දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මහින්දට සහය දෙන්න - සුබ්රනියම් ස්වාමි දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ක්‍රියාකාරී සැලැස්මක් ඇති කරගන්නැයි තමන් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව විශේෂයෙන්ම ආර්.සම්පන්දන් වැනි ගෞරවනීය ජ්‍යෙෂ්ඨ නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුබ්රනියම් ස්වාමි මහතා සඳහන් කරයි. 01 November 2018
මුදල් අමාත්‍යාංශයෙන් සහන මල්ලක් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක බදු අඩුකිරීමට ඇතුළු ආර්ථික සහන ලබාදීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය අද (01) පියවර ගත්තේය. 01 November 2018
තෙල් මිල පහළට පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට රජය තීරණ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. 01 November 2018
තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන අලුත් ආණ්ඩුවේ තවත් ඇමැතිවරු පිරිසක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම ඇරැඹූහ. 01 November 2018
ලංකාවේ ඕනෑම ආණ්ඩුවක් සමඟ මිත්‍රශිලි වෙන්න ඉන්දියාව සූදානම් ශ්‍රී ලංකාවේ ඕනෑම ආණ්ඩුවක් සමඟ සහයෝගයෙන් සහ මිත්‍රශීලිව කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් යැයි ඉන්දියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් නවදිල්ලි නුවරදී අද (1) ප්‍රකාශ කළහ. 01 November 2018
නීතීඥ අජිත් ප්‍රසන්නගෙන් පැමිණිල්ලක් කොල්ලූපිටිය අරලියහග මන්දිරය ඉදිරිපිට දී පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් වන දෙදෙනකු නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 01 November 2018
නව අගමැතිට ඕමාන හා පලස්තීන තානාපතිවරුන්ගෙන් සුබ පැතුම් නව අගමැති ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින ඕමාන හා පලස්තීන තානාපතිවරුන් අග්‍රාමාත්‍යවරයා වෙත සුබ පැතුම් එක් කර ඇත. 01 November 2018
‘‘කුමන්ත්රණකාරී රජය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමට නියමිතයි‘‘ නීතිවිරෝධී රජයක් යටතේ නීතිවිරෝධී පත්වීම් ලැබූ පිරිසක් මේ වන විට රටේ නීත්‍යානුකූල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය නිල නිවසින් ඉවත් කිරීමට විවිධ උත්සාහයන් දරන බවත් ජනබලයක් නැති මෙම කුමන්ත්රණකාරී රජය පාර්ලිමේන්තුව තුළඳී පරාජයට පත්වීමට නියමිත යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා අද (01) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 01 November 2018
‘‘ප්රජාතන්ත්රවාදයේ මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගහන්න දෙන්නෑ‘‘ පාලකයා විසින් ප්රජාතන්ත්රවාදය මිනී පෙට්ටියට දමා ඇතැත් අන්තිම ඇණය ගසන්නට ඉඩ නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අද (01) පැවැසීය. 01 November 2018
‘මොන ආණ්ඩුව ආවත් මම ඇමැති‘ මොන ආණ්ඩුව ආවත් තමාට ඇමැති ධුරයක් හිමිවන බවත් ඒ සම්බන්ධව කිසිඳු ගැටළුවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා අද (01) පැවසීය. 01 November 2018
සන්ධානයේ මන්ත්‍රීවරු 95 දෙනාම මහින්ද - මෛත්‍රී සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 95 දෙනාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ රජය සමඟ එක්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා කොළඹදී අද (01) පැවසීය. 01 November 2018
පාර්ලිමේන්තුව 16 වැනිදාට පෙර ලබන 16 වැනිදා දක්වා කල් දමා ඇති පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 16 වැනිදාට පෙර කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 01 November 2018
එස්. බී. ඇමති තනතුරු එපා කියයි නව රජයේ ඇමතිධූර බාරගැනීමේ කිසිදු සූදානමනක් නොමැති බවත් පසු පෙළ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා කොළඹදී අද (01) පැවසීය. 01 November 2018
පාර්ලිමේන්තුව 5 වැනිදා රැස්වන්නේ නැතැයි සුසිල් කියයි පාර්ලිමේන්තුව මෙම මස 5 වැනි දා රැස්වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 01 November 2018
පාර්ලිමේන්තු කමිටු 12 ක් අහෝසියි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරනු ලැබීමත් සමඟ පාර්ලිමේන්තු කමිටු 12 ක් අහෝසි වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 01 November 2018
අගමැති කාර්යාලයේ දුරකථන භාවිතයට සීමා ආරක්ෂක හේතුන් මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශ්‍රීමතීපාය ගොඩනැගිල්ල ඇතුළත පරිශ්‍රයේ අවසරයකින් තොරව දුරකථන භාවිතයෙන් වළකින්නැයි එහි සියලුම නිලධාරින්ට අද දැනුම් දී ඇත. 01 November 2018
පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (1) පැවසීය. 01 November 2018
‘ව්‍යවස්ථාවට ගරු කරන්න මුල් පුරවැසියා ඉගෙන ගන්න ඕනෑ’ හිටපු අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයකු පත් කිරිම ද්‍රෝහී ක්‍රියාවක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරිමට රටේ පළමු පුරවැසියා ඉගෙන ගත යුතු බවත් පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය. 01 November 2018
කැබිනට් මණ්ඩල දිවුරුම් දීමේ දෙවැනි අදියර අද සවස කැබිනට් මණ්ඩලයේ 2 වන අදියර දිවුරුම් දීම අද (01) සවස සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 01 November 2018
‘බහුතර බලය ගැන බිය වෙන්න එපා‘ පාර්ලිමේන්තුවේ බහුතර බලය පිළිබඳ කිසිඳු සැක සංකාවක් ඇති කර නොගන්නා ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට අද (01) දැනුම් දුන්නේය 01 November 2018
වසන්ත සේනානායක අස්ගිරි මහ නාහිමියන්ට දුක කියති ජනපති මෛත්‍රී හා අගමැති මහින්ද හමුව රටට යහපත් එකක් වනු ඇතැයි විශ්වාස කරන බවත් එජාප නායකත්වයට රට ගැන හෝ ජනතා ප්‍රශ්න පිළිබඳව හැඟීමක් නොතිබූ බව අස්ගිරි මහනායක වරකාගොඩ ඤාණරතන නාහිමියෝ පැවසූහ. 01 November 2018
’රටේ ප්‍රශ්න විසඳන හැටි ලෝකයාට කියන්න ඕන නෑ’ ජනාධිපතිවරයා ලෙස රටේ පවතින ප්‍රශ්න විසඳීමට තමන් ගන්නා පියවර සියල්ලක්ම ජාත්‍යන්තරයට කීමට අවශ්‍ය නැතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා වටහා ගත යුතු යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේය. 01 November 2018
‘එජාපයේ හෙලවුණ දත් වැටී අවසන්‘ එක්සත් ජාතික පක්ෂයේ හෙලවුණ දත් ටික වැටී අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 01 November 2018
‘ජනපති ඉල්ලා අස්වුණොත් කරන්න ඕනෑ දේ අපි දන්නවා‘ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා පැය දෙකකින් ජනාධිපතිවරයා ඉල්ලා අස් වු පසු ඊළඟ ජනාධිපති අනුප්‍රාප්තිකයා කවුදැයි ඉතා පැහැදිළි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය. 01 November 2018
ලොකු ලූනු-අර්තාපල් බද්ද තවත් මාසයක් දීර්ඝ කෙරේ ලොකු ලුනු සහ අර්තාපල් ආනයන කිරීමේදී කිලෝවක් කිලෝවක් සඳහා පනවා තිබු රුපියල් 40 ක් වන විශේෂ භාණ්ඩ බද්ද බලපැවැත්වෙන කාල සීමාව අදින් අවසන් වුවද අද (01) සිට තවත් මසකින් දීර්ඝ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. 01 November 2018
බළන්ගොඩ නගර සභාවේ බලය අල්ලන්න රහස් මෙහෙයුමක් අගමැතිවරයාගේ වෙනස්වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයට බලය හිමි බළන්ගොඩ නගර සභාවේ පාලන බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අත්පත් කරගැනීමේ අවදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. 01 November 2018
දෙමළ ජාතික සන්ධානයේ මත බෙදීම් දෙමළ ජාතික සන්ධානය දේශපාලනමය වශයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත්නම් මේ අවස්ථාවේදී කිසිවෙකුටත් සහය නොදැක්විය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය. 01 November 2018
හිටපු විදේශ ඇමතිවරු වැඩට බසිති රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විදෙස් තානාපතිවරුන් දැනුවත් කිරීමට රජය තීරණය කර තිබේ. 01 November 2018
දෙමළ ජාතික සන්ධානයේ තීරණය පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු උද්ගතවී ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන ආකාරය පාර්ලිමේන්තුව රැස්වූ පසු තීරණය කරන බව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය. 01 November 2018
‘උතුරේ නායකයන්ට ආරක්ෂාව දුන්නේ සිංහල පොලිස් නිලධාරීන්’ හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා සිංහල පොලිස් නිලධාරීන් පළාතෙන් ඉවත් කර ඒ වෙනුවට දෙමළ ජාතික පොලිස් නිලධාරීන් යෙදවිය යුතු බව අවස්ථා කීපයකදීම ප්‍රකාශ කළත් අවසානයේ දී විග්නේෂ්වරන් මහතා ඇතුළු උතුරේ සියළුම දෙමළ දේශපාලන නායකයින්ට ආරාක්ෂාව සැලසුවේ සිංහල ජාතික පොලිස් නිලධාරීන් යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. 01 November 2018
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 16 hours ago