(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා වූ 20 වැනි සංශෝධනය ජනමත විචාරණයකට ගෙන යෑමට තිබෙන අවස්ථාවට බාධා නොකරන ලෙස මන්ත්‍රීවරු 225 දෙනාගෙන්ම ජවීපෙ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (9) ඉල්ලා සිටියේය.
මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් පසු එය සම්මත කිරීමට සහය දෙන ලෙස ඉල්ලා සිටි දිසානායක මහතා ඊට අවහිර නොකරන්නැයි ද කියා සිටියේය.
පාර්ලිමේන්තුවේදී පැවැති කල් තැබීමේ විවාදයට සහබාගි වෙමින් දිසානායක මහතා මේ බව කීය.
COMMENTS
ඒ කියන්නේ මේ රටේ විධායක බලතල ඇති නායකයා ජනතාවට ස්වකිය ඡන්දයෙන් කෙලින්ම තෝරා ගැනීමටත්, රටේ ප්‍රධාන පක්ෂ වල නායකයන් හැරුනුකොට ජනතාව කැමති වෙනත් ස්වාධින පුද්ගලයෙකු රටේ නායකත්වයට පත්කර ගැනීමටත්, රටේ ඕනෑම පුද්ගලයෙකුට රටේ නායකත්වය සඳහා තරඟ කිරීමටත්, ඇති අයිතිය අහෝසි කෙරෙන සංශෝධනය ගැන නේද?
මේක විධායක ජනාධිපති ධූරය පිලිබද විවාදය අවසන් කරන්න හොද අවස්ථාවක් කරගත හැකි මොහොතක් බවට පත්කර පත්කර ගමු. පාර්ලීමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ජනමත විචාරයකට ලක් කිරිම මගින් රටට විධායක ජනාධිපති ධූරයක් අවශයද නැතිද යන කාරණය ජනතාවටම තීන්දු කරන්න අවස්ථාව ලබාදීම තුලින් එක්කෝ රට විධායක ජනාධිපති ධූරය අහෝසී වේවී. එසේ නැත්නම් විධායක ජනාධිපති ධුරය අහෝසී කල යුතුයි යන මතය අහෝසී වේවී.
මේක ආයේ ජනමතයකට ගිහින් රටේ මුදල් නිකරුනේ නාස්ති කරන්න ඕන නැහැ. පාර්ලිමේන්තුවේදීම පරාජය කලහම ඒ හොඳටම ඇති.
ඔහේලට 20 ට කහිනවට කියක් දෙන්න පොරොන්දු උනාද?
මෙයා කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක්ද ? මේකේ අඩංගු කරුණු ගැන දන්නේ කවුද ? එසේ තිබියදී රටේ ජනතාවගේ කිසිම සාකච්ඡාවකට බදුන් නොවුණු ව්‍යවස්ථාවක් රටකට ගෙන එම සුදුසුද ?
අපි දැක්කා මේ අයගේ රෙදි ගලවන හැටි මේ 20 ගැන විවාදයේදී............