සෑම දිස්ත්‍රික්කයකම කොරෝනා මර්දන කාර්යාල කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම කොරෝනා මර්දන තොරතුරු වාර්තා මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු යයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 16 March 2020
‘අලිබබා ‘ වෙබ් අඩවියේ නිර්මාතෘ කොරෝනා ආසාදිතයින්ට පිහිට වෙයි චීනයේ ප්‍රකට බිලයනපතියකු වන අන්තර්ජාල භාණ්ඩ අලෙවිකරණ ‘අලිබබා‘ වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජැක් මා විසින් කොවිඩ්-19 වෛරසයෙන් පීඩා විඳින යුරෝපය පුරා බෙදාහැරීම සඳහා ආරක්ෂිත මුහුණු ආවරණ මිලියන දෙකක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී ඇතැයි ගාඩියන් පුවත් සේවයේ වාර්තා කර තිබේ. 16 March 2020
දිල්ලියේ බස් රථ දිනපතා විෂබීජහරණයට උපදෙස් දිල්ලියේ ප්‍රවාහන සේවයට යොදාගනු ලබන කුඩා බස් රථ දිනපතා පිරිසිදු කර විෂබීජහරණය කරන්නැයි ප්‍රවාහන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ. 16 March 2020
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය හෝටල් රෝහල් කරයි නව කොරෝනා වයිරසය ලෝකයට මෙන්ම ලොව ක්‍රීඩා ක්ෂේත්රයටත් දැඩි බලපෑම් එල්ල කරද්දී ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෛරසය ආසාදිතවූවන් වෙනුවෙන් තැබූ පියවරක් පිළිබඳ බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත අද වාර්තා කළේය. 16 March 2020
හොරෙන් වෙනිවැල් ප්‍රවාහනය කළ පළාත් පාලන අපේක්ෂකයකු අත්අඩංගුවට ආරක්ෂක අංශ කොරෝනා වෛරසය පාලනය කිරීමට අවධානය යොමුකර තිබියදී පොලිසියේ ඇසට අසු නොවන ලෙස සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි රක්ෂිතයකින් වෙනිවැල් කිලෝ 120 ක් කපා නවීන මොටර් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව තිනියාවල පොලිසිය පවසයි. 16 March 2020
ලොස් ඇන්ජලීස්හි ආපනශාලා-සමාජශාලා වහයි ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර මිනිසුන් විනෝදාස්වාදය සඳහා එක්රැස්වන ස්ථාන බහුතරය වසාදැමීමට කැලිෆෝනියා ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ. 16 March 2020
දෙනියායේ රෙදි වෙළඳසැළක ගින්නක් දෙනියාය, වරල්ල ප්‍රදේශයේ අද (16) අලුයම ඇති වූ හදිසි ගින්නකින් රෙදිපිළි වෙළදසැලක් සහ පාවහන් වෙළදසැළක් ගින්නෙන් දැවී ගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය කියයි. 16 March 2020
ඉතාලියේ සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් කොරෝනා වැළඳී මියයයි ඉතාලියේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වන විට්ටෝරිඕ ග්‍රෙගොටි මහතා කොරෝනා වයිරසය ආසාදනය වී මියගියේය. 16 March 2020
ඌව වෙල්ලස්ස සරසවියේ නවක සිසුන් බඳවා ගැනීම කල් යයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නවක සිසුන් බදවාගැනීම නැවත දැනුම් දෙන තුරු කල් දැමූ බව ඌවවෙල්ලස්ස.විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි . 16 March 2020
යුරෝපයේ තවත් ධූත මණ්ඩල තුනක කන්සියුලර් සේවා සීමා කරයි කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් අද(16) සිට යළි දැනුම් දෙනතුරු යුරෝපයේ පිහිටි තවත් ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක කන්සියුලර් සේවා සැපයීම සීමා කිරිමට විදෙස් සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ. 16 March 2020
ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසාදමයි කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසාදැමීමට එරට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත. 16 March 2020
ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368 ක් කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරිදා දිනයේදී පමණක් මරණ 368ක් වාර්තා වූයේ යැයි ඉතාලි බලධාරීහු අද (15) ප්‍රකාශ කළහ. 16 March 2020
කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය ගණන 6000 ඉක්මවයි ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ ගණන ඉහළ යෑමත් සමඟ කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 6,000 ඉක්මව ගියා බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (15) පස්වරුවේ ප්‍රකාශ කළේය. 15 March 2020
මැතිවරණ කොමිසමේ හෙට විශේෂ සාකච්ඡාවක් කොරෝනා වයිරසය හේතුවෙන් රටතුළ මතුව ඇති ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව හෙට (16) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ. 15 March 2020
ලෝකයේම කොරෝනා ආසාදිත සංඛ්‍යාව - 162,201 යි කෝවිඩ් - 19 යනුවෙන් නම්කරනු ලැබ ඇති කොරෝනා වයිරසය මේ දක්වා ලෝකයේ රටවල් 156 ක් ආක්‍රමණය කර තිබේ. ඊට අමතරව ජපානයේ යොකොහාමා නුවර ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවටද එය පැතිරී තිබේ. 15 March 2020
කොරෝනා ආසාදිතයින් ගණන 18 දක්වා ඉහළට ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 15 March 2020
අවුරුදු 70 ට වැඩි සෑම අයෙක්ම නිවාසවලම රැදෙන්නැයි බ්‍රිතාන්‍ය රජයෙන් උපදෙස් වයස අවුරුදු 70 ට වැඩි සෑම බ්‍රිතාන්‍ය ජාතිකයෙකුටම ඉදිරි සති කිහිපය තුළ නිවසේ රැඳී සිටින ලෙස දැනුම් දෙන බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසයි. 15 March 2020
‘‘සූදානම් වෙන්න බිය නොවෙන්න’’ ඉන්දීය අගමැතිගෙන් කොරෝනා මඬින්න උපායක් කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ‘‘සූදානම් වෙන්න, බිය නොවන්න’’ යන්න අපගේ මාර්ගෝපදේශ මන්ත්‍රය වූයේ යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (15) ප්‍රකාශ කළේය. 15 March 2020
දඹුල්ලේ අලෙවිසැළක තරුණයෙක් හදිසියේ මිය ගිහින් දඹුල්ල , කුරුණෑගල පාරේ ඇස් කණ්නාඩි අලෙවිසැළක සේවය කළ තරුණයෙකු අද (15) පස්වරුවේ අලෙවිසලේ ඉහළ මාලයේ කාමරයක මියගොස් සිටියදී සොයාගත් බව පොලීසිය කියයි. 15 March 2020
කොරෝනා වයිරසයට එරෙහි සටනට හදිසි අරමුදලක් කෝවිඩ් -19 යනුවෙන් නම් කර තිබෙන කොරෝනා වයිරසයට එරෙහි සටන සඳහා හදිසි අරමුදලක් ස්ථාපිත කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය. 15 March 2020
සෞඛ්‍ය අංශයට හෙට නිවාඩු නෑ හෙට දිනයේ ලබා දී ඇති රජයේ නිවාඩුව සෞඛ්‍ය සේවා නිවාඩුවක් නොවන බව සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි. 15 March 2020
මහ මැතිවරණය සැලසුම් කළ පරිදි පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) පැවසීය. 15 March 2020
අද දින මැලේසියාවේ කොරෝනා රෝගීන් 190 ක් සොයාගනී මැලේසියාවේ අද (15) දිනයේ නව කොරෝනා රෝගීන් 190 ක් වාර්තා වී ඇත. 15 March 2020
‘‘හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ යුතු වුවත් එවැන්නක් සිදුවී නෑ‘‘ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් එක් කර පවතින තත්ත්වයට විසඳුම් සෙවීමට පියවර ගන්නා ලෙස යෝජනා කළත් රජය මේ වනතුරුත් ඊට ප්‍රතිචාර දක්වා නැතැයි සමගි ජන බලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 15 March 2020
රියදුරු බලපත් ලබා ගැනීමේ පරීක්ෂණය කල් යයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හෙට (16) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබු රියදුරු බලපත්‍ර විභාගයේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ කල් දැමීමට තීරණය කර තිබේ. 15 March 2020
කොටස් වෙළෙඳපොළ හෙට වැසෙයි සඳුඳා (16) රජයේ සහ බැංකු නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කිරීමට රජය ගත් තීරණයත් සමඟ හෙට (16) වෙළෙඳපොළ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරයි. 15 March 2020
ශ්‍රී ලාංකික 11 වැනි ආසාදිතයාත් හමුවෙයි කොරෝනා වයිරසය ආසාදිත ශ්‍රි ලාංකික 11 වැනි පුද්ගලයා පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි. 15 March 2020
‘විවාහ උත්සව තහනම් කර නැහැ‘ විවාහ උත්සව තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන නොමැති බවත්, එවැනි උත්සව පැවැත් වෙන්නේ නම් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර උපරිම සෞඛ්‍ය නිරෝධායන පියවර ගන්නා ලෙසට ආයාචනය කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 15 March 2020
පොලිස් නිශ්කාෂන වාර්තා සති දෙකක් විද්‍යුත් තැපෑලෙන් පමණයි රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පොලිස් නිශ්කාෂන වාර්තා ලබා ගැනීම සදහා අයදුම්පත් බාර ගැනීම කටයුතු සති දෙකක පුරා අත්හිටුවා ඇතැයි නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 15 March 2020
ටියුනීසියාවේ සුදු ලූනු මිල ඉහළට කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයෙන් බේරීමට ‘සුදුලූනු’ උපකාරී වන්නේ යැයි පැතිරුණු ආරංචියක් සමඟ ටියුනීසියාවේ ‘සුදුලූනු’ මිල ගණන් වේගයෙන් ඉහළ ගොස් ඇත. 15 March 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026