අ’පුරේ පුරාණ දාගැබක් ඩෝසර් කර වගා කරලා ලංකාපුර සිංහරාජගම වෙට්ටකාඩු ප්‍රදේශයේ ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ පේරණ කලාපයේ පිහිටා තිබූ අනුරාධපුර මුල් යුගයට අයත් මහ දාගැබක් මීට දින කිහිපකට ඩෝසර් කර විනාශ කර දමා කුඹුරු වගාව සඳහා යොදාගෙන ඇතැයි ඕනෑගම මැදමළුව මහ විහාරාධිකාරී නිකපිටියේ චන්දිම හිමියෝ පවසති. 08 March 2020
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂක 18 තෙක් රිමාන්ඩ් අත්අඩංගුවට ගත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ අධ්යක්ෂ මුත්තුරාජා සුරේන්ද්‍රන් නමැත්තා ලබන 18 වැනිදා වැනිදා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය. 08 March 2020
මාදම්පේ නිවසක මිනිස් අස්ථි කොටස් මාදම්පේ මැල්ලවාගාර ප්‍රදේශයේ නිවසක් තුළ තිබි මිනිස් සිරුරක අස්ථි කොටස් තොගයක් අද (7) පස්වරු සොයාගත හැකිවූ බව මාදම්පේ පොලිසිය කියයි. 07 March 2020
එජාපය දිස්ත්‍රික්ක 22න්ම එළඹෙන මහමැතිවරණයේදී එජාපය දිස්ත්‍රික්ක 22 සඳහාම තරග කරන බව එජාප ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. 07 March 2020
රජයේ වියදම් භාණ්ඩාගාර ලේකම්වරයාට පවරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම මස 6 වැනිදා සිට ඉදිරි මාස තුන සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් දැරීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපතිවරයා විසින් අද (06) අධිකාරී බලපත්‍රය නිකුත් කරනු ලැබීය. 06 March 2020
කොදෙව් පිලට කඩුලු 7 ක ජයක් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී බටහිර ඉන්දීය පිල කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්තේය. 06 March 2020
ජනාධිපති කොමිසන් සභාව නීතිපතිවරයාට සිතාසි නිකුත් කරයි දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කරන ජනාධිපති කොමිසන් සභාවේ ලේකම්වරයා උසාවිය ඉදිරියේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කිරීම ජනාධිපති කොමිසන් සභාවට අවමන් කිරීමක් වන අතර ඊට හේතු දැක්වීමට මේ මස 11 වැනිදින පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ජනාධිපති කොමිසන් සභාව අද (06) නීතිපතිවරයා සිතාසි නිකුත් කර තිබේ. 06 March 2020
ලංකාදීප පුවත්පත ජනතා සම්මානයෙන් පිදුම් ලබයි ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් නීල්සන් මහජන සම්මානය නොකඩවා 14 වැනි වරටත් දිනපතා ලංකාදීප පුවත්පත හිමිකරගන්නා ලදී. 06 March 2020
ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනය - සෞදි අරාබිය වෙත ගුවන් ගමන් අත්හිටුවයි කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනය සහ සෞදි අරාබිය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය. 06 March 2020
ශ්‍රී ලංකාව කඩුලු 6 කට 155 යි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 155 ක් ලබාගත්තේය. 06 March 2020
ලංකා බැංකු ශාඛා විවෘත නොවීමෙන් ගනුදෙනුකරුවෝ අපහසුතාවයට රටපුරා ප්‍රදේශ රැසක ලංකා බැංකු ශාඛා අද (06) විවෘත නොවීම හේතුවෙන් ගනුදෙනුකරුවෝ දැඩි අපහසුතාවයකට පත් වූහ. 06 March 2020
‘‘ආණ්ඩුව මැතිවරණ නීති උල්ලංඝණය කරනවා‘‘ ජනබලය ගිලිහෙමින් යන වත්මන් ආණ්ඩුව රාජ්‍ය දේපල , රාජය බලය සහ රාජ්‍ය යාන්ත්‍රණය යොදාගනිමින් මැතිවරණය ජයග්‍රහණය කිරීමට උත්සාහ ගනිමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා පැවැසීය. 06 March 2020
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් පහළට කොරෝනා වයිරසය හේතුවෙන් පහළ යමින් තිබෙන ලෝක තෙල් මිල ගණන් අද (06) සියයට 5.0 කින් තවදුරටත් පහළ ගියේය. 06 March 2020
සමගි ජනබලවේගයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ලබන සඳුදා විවෘත කෙරේ සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ ලබන සඳුදා (09) පෙරවරු 8.30 ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ කිරීමට නියමිතය. 06 March 2020
‘‘රැකියා අහිමි වූ පිරිසට මැතිවරණයෙන් පසු එම රැකියාවම ලබාදෙනවා‘‘ වත්මන් රජය යටතේ දේශපාලන පළිගැනීම් වලට ලක්වූ සහ රැකියා අහිමි වූ සියලුම දෙනාට මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු වන්දි සමඟ ඒ රැකියාවම යළි ලබාදෙන බව සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (06) පැවසීය. 06 March 2020
කොරෝනා රටතුළට පැමිණීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයන් අනුගමනය කරන්න කොරෝනා වෛරසය රට තුළට පැමිණීම වැළැක්වීම නතර කිරීම සඳහා විද්‍යානුකූල ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායට අද (06) උපදෙස් දුන්නේය. 06 March 2020
ප්‍රධාන පෙලේ හෝටල් තුනක් එක්වෙයි රජය සතු ප්‍රධාන පෙලේ හෝටල් සමාගම් තුනක් එකතු කර එක් සමාගමක් ආරම්භ කිරිමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. 06 March 2020
රවී ඇතුළු 10 කට වරෙන්තු හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනකුට අද (6) වරෙන්තු නිකුත් කළේය. 06 March 2020
සජින් වාස්ට හිරේදීම නාමයෝජනා අත්සන් කරන්න අවසර හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට බන්ධනාගාරයේ සිටියදීම නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (06) අවසර දුන්නේය. 06 March 2020
එ.ජා. මානව හිමිකම් මහකොමසාරිස්ගෙන් ප්‍රකාශයක් මාරාන්තික කොරෝනා වයිරසය මැඬීම සඳහා ගෙන යන සටනේ දී ජනතාවගේ අයිතිවාසිකම්වලට ගෞරව කරන්නැයි ද ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ අද (6) ප්‍රකාශ කළාය. 06 March 2020
කොළඹ වායු දූෂණය මනින්න ස්වයංක්‍රීය යන්ත්‍රයක් කොළඹ නගරයේ වායු දුෂණ තත්ත්වය පිළිබඳව දිනපතා ජනතාව දැනුම්වත් කිරිමේ ජංගම රථයක සවිකළ ප්‍රදර්ශන පුවරුවක් නගර ශාලාව පිටත ස්ථාපිත කර ඇතැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා පැවසීය. 06 March 2020
ප්‍රා. ලේ. කාර්යාලවල සේවා ගැන සොයන්න කඩා පනින හමුදාව රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මහජන සේවාවන් සිදුවන ආකාරය පිළිබඳව සොයාබැලීම සඳහා විමර්ශන කණ්ඩායම් හෙවත් කඩා පනින හමුදාව යෙදීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත. 06 March 2020
කුවේට් යන්න PCR වෛද්‍ය සහතිකය ඕන නෑ කුවෙට් රාජ්‍ය සඳහා යන සියලු ශ්‍රී ලාංකිකයින් කොරෝනා ( කොවිඩ්-19) වයිරසය අසාධිතයකු නොවන බවට ඉදිරිපත් කළ යුතුව තිබූ PCR නම් වු වෛද්‍ය සහතිකය ඉදිරිපත් කිරීම අවලංගු කිරීමට එරට තීරණය කර ඇත. 06 March 2020
‘මහ නාහිමිවරු යුතුකම් ඉටුකරනවා නම් භික්ෂූන්වහන්සේලාට ප්‍රශ්න මතුවන්නේ නැහැ’ මහානායක හිමිවරුන් ශාසනයේ යුතුකම නිසි පරිදි ඉටු කරන්නේ නම් භික්ෂූන් වහන්සේලාට පාර්ලිමේන්තුව යනවාද, දේශපාලනය කරනවාද ආදී ප්‍රශ්න පැන නගින්නේ නැති බව රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ අද (06) පැවසූහ. 06 March 2020
‘මැතිවරණයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්’ මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(06) ප්‍රකාශ කළේය. 06 March 2020
දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෝ රඳවා ප්‍රශ්න කරන්න අවසර දකුණු මුහුදු සීමාවේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවටගත් සැකකරුවෝ ලබන 11 වැනිදා තෙක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අවසර ලබා දුන්නේය. 06 March 2020
මාමඩුවෙත් සිසුහු 24 ක් රෝහල් ගත කරති වව්නියාව මාමඩුව අග්‍රබෝධි මහාවිද්‍යාලයේ 5 වසර ඉගෙනුම ලැබූ සිසු දරුවන් 24 දෙනෙකුට ශරීරයට බලපෑ ආසාත්මිකතාවක් හේතුවෙන් වව්නියාව මහරෝහලට අද (6) ඇතුළත් කරනු ලැබීය. 06 March 2020
ස්වාධීන කණ්ඩායම් 9ක් ඇප මුදල් තැන්පත් කරයි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 9ක් ඇපමුදල් තැන්පත් කර ඇත. 06 March 2020
ආසාත්මිකතාවකින් හම්බන්තොට පාසලක සිසුහු 26 ක් රෝහලේ හම්බන්තොට සූරියවැව නබඩගස්වැව මහ විදුහලේ පහ වසර පංතියේ සිසුන් 26 දෙනෙකු ආසාත්මිකතාවකින් සූරියවැව රෝහළට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. 06 March 2020
පිටකොටුවේ ලැගුම්හලකදී පකිස්තානු ජාතිකයෙකු අත්අඩංගුවට මත්වීම සඳහා භාවිතා කරන පුවක් කිලෝ 12 හා සම පැහැපත් කිරීම සඳහා භාවිතා කරන ක්‍රීම් වර්ග 2,000 ක් සමඟ පාකිස්තාන ජාතිකයෙකු පිටකොටුව මැලිබන් වීදිය ලැගුම්හලකදී අද (6) කොටුව පොලිසිය මගින් මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 March 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026