පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම විභාගයට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (4) සිට ලබන 06 වැනිදා දක්වා සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියමිතය. 03 December 2018
නිවාස අධිකාරිය අසළ උණුසුම් තත්ත්වයක් ජාතික නිවස සංවර්ධන අධිකාරියේ රැකියාව අහිමි වූ තරුණ තරුණියන් තවමත් එම පරිශ්‍රයේ රැඳී සිටීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ. 03 December 2018
රන්ජන් රාමනායකට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අද ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර ඇත. 03 December 2018
අලුත් දුම්රිය කොළඹ එද්දී පීලි පනී ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ නව බලවේග කට්ටල දුම්රියක් වරායේ සිට ධාවනාගාරය දක්වා ගෙන එන අතරතුරදී පීලි පැනීමකට ලක්ව ඇතැයි වාර්තා වේ. 03 December 2018
අද රාත්‍රියේ තද වැසි දිවයිනේ ඊසාන දිග ප්‍රදේශවල වර්ධනය වී ඇති ක්‍රියාකාරී වළාකුළු පද්ධතියක බලපෑම හේතුවෙන් අද (03) රාත්‍රියේ දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 December 2018
වව්නතිව් ඝාතනයට එරෙහිව තිරුක්කෝවිල්හි විරෝධතාවයක් මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේ දී පොලිස් නිළධාරින් දෙදෙනෙකු ඝාතනය කිරිම පිළිබඳව තිරුක්කෝවිල් ප්‍රදේශයේ දී තරුණයින් පිරිසක් එක්ව විරෝධතායක් පැවැත්විණි. 03 December 2018
මාතර සිසු ඝාතනයේ සැකකාර සිසුහු 10 තෙක් යළි රිමාන්ඩ් මාතර නගරයේ උපකාරක පන්තියකට සහභාගී වීම සදහා එන අතරතුර දී මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකුට පිහියකින් ඇණ ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ පාසල් සිසුන් තිදෙනා ලබන 10 වැනිදා තෙක් තව දුරටත් රිමාන්ඩ් බාරයේ ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණී කේ.විතාරණ මහත්මිය අද (03) නියෝග කළාය. 03 December 2018
එජාප නායකයන් අවසන් තීරණයකට එක්සත් ජාතික පෙරමුණේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිවෙකුත් නම් නොකිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අද (3) දහවල් අවසන් තීරණයකට එළැබිණි. 03 December 2018
මහින්දට අගමැති ධුරයට නිත්‍යනුකූල හිමිකමක් නැතැයි අතුරු නියෝගයක් මහින්ද රාජපක්ෂ මහතාට ඔහුගේ අගමැති ධුරය දැරීමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළේය. 03 December 2018
ජන රැලි- උද්ඝෝෂණ නිසා කොළඹ මාර්ග අවහිරයි ජන රැලියක් හේතුවෙන් බොරැල්ල මරදාන අවට මාර්ගයන්හි මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇතැයි පොලීසිය පවසයි. 03 December 2018
ක්‍රිකට් ලොක්කාගේ පෙත්සම ජනවාරි 22 ට කල්යයි ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා එහි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් බාර දී ඇති නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම ලබන ජනවාරි මස 22 වැනි දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කරන ලදී. 03 December 2018
ටී එන් ඒ සම්බන්ධිකරණ කමිටු රැස්වීම හෙට කොළඹදී එක්සත් ජාතික පෙරමුණට සහාය පළකිරීමත් සමඟ පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වී ඇති විරෝධය මත දෙමළ ජාතික සන්ධාන පක්ෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් හෙට (03) කොළඹදී කැදවා ඇත. 03 December 2018
අගමැති මහින්දට එරෙහි පෙත්සමේ තීන්දුව සවස 3 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂය ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) කැඳවු අතර සියලු කරුණු දැක්වීම අවසන් කරමින් එහි තීන්දුව සවස 3.00ට ප්‍රකාශයට පත් කීරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය . 03 December 2018
නිවාස සංවර්ධන අධිකාරිය අසළ උද්ඝෝෂණයක් :පිට කොටුව අවට මාර්ග අවහිරයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අසළ මේ මොහොතේ පවතින උද්ඝෝෂණයක් හේතුවෙන් ඒ අවට මාර්ග සියල්ලෙහි දැඩි රථ වාහන තදබදයක් පවතී. 03 December 2018
පුදුකුඩුඉරිප්පුවෙන් බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් හමුවෙයි මුලතිව් පුදුකුඩිඉරිප්පු සුදන්තිරපුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් වල දමන ලද බෝම්බ ඇතුලු යුද උපකරණ රැසක් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් සොයාගෙන තිබේ. 03 December 2018
‘පොට්ටු අම්මාන් ජීවතුන් අතර නෑ‘ යුද සමයේදී කොටි සංවිධානයේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටිනවා යැයි පැවසෙන සියල්ල බොරු ප්‍රකාශයන් බවත් පොට්ටු අම්මාන් මේ වන විට ජීවතුන් අතර නොමැති බවත් හිටපු කොටි සාමාජිකයින්ගෙන් සැඳුම් ලත් පක්ෂයක් වන සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂයේ නායක කේ.තුල්සි මහතා පැවසීය. 03 December 2018
බොරැල්ල මරදාන අවට රථවාහන තදබදයක් බොරැල්ල මරදාන සහ කොළඹ නගර ශාලාව මාර්ග අවට දැඩි රථවාහන තදබදයක් පවති. 03 December 2018
රතන හිමි හමුවෙන්න ගියේ අවසර ඇතුවයි රට ගොඩනගන ජාතික පිළිවෙත එළිදැක්වීමේ උත්සවය සඳහා අතුරලියේ රතනහිමියන්ගේ පන්සලට ගියේ රනිල් වික්‍රමසිංහ නායකතුමන්ගේ අවසරයගෙන බවත් එම උත්සවයට තමාට අරාධනාකර ඇතැයි කී විට රනිල් වික්‍රමසිංහ මහතා තමාට එහි යන ලෙස පැවසු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා මාධ්‍ය හමුවකදී අද (02) පැවැසීය. 02 December 2018
එජාපයට සහාය දෙන්නේ නම් ලිඛිත ගිවිසුමකට එකඟවිය යුතුයි - ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සහාය ලබාදෙන්නේ නම් කොන්දේසි සහිත ලිඛිත ගිවිසුමකට දෙපාර්ශවය එකඟවිය යුතු යැයි දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය තීරණය කර තිබේ. 02 December 2018
පාර්ලිමේන්තුවේ ගැටළුව විසඳිය හැක්කේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පාර්ලිමේන්තුව තුළ හා අගමැති පත්කිරීම ඇතුළු උද්ගතව පවතින ගැටළුව ව්‍යවස්ථාවට පටහැනි බවත් එය විසදාගත යුත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එකට එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම තුළින් බව උතුරු පාළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා අද(02) වවුනියාවේදී පැවසීය. 02 December 2018
එජාපෙ-ජනපති අතර හමුව හෙටට කල් යයි එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (02) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව හෙට (03) දිනය තෙක් කල් තබා ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය. 02 December 2018
ආණ්ඩුවේ ඇමැතිවරු අනිද්දාත් පාර්මේන්තුවට නොයන බව ඇමැති බන්දුල කියයි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අනිද්දා (05 ) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමත් වර්ජනය කරන බව ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 02 December 2018
එජාපෙ ජනබල මෙහෙයුමකට යයි ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමේ ඊළඟ පියවර ලෙස මහා ජන බල මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ. 02 December 2018
කෝටි 10 කට වැඩි මුදල් වංචා කළ සමාගමට පැමිණිලි කොළඹ කොටුවේ පිහිටා ඇති ගුවන් ටිකට්පත් නිකුත් කරන ප්‍රසිද්ධ සමාගමක ගුවන් ටිකට්පත් ඇණවුම් කළ මෙරට විදේශ සංචාර සංවිධායකයින් රැසකට සිදුකර ඇතැයි කියන රුපියල් කෝටි 10 කට වැඩි මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම විදේශ සංචාර සංවිධායකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. 02 December 2018
‘සුරක්ෂා’ අතරමඟ නවතී පාසල් සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හදුන්වා දෙනු ලැබූ සුරක්ෂා රක්ෂණාවරණය මේ වනවිට අතරමඟ නතරවී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවැසීය. 02 December 2018
‘මගේ මන්ත්‍රීධූරය පිනට ලැබුණු එකක් නෙවෙයි’ තමන් පැවති ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්නේ එය බලයේ සිටි සෑම දිනකම රට විනාශය කරා ගිය නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 02 December 2018
ස්වෛරීභාවය මහජනතාවටයි අස්ථාවර ප්රජාතන්ත්රවාදයේ ස්ථාවරත්වය තහවුරු කිරිමේ එකම මාර්ගය මැතිවරණයකට යාම බවත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ස්වෛරීභාවය මහජනතාවට මිස පාර්ලිමේන්තුවට නොවන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. 02 December 2018
හිටපු මහ ඇමැති විග්නේෂ්වරන්ට එරෙහිව අත්පත්‍රිකා බෙදයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාගේ වව්නියාවේ පැවත්වෙන වැඩසටහනකට එරෙහිව අද (02) වවුනියාව නගරයේ ස්ථාන කිහිපයකම කිසියම් පිරිසක් විසින් අත්පත්‍රිකා බෙදා ඇත. 02 December 2018
ලංගමේට ගල්මුල් වලින් පහර දීමෙන් කොස්තාපල්වරයෙක්ට තුවාල කතරගම සිට අනුරාධපුර හරහා යාපනය දක්වා ගමන්ගත් ලංගම බස් රථවලට අද (2) කිසියම් පිරිසක් විසින් එල්ල කළ ගල්මුල් ප්‍රහාර හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව චාවකච්චේරි පොලිසිය කියයි. 02 December 2018
ඝාතනයට ලක් වු ගාල්ලේ කොස්තාපල්ට ජනපති අවසන් ගෞරව දක්වයි මඩකළපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටියදි ඝාතනයට ලක්වු ගාල්ල උඩුගම ප්‍රදේශයේ පොලිස් කොස්තාපල් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න රණවිරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (02) ඔහුගේ නිවසට පැමිණියේය. 02 December 2018
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026