහනවා 2020 දී විශ්‍රාම යනවාද කියලා . සමාජ වෙබ් අඩවි වලත් ඒක යනවා. ඒත් මට 2020 විශ්‍රාම යන්න කලින් කරන්න වැඩ බොහෝමයක් තියෙනවා. යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය
මඩකලපුව චෙන්කලඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැයි රැලිය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.
වැඩිදුරත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
අවංක දේශපාලනඥයෝ ලංකාවේ කීයක් ඉන්නවද? හොරකම් කරපු නැති කී දෙනෙක් ඉන්නවද? සමහරු 2020 දී බලයට එන්න හීන දකිනවා. ඒත් නිසි වැඩපිළිවෙලක් නැහැ.
මේ අය රටේ දුප්පත් ජනතාවගේ හැගීම් තේරුම් ගන්න ඕනි. දේශපාලන නාඩි වැටෙන හැටි තේරුම් ගන්න ඕනි .සුරංගනා ලෝක ගැන ගොඩක් දෙනාට කතා කරන්න, හීන දකින්න පුළුවන්. දුප්පත් ජනතාව ගැන ඒ අයට කැක්කුමක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී ජාතික සමගිය සංහිදියාව ඇති පැහැදිලි වැඩපිළිවෙලක් ඇතිව ඉදිරියට එනවා. ඒ අලුත් වැඩපිළිවෙළට සහය දෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.‘
රජයේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිණී ගීතා කුමාරසිංහ මහත්මිය මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවති සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහ
ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය වෙනුවෙන් මහනුවර මධ්‍යම වෙළඳපොල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් රතිඤ්ඤා විශාල ප්
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ වසර 4 ක ධුර කාලයෙන් දින 532 ක් සාමාන්‍ය නිවාඩු දින ලෙස ලබා ගෙන ඇති බවත් එය ඇමෙරිකානු සාමාන්‍ය කාර්යාල සේවකයකු වසර 48 කදී
සමගි ජන බලවේගයේ හිටපු මන්ත්රීනී තලතා අතුකෝරල මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා වැලිමඩ ජනපතිවරණ රැළියට සහභාගී විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක
යම් අපරාධයක් කිරීමට පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
‘2020 දී විශ්‍රාම ගන්නේ නෑ‘ - ජනපති මැයි රැලියේදී කියයි
Adam Monday, 07 May 2018 12:48 PM
මේකා අපේ රට දැනටමත් විනාශ කරලා කිසිම දැනීමක්, තේරුමක් නැති අය.... හැමදෙයක්ම දැනගන්නේ ඉතින් පත්තරෙන්නේ.. බලාගෙන ඉන්න 2020 අඩු නැතිව මිනිස්සු ඡන්දේ දේවි.... සිරිසේනට ගෙදර යන්නේ වෙන්නේ අමුඩ ලේන්සුව පිටින් තමයි.
JilpappaTuesday, 08 May 2018 12:20 AM
2015 දී විශ්‍රාම ගිය අයත් විශ්‍රාම වැටුප අරගෙන තවත් වැටුප් ලබන රැකියාවල් කරන්නේ.
සේනක Tuesday, 08 May 2018 05:43 AM
කවදා හරි මේයත් එලියට ගිය දවසට ඔයටිකම තමයි මාහත්තයො. අපේ රටේ දේශපාලුවො ටික කවදාද කියපු දෙයක් හරියට කලේ. රටේ ජනතාවයි, සංවර්ධනයයි පැත්තක තියලා ගසා කාපු එක හරියට කියලා. ඔතෙන්ට එන එක්කෙනෙකවත් නොකා ඉන්නේත් නැහැ .නොකා යන්නේත් නැහැ. බලයට පත් කරලා යවන අපි තමයි මොඩයො.
RaveendraTuesday, 08 May 2018 10:52 AM
කිවුවා තමයි නැවතත් නො ඉල්ලනවා කියා.... එනමුත් එය නිසා අපි හොදහැටි කන බොනවා... දැන් දැන් "මචෝ" හොදහැටි කට පිනවනවා.... මැරෙන තුරා මං ඉන්නවා පුටුව බලා....
hewawitharana Monday, 07 May 2018 12:59 PM
ඕකට කියන්නේ රසේ රඟේ තමයි.
Raveendra Monday, 07 May 2018 01:02 PM
හුරේ...!!! මේ එන්නේ කබරගොයයි, තලගොයයි මල්ලෙන් එළියට...
Mahee Monday, 07 May 2018 01:09 PM
බැරි වෙලාවත් රටේ මිනිස්සු එකතුවෙලා විශ්‍රාම යැව්වොත් මොකද? අපි හිතන්නේ නම් දැන් ඉන්න 225 න් එක්කෙනෙක් දෙන්නෙක් ඇර අනික් කට්ටිය විශ්‍රාම යනවා නම් රටට ලොකු සෙතක් කියලයි. ඒත් බයවෙන්න දෙයක් නෑ. අපි ආයෙත් සේවා දීර්ඝ ලබා දෙනවා ඔය ඔක්කොටම... දීලා ඊට පස්සේ බැන බැන ඉන්නවා තව අවුරුදු 5 ක්. අපි හරි ආසයි එහෙම අපිම බලේට ගෙනැල්ලා ඊට පස්සේ බැන බැන ඉන්න වැඩේට...
V.warnakulasuriya Monday, 07 May 2018 01:57 PM
අපිට දැන් වෙලා තියෙන්නේ පුරුද්ද අත්හැර ගන්න බැරිකම... ඡන්ද අයිතිය ලැබී තියෙන්නේ පොඩි විනෝදයක් ගන්න. තේරුමක් නැහැ. එ්ත් කරනවා.
සේනක Monday, 07 May 2018 01:13 PM
ඇයි ජනාධිපතිතුමා, ඔබතුමා 2015දී බලය ගන්න කලින් කිව්වේ මේක මගේ පළමු ජනාධිපතිවරණය වගේම, අන්තිම ජනාධිපතිවරණයත් මේක කියලානේ. ඇයි දැන් ඊලඟ මැතිවරණය කිට්ටු වෙනකොට අදහස් වෙනස් කලේ? ඒකනේ ජනාධිපතිතුමා කියන්නේ බලය ලැබුණට පස්සේ කනකොට රසවත් කියලා. ඔබතුමා යහපාලනයේ නායකයා හැටියට මෙතෙක්කල් බලයේ ඉදලා කියපු දෙයක් හරියට කරපු තැනක් කියන්න. ඕක තමයි ජනාධිපතිතුමා කියන්නේ හොරු අල්ලනවා කියලා. අැවිල්ලා මගේ අයත් හොරු කියලා ඔප්පුකරලා, මමත් ඒකේ කොටස් කාරයෙක් කියලා ඔප්පු වුනේ. ජනාධිපතිතුමා කොහොම හිටං කිව්වත් ඕක තමයි ඇත්ත කතාව...
Sunil Monday, 07 May 2018 07:19 PM
2015 දී ඔය කතාව කියනකොට අපිට නම් පොඩි සැකයක් තිබුනා එකේ සත්‍යතාව ගැන. බලයේ රස දැනුනු මිනිහෙක් ඉන්නවද අස්වෙලා ගෙදර ගිය?
Gon Aliya Monday, 07 May 2018 01:22 PM
ඇයි තවම වැඩ පටන්ගත්තේ නැද්ද? නැතිනම් තව විනාශ කරන්න තියෙනවද? රටේ දුප්පත් ජනතාවගේ හැඟීම් තේරුම් ගන්න කොච්චර කල් යයිද? මෙච්චර කල් මොකද කලේ?
V.warnakulasuriya Monday, 07 May 2018 01:37 PM
2020 වෙනකම් හොරු සහ අපරාධකරුවන් ආරක්ෂා කරනවා වගේම 2020න් පසුවත් එය ඉටුකිරීමට අප සැමගේ සහයෝගය ඔබතුමාට ලබාදීමට අපි කැපවෙමු.
Thilina Monday, 07 May 2018 01:42 PM
ඔහොම හිතාගෙන හිටපු මහින්ද මහත්තයාත් ගෙදර ගියානම් ඔයා කවුද? මොකො රටට වැඩක් කරලද ඔයාව බලෙන් තියාගන්න.. 2020 නෙමෙයි හෙට ඔයාව ගෙදර යවන්න තිබ්බානම් මිනිස්සු මෙලහකටත් ඒක කරලා.. තවත් රට විනාශ නොකර යන්න.
sisira Monday, 07 May 2018 01:45 PM
3% ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන 2020න් පස්සේ මොනවා කරන්නද දන්නේ නෑ යන්නේ? අනේ පව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිහිදන් කරලා හුදෙකලාව විරාම සුව විඳින්න අපි ප්‍රර්ථනා කරනවා... රට නැතිකෙරුවට ඔබට ස්තුතියි.
සනත් ඉතාලිය Monday, 07 May 2018 07:14 PM
සතුටුදායක ආරංචියක් නිකන් විශ්‍රාම යනවට වඩා කොච්චර හොඳද. ඕවා හිත නිවන කතා මේ අවුරුදු එකහාමරාත් ඕවා කියා කියා ඉන්න.
sanath Monday, 07 May 2018 07:24 PM
මෙතුමාට දොස් කියල වැඩක් නැහැ. එතුමා ලිහිල් වැඩියි. බලයට ආවගමන්ම තරහ කාරයෝ ඔක්කොම ඇදගෙන ගිහිල්ල කූඩුවට දමන්න ඕන කියල හිතුවේ නැහැ. ඔය දැන් උඩ පැන පැන කෑගහන අයියලාගේ අතීතේ ෆයිල් අවුස්සලා නඩු දැම්ම නම් සමහරක් හිරේ නැත්නම් ප්‍රජා අයිතිය නැතිවෙලා. නායකයෙක් උනාම ඔක්කොටොම ඉස්සරවෙලා තමන්ගේ අනාගතය සැලසුම් කරන්න ඕන. අතරමඟ තියෙන බාධක අතුගාල දමන්න ඕන. රජකම ලැබුනම රජෙක් වගේ සැප විඳින්න ඕන වගේම තමන් ජීවත්ව ඉන්නකන් රජකම ආරක්ෂා කරගන්න උපරිම වෑයම දාන්න ඕන. මෙතුමාට තවමත් වෙලාව තියෙනවා ඔය ඔක්කොම කරන්න. මම ජනාධිපති උනා නම් මැරුණත් ඒක වෙන කාටවත් ඒක දෙන්නේ නැහැ.
sirimal Monday, 07 May 2018 07:25 PM
අවුරුදු තුනක්ම කාලය කා දමා දැන් 2020 දී කරන්න බොහෝදේ තියෙනවා කියන කතාව විශ්වාස කරන්නේ කවුද? පක්ෂයට එරෙහිව ක්‍රියා කරන කිසිකෙනෙකුට විනය ක්‍රියා මාර්ග ගන්නේ නැතුව ඉන්න එකෙන් සිද්ධ උනේ තමන් අඩි හයක් පොළොවට යවන බව කියපු කණ්ඩායම තව තවත් ශක්තිමත් කිරීම නේද? ජවිපෙ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට 20 වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරමින් සිටී. ජනමතයකින් පත්කෙරෙන විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්නේ නම් නිසැකවම එය තවත් ජනමතයකින් සම්මත විය යුතු ය. ජවිපෙ යෝජනාවලියේ ඇත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කර ඒ වෙනුවට පාර්ලිමේන්තුව තුලින් පත් කෙරෙන විධායක නොවන ජනාධිපති ධූරයක් බව පැවසේ. ජනාධිපති වරයා විධායක ධූරය අහෝසි කිරීමට සහාය දක්වා විධායක නොවන ජනාධිපති ධූරයේ රැඳී සිටීමේ බලාපොරොත්තුවක් තිබෙන බව ඔහුගේ මැයි දින ප්‍රකාශයෙන් කියැවෙන බව සමහරු කියති. ජනාධිපති පත් කිරීමට තීන්දු කෙරෙනු ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තුවකිනි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් පොහොට්ටුව දිනුවොත් සියල්ල යටිකුරු වෙනු ඇත. එදාට ආප්ප න්‍යායට වැඩකළ සියල්ලටම දඬුවම් දීමේදී දවසක හෝ කල්මැරීමක් සිදුවෙන්නේ නැත.
ජනිත් පෙරේරා Monday, 07 May 2018 07:36 PM
ඔබතුමා හිටන් හිතන්නෙ පොහොට්ටුවෙ පොදු අපේක්ෂකයා වෙන්නද? එක අතකට පැරදුනාට ව්ශ්‍රාම යන්න ඕනෙ නෑනෙ. ඔය මහින්ද මහත්තයත් තාම ඉන්නෙ. එතුමාට නම් මංත්‍රීවත් වෙන්න පුළුවන් වුනා ඒත් ඔබ තුමාට එහෙමවත් පුළුවන් වෙයිද????
Chanak Los Angeles Monday, 07 May 2018 08:57 PM
ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුවම වැඩ සිද්ධ වෙනවා. ඔහොම යන්න ඔහොම යන්න... රටට බොරු පොරොන්දු ජනතාව මුලා කිරීම ස්වභාව ධර්මය පවා එරහි වෙනවා.
dingirala Monday, 07 May 2018 11:02 PM
තණ්හාය ජායති ශෝකෝ .......
ලුම්බිණි Tuesday, 08 May 2018 12:20 AM
ඉතාම ලජ්ජා සහගතයි.
Adam Tuesday, 08 May 2018 12:26 AM
රටේ කිසිම පාලනයක් නැහැ මුළු රටම අරාජික වෙලා, රටේ ජනතාවට 2015 වගේම හද පතුලෙන්ම බොරු කියනවා.
Rasi Tuesday, 08 May 2018 12:32 AM
ඒ වුනාට ජනතාව මෙයාව අනිවාර්ය නිවාඩු යවනවා. සමහරවිට එකත් දැනගන්න වෙන්න පත්තරෙන් තමයි.
lal Tuesday, 08 May 2018 12:47 AM
"අනේ මෙහෙම ආසාවක්...අනේ මෙහෙම තන්හාවක්" කිවාලු. රනිල්ව අනුගමනය කරනවා වගෙයි. බහිරවයෙක් වෙන්නයි හදන්නේ. අපොයි ශ්‍රීලනිපයට වෙන්න යන නැස්පැත්තියක්....
ගැබා Tuesday, 08 May 2018 12:47 AM
ගෝඨාභය මහත්තයගෙ වාසනාව.
lalithsjm Tuesday, 08 May 2018 02:10 AM
ඔව් ඔව් තමුන්නාන්සේ විශ්‍රාම අරන් කොහොමද මේක චි ලංකාවක් කරන්නේ... ඊටපස්සේ පුතා හෝ සහෝදරයා.
upali Tuesday, 08 May 2018 03:05 AM
ඔබතුමා එංගලන්තේ සංචාරයේදී BBC සංදේශයට කිව්වනේ ආයේ ජනාධිපතිවරණයට ඉල්ලනේ නැහැ . මේ ගැන මීට පසු අහන්න එපා කියල..
රවින් Tuesday, 08 May 2018 03:28 AM
මේකට තමා කියන්නේ දෙපැත් නයි කථා කියල. එනකොට එකක් ඉන්නකොට තව එකක් යන්න කිට්ටු වෙනකොට තව එකක්. බඩ වඩා ගැනීමේ ස්ත්තරය/සුත්තරය . චන්දය දෙන අයට " අනිච්චා වත සංකාරා " නැතහොත් "දෙවියන්ගේ ලෝකය" තමා ඉතිරි වෙන්නේ.
dhamneth Tuesday, 08 May 2018 03:57 AM
ගොඩක් වැඩ කරන්න තියන බවනම් ඇත ජනාධිපතිතුමනි.එහෙත් බොහේ දෙනා කියන්නේ පෙබරවාරි 10යෙන් පසු තවම ඔබතුමා කිසිම වැඩක් නොකළ බවයි.2015 මැතිවරණ ප්‍රකාශනය නැවත කියවා බලන්න .කරන වැඩ වලට හොඳ ප්‍රචාරයක් දෙන්න .නැත්නම් ජනතාව දන්නේ නැහැ මොනවද කලේ කියා..
jana Tuesday, 08 May 2018 03:59 AM
ඔබතුමාට ඔය වැඩ ටික කරගන්න තව ආත්ම 6ක් 7ක් යාවි ..
Sathya Tuesday, 08 May 2018 04:24 AM
ඔබතුමා යන්න එපා, ඉන්න.අපි යන්නම්.මේ යන විදියට ඉන්න උනත් රටක් ඉතිරි වෙයිද කියල ෂුවර් නෑනේ
sachith Tuesday, 08 May 2018 04:26 AM
ඔබතුම 2020දි අපහු ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් මාත් ඉල්ලනවා, අපහු ජනාධිපති නෙවෙයි පුලුවන්නම් මට වැඩි චන්ද අරන් පෙන්නන්න.
Sathya Tuesday, 08 May 2018 04:37 AM
ඔබතුමා යන්න එපා, ඉන්න. අපි යන්නම්. මේ යන විදියට ඉන්න උනත් රටක් ඉතිරි වෙයිද කියල ෂුවර් නෑනේ.
ජගත් ලියනගේ Tuesday, 08 May 2018 05:12 AM
ඔබ තුමාට අමතක වීමේ ලෙඩක් වත් තියනවද ? එහෙම අහන්නෙ ඔබතුමා 2015 ජනවාරි කිව්වා , "මා, ජනාධිපති විදියට දිවුරුම් දෙන මුල් අවස්ථාව සහ අවසාන අවස්ථාව මෙය" කියා . මතකෙයි ?
Krish Tuesday, 08 May 2018 05:17 AM
අනේ යන්න එපා ඔබ තුමා රටට වැඩ කරපු තරමට 2020 නෙමෙයි 2050 වෙනකම් ඉන්න...... රට තවත් ඉතියොපියාවක් වෙනවා ආයේ දෙකක් නැ ...
Priyasri Dharmawansa Tuesday, 08 May 2018 05:19 AM
රටේ නායකයා කෙලින් කතා කරන්න ඕන. මේවා දිව දෙකේ කතා. ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් විනාස කළා. 2020 නම්බු පිටින් ගෙදර ගියොත් තමා හොඳ.
dasun Tuesday, 08 May 2018 05:27 AM
දැන් 2020 ජනාධිපති වෙන්න ඉන්න යහපාලන පිරිස මොකද කරන්නේ. හංසයා කපුටා වෙයිද.
ජගත් ලියනගේ Tuesday, 08 May 2018 05:27 AM
අපේ අයට, මේ කියපු දේවල් , මේ අමතක වෙනව. නේද ?
ramendra Tuesday, 08 May 2018 07:42 AM
අයියල මල්ලිලා දරුවෝ ඔක්කොම දැන් කන්න පුළුවන් තැන් අල්ලාගෙන ඉන්නේ, දැන් කොහොමටත් යන්න කැමති නැහැ, යවන එක ජනතාවගේ අයිතිය.
Bamunuarachchi Wednesday, 09 May 2018 12:43 PM
බොහොමයක් අය කැමති නැහැ විශ්‍රාම යන්න විශ්‍රාම යවනවා මිසක්. රටට වැඩක් නැති මිනිසුන් තියාගෙන මොකටද නේද ආයුබෝවන්...?
දිලුම් Thursday, 10 May 2018 09:29 AM
ඔව් ඔව් ඉල්ලන්න අපි දෙන්නම්... මේ රටේ තව මොනවත් ඉතුරුවෙලා තියනවද ඔයාට තව කන්න. එන්න ඒ ටිකත් කාලා අපිවත් මරාගෙන යන්න. අපේ පවට පහළ වූ නායක ගව රැලක්...
hira Thursday, 10 May 2018 11:11 AM
මම නම් මේ දාලා තියෙන කමෙන්ට් බලලා, පුළුවන් කෙනෙකුට දීලා ගෙදර යනවා.