( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට පොලිස්පතිවරයාට හා රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයාට නියෝග කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (04) පෙත්සමක් ගොනු කෙරිණි.
එම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , රහස් පොලීසි අධ්‍යක්ෂක , පොලිස්පති ,බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍යවරයා හා නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් විවිධ කොමිෂන් සභා පත් කළද එම බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැඳවියන්ට සාධාරණය ඉටු නොවූ බවද පෙත්සම්කරු කියා සිටියි.
මෙම ඝාතනය සිදු වී වසර හතරක් ගතව ඇතත් ඊට අදාළව වගකිව යුත්තන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත්ව ඇති බවද පෙත්සමේ සඳහන් වේ
2025 දෙසැම්බර් මස 18
284
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2012 බන්ධනාගාර ගැටුම ගැන පරීක්ෂණයක් ඉල්ලා අධිකරණයට පෙත්සමක්
ekanayake Wednesday, 05 April 2017 01:40 AM
යහපාලන රජයත් මේ සිද්ධිය යටපත් කරගෙන සිටීම ගැන කනගටු වෙමු .මෙයට වගකිව යුතු ඇමතිවරයා කව්ද ? මිනිසුන් 26 දෙනෙක් අමුඅමුවේ මරා දැමීම යටපත් කල හැකිද ?
mahinda Wednesday, 05 April 2017 05:51 AM
අර තොරතුරු පනත යටතේ ඔක්කොම පරීක්ෂණ වාර්තා පත්තරේට ගන්න බැරිද?