IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


18 වංගුවේ මීදුමෙන් ගමනාගමනයට බාධා

(නිශාන්ත කුමාර)

මේ දිනවල පවත්නා වැසි සහිත කාලගුණයත් සමගම මහියංගණ -මහනුවර ප්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක් අද (08) උදෑසන මිහිදුමින් වැසී ගොස් තිබූ අතර මාර්ගයේ ගමන්ගත් වාහන රියැදුරෝ ඉන් දැඩි අපහසුතාවකට පත්වූහ.

විශේෂයෙන්ම මහියංගණ -මහනුවර ප්‍රධාන මාර්ගයේ හුන්නස්ගිරිය, උඩුදුම්බර , ප්‍රදේශයන්හි මෙන්ම 18 වංගුවේ ස්ථාන කීපයක්ද මෙලෙස මිහිදුමින් වැසී ගොස් තිබිණි.

මෙම තත්වය මත මාර්ගයේ ඇතැම් ස්ථානවල මාර්ගය මීටර් පහ හයක් තරම්වත් ඈතට දිස් නොවූ අතර වාහන වල විදුලි පහන් දැල්විමද ප්‍රමාණවත් නොවූ බව රියැදුරෝ පැවැසූහ.

මේ දිනවල පස්වරු 4.00 ට පමණ ආරම්භ වන මෙම මිහිදුම් තත්වය දහවල් කාලය වන තුරුම පවතින බවත් විටින් විට හමන සුළං තත්වය හේතුවෙන් මිහිදුම් තත්වය වරින්වර වෙනස් වන බවත් ප්‍රදේශයේ ජනතාව පවසති.

කෙසේ වෙතත් පවත්නා මිදුම් තත්වය හමුවේ සිය රථවාහන හැසිරවීමේදී කල්පනාකාරී වන්නැයි හසලක පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (2)

18 වංගුවේ මීදුමෙන් ගමනාගමනයට බාධා

sam Tuesday, 08 May 2018 07:26 AM

පළමු වැනි පින්තුරේ බැලුවාම ලංකාවේ රියදුරන්ගේ නීති ගරුක භාවය මොනොවට ඔප්පු වෙනවා.

:       0       23

නුමා Tuesday, 08 May 2018 09:18 AM

සෑම්ගේ අදහස මමත් මේ දාන්න හැදුවේ. පළමු ඡායාරූපයෙන්ම පෙනෙනවා අධික මීදුම් පරිසරයකදි රථ ධාවනය කලයුතු ආකාරය. අනතුරුදායක වුවත්, මීදුම් පරිසරය චමත්කාරජනකයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site