නාලක සංජීව දහනායක
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් 16 කණ්ඩායම හෙට (12) හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවන බවට විවධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද එවැනි හමුවක් සඳහා ඉල්ලීමක් ලැබී නැති බව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, අධ්‍යාපනඥයින්, දේශපාලනඥයින් ඇතුලු සමාජයේ විවිධ පුද්ගලයින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීම සාමාන්‍ය බවත් මාධ්‍යයෙන් ප්‍රචාරය වූ ආකාරයට ශ්‍රී.ල.නි.ප 16 කණ්ඩායම අතර නිල හමුවක් නොපැවැත්වෙන බවද මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මාධ්‍ය ආයතන "නැති දෙයක් අතිදෙයක්" කර පෙන්වමින් ලංකාවේ මහ ජනතාවගේ ඉහ මොළ තමන්ගේ අවශ්‍ය තාවයන්ට අනුරුප වන ආකාරයට සුද්ධ පවිත්‍ර කර ඇති ආකාරය පෙන්නුම් කරන තවත් උදාහරණයක් තමයි මේ. යහපාලන මඟින් ලබාදී ඇති අසාමාන්‍ය මාධ්‍ය නිදහස" වල්බුරු" නිදහසක් ලෙස භාවිතා කරමින් කටයුතු කරන මේ මාධ්‍ය ආයතන වලට යහපාලන භාෂාව ගොලු භාෂාවකි. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ වැඩේ කරගත හැකි ආකාරයට විවිධාකාරයේ ජනමත ගොඩනැංවීමය. ඇත්ත කියාදීම නොවේ.මේවා නොදන්නා අයුරින් කටයුතු කරන ආණ්ඩුවේ බලධාරීන්ගේ ක්‍රියා කලාපයද තේරුම් ගැනීම දුෂ්කරය.ආණ්ඩුව ඇතුලේ අර්භුදයක් ඇති කරන ලද්දේද මෙවන් ප්‍රචාරයන් මඟින්මය.ඒවග තේරුම්ගෙන නිසි ප්‍රතිචාරයක් දක්වනු වෙනුවට ආණ්ඩුව කරන්නේ එම තත්වය උඩුදුවන්නට ඉඩහැර බකන් නිලාගෙන සිටිමය.දේශපාලන පක්ෂ වලට මුල්‍ය ආධාර දෙන කොතෙකුත් පුද්ගලයින් සහ සමාගම් තිබුනත් අද සාමාන්‍ය ජනතාවගේ සිත් සතන් තුල පැලපදියන්ව ඇත්තේ "දේශපාලඥයින්ට සල්ලි දෙන්නේ ඇලෝසියස් පමණක්ය" යන අදහසයි.බහුතරය සාමාන්‍ය ජනතාව වන අප රටේ මෙය ඉතාම අභාග්‍ය සම්පන්න තත්වයකි. මේතුලින් නිර්මාණයවී ඇත්තේ හොරුන්ට තක්කඩියන්ට දවල් සිහින දකින්නට ඉඩ සලසන වාතාවරණයකි.
“වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, අධ්‍යාපනඥයින්, දේශපාලනඥයින් ඇතුලු සමාජයේ විවිධ පුද්ගලයින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීම සාමාන්‍ය බවත්” මේ උගත් මිනිස්සු එක්ක මොනවා කතා කරනවද කියල අපටත් කිව්වනම් ස්තුතියි.
ඕනත් නැහැ මැතිතුමනි.
වෘත්තිකයන් ව්‍යාපාරිකයින් හා අධයාපඥයන් මෙයා හමුවෙලා සාකාච්ඡා කරන්නේ මොනවගේ කාරනාද කියලා සදහන් නොකීරීම බරපතල අඩුපාඩූවක්.මම හිතනානේ සුදු වෑන් සංස්කෘතිය මාධ්වේයදින් නවතම තාක්ෂණය අනුව ඝාතනය හා ජන මර්ධනය වැනි කරුනු වෙන්න ඇති.
මෙයාගේ අධ්‍යාපන දැනුම වැඩි කරගන්න උගතුන්, විද්වතුන් හමු වෙන එක හොඳයි.