
(නිමල කොඩිතුවක්කු)
20 වන සංශෝධනය පිළිබඳ ඉදිරි පියවර ගැනීම සඳහා රාජිත සේනාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පියවර ගනු ලැබීය.
ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර , සරත් ෆොන්සේකා , කබීර් හෂීම් , මනෝ ගනේෂන්, ඉරාන් වික්‍රමරත්න , ඉමිතියාස් බාකීර්මාකර් , ලක්ෂ්මන් කිරිඇල්ල , හර්ෂ ද සිල්වා , නීතිඥ සුරේන් ප්‍රනාන්දු , නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් එහි සාමාජිකත්වය දරනු ලබයි.
ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ එහි අන්තර්ගතය රටට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිකරනු ලබන අහිතකර තත්ත්වය පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කරන වැඩමුළුවක් අද (21) පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටු ශාලා අංක 2 දී පැවැති අතර එහිදී මෙම කමිටුව පත් කරනු ලැබීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ වැඩමුළුවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම විද්වතුන් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.
ආණ්ඩුව විසින් ගෙන එන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගනු ලබන ස්ථාවරය මෙන්ම 19 යෝජනාවලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
COMMENTS
බැලුවත් වැඩක් වෙයිද? 2/3 තියෙනවා කියලා ප්‍රජාතන්ත්‍ර විරෝධී වගන්ති 20 ට ඇතුල්කරලා ඒකාධිපති ගමනක් යන්න හදන බවනම් පෙනෙනවා.
තවපාරක් ජම්පරය අඳින්න වෙයි..
රාජිත මහත්තයෝ 2015 දී ජනතාව පැරැද්දුවේ 18වැනි ව්‍යවස්ථාවයි.. මේ පාරත් 18 ගෙනාවෙත් 2026 පරාජය සිකුරුයි.. ඕන් කිව්වා.
20 ගෙනාවොත් 2026 දි මෙයාලා පරාදයි.
කරපු අපරාදවලට දරුමුණුබුරෝ ගෙවයි පොදු වැසිකිළියටත් එක්කම..
නියම කෙනාට දීලා තියෙන්නේ. තවත් කෙනෙකුට සුබපැතුම්.
හිටපු දත් දොස්තර නිසා සංශෝධනේ හපලා බලන්න හොඳ නරක කියයි. නැතිව ව්‍යවස්ථා ගැන ගැන මුන්දෑට තියෙන දැනුම මොකක්ද?
පරණ දත් දොස්තරනේ.. සංශෝධනේ බලයි. මෙයාගේ දේශපාලන දැනුම වතාවක් ජනතාවට පෙන්නුවා නොවැ.