
(නිමල කොඩිතුවක්කු)
‘19 න් ඉදිරියට‘ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ සත්‍යග්‍රහයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය ඉදිරිපිට පිහිටි මාදුළුවාවේ සෝභිත හිමිගේ පිළිරුව අබියසදී අද (08) පස්වරුවේ පැවැත්විණ.
මහා සංඝරත්නය, විපක්ෂයේ දේශපාලඥයන්, විද්වතුන්, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර එහිදී ඔවුන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමේ ජනතා ප්‍රතිඥාවක්ද ලබා දුන්නේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුවට මල් වට්ටියක් තබා ගෞරවාචාර දැක්වීමෙන් අනතුරැව විරෝධතාවයට එක් විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, 19 න් ඉදිරියට ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු රාජිත සේනාරත්න, ආචාර්ය දයාන් ජයතිලක, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම් සුනිල් ජයසේකර සහ උලපනේ සුමංගල හිමියෝ මෙහිදී අදහස් දැක්වූහ.
අදහස් දැක්වීමෙන් අනතුරුව පිරිස පා ගමනින් පාර්ලිමේන්තුව දෙසට වන මහා මාර්ගයට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.
අපේ රට රාජපක්ෂලාගේ රාජධානියක් නොවේ, ඒකාධිපති බල වියරුව පරදමු, විනාශකාරී 20 එපා, 20 න් පිටරැටියන් ජනාධිපති පුටුවට ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.
විරෝධතාවය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර තහනම් කිරීමට පොලිසිය පියවර ගත් අතර දැඩි පොලිස් ආරක්ෂාවක් ද මේ සඳහා යොදවා තිබිණි.
ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවට එක්ව සිටීම විශේෂත්වයකි.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, කුමාර වෙල්ගම, සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්, විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)




COMMENTS
රට විනාශ කරපු අයම තමයි... මේ අයටත් ඕනේ ඒකම තමයි.
සෝභිත හාමුදුරුවන්ටත් යහපාලනය තිත්ත වුණා හලෝ....
20ට විරුද්ධ මෙච්චරයි නම් අනික් සියල්ලෝම 20ට කැමැති ඇති.. මෙහෙමත් රටක්...
අපවත් වූ මාදුළුවාවේ හාමුදුරුවන්වත් විකුණාගෙන කන්න වගෙයි යන්නේ.
සෞභාග්‍යය කිව්වට වෙන්නේ අභාග්‍යයයි.
බුදුඅම්මෝ හෝ ගාලා සෙනග..
ඒ ගොල්ලෝ ඡන්ද දෙකේදීම ගොනාට අන්දා ගත්තා මදිවට තව කාවද මේ ගොනාට අන්දන්නෙ.?
Chandima, තව අවුරුදු දෙකක් විතර යනකොටනම් සෝභිත හැමදුරුවෝ කියපු දේවල් ඇත්ත කියලා හිතෙයි. එතකොට පරක්කු වැඩියි කියලා හිතෙයි.