නිදන්ගල පුරා විද්‍යා රක්ෂිතයේ පුරාවස්තු ඩොසර් කර නිවාස හදලා අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැළකෙන සෙල්ලිපි , පොකුණු හා විවිධ නටඹුන්වලින් පිරී පවතින නාච්චාදූව නව නගරයේ නිදන්ගල පුරාවිද්‍යා රක්ෂිතයේ පුරාවස්තු බුල්ඩෝසර් කර පිරිසක් විසින් බලහත්කාරයෙන් නිවාස ඉදිකොට තිබේ. 13 December 2020
රක්වාන උක්වත්තට සංචරණ සීමා රක්වාන උක්වත්ත ප්‍රදේශයට තාවකාලිකව සංචරණ සීමාවන් පනවා ඇතැයි ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර මහතා පැවසීය. ඊයේ රාත්‍රි 10.00 සිට රක්වාන උක්වත්ත ඩෙල්ව්න් වත්තේ කොටසකට සංචරණ සීමාවන් පනවා ඇති බව ඒ මහතා කීය. 13 December 2020
පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද(12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් විය. 12 December 2020
වාස් ගුණවර්ධනටත් කොරෝනා දැනට වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කෝවිඩ් ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි. 12 December 2020
කොරෝනා මරණ සංඛ්‍යාව 147 ක් දක්වා ඉහළට කොරෝනා ආසාදිත තවත් පුද්ගලයකු අද (11) දිනය තුළදී මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 11 December 2020
අද දිනයේදී නව ආසාදිතයන් 762 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (11) පස්වරු 8.15 වනවිට එක්වූ ආසාදිතයන් 226 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 762 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 11 December 2020
කිංග්ස් පිලට කඩුලු 6 ක ජයක් ලෝරී එවන්ස් (නොදැවී 53), අෂාන් ප්රියංජන් (නොදැවී 47) සහ කේයිස් අහ්මඞ්ගේ (නොදැවී 50) වේගවත් පිතිහරඹය හමුවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 20 වැනි තරගය කඩුලු 6 කින් ජයගැනීමට කොළඹ කිංග්ස් පිල සමත්විය. 11 December 2020
ගාල්ලේ දංගෙදරට - දෙද්දුගොඩ දකුණට සංචරණ සීමා ගාල්ල නගරයෙන් අද (11) දින කොරෝනා ආසාදිතයන් 25ක් අලුතෙන් වාර්තාවීමත් සමඟ මෙතෙක් සංචරන සීමා පනවා තිබූ වසම් 6ට අමතරව දංගෙදර සහ දෙද්දුගොඩ දකුණ යන ග්‍රාම නිලධාරී වසම් දෙකට ද අද (11) සිට සංචරණ සීමා පනවා තිබේ. 11 December 2020
ගාල්ලේ පාසල් තවත් සතියක් වසාදමයි කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් මෙම මාසයේ 18වැනිදා දක්වා තවත් සතියක් වසා දැමීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා කීවේය. 11 December 2020
මහනුවර පාසල් 42 ක් සඳුදා සිට විවෘතයි මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14) විවෘත කිරීමට කිරීමට තීරණය කළ බවත් ත්‍රිත්ව,තක්ෂිලා හා කලෙයිමගල් යන විද්‍යාල තවදුරටත් වසා තැබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය. 11 December 2020
පාර්ලිමේන්තුවේ පාන් දීලා කාර්යමණ්ඩලය නොසතුටින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයට පසුගිය දිනෙක ලැබුණු ආහාර වේලක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයම මහත් නොසතුටට පත්ව සිටින බව වාර්තා වේ. 11 December 2020
කහටගස්දිගිලිය කඩ සාප්පු වසයි කහටගස්දිගිලිය නගරයේ වෙළදසැලකින් කොරෝනා රෝගියෙකු හමුවිම නිසා අද (11 වැනිදා) දහවල් 12.00 සිට ඉරිදා වනතෙක් සියළු වෙළදසැල් තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන තිබේ. 11 December 2020
බීරූට් පිපිරීමට අගමැති ඇතුළු 4 කට චෝදනා ලෙබනනයේ බීරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් 200කට වැඩි පිරිසක් මියයෑම සම්බන්දව නොසැලකිලිමත්ව කටයුතු කිරීම යටතේ එරට හිටපු අගමැතිවරයාට සහ හිටපු ඇමතිවරුන් තිදෙනකුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ. 11 December 2020
ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කල පාසල් සිසුවා ගෙල සිර වී මරුට ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවෙකු එම ලණුවට ගෙල සිර වි අද (11) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. 11 December 2020
ගාල්ල තැපැල් කාර්යාලය වහයි කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල තැපල් කාර්යාලය අද (11) දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තින්දු කළ බැව් දකුණු පළාත් භාර නියෝජ්‍ය තැපල්පති ටි.එල්.එම්.එස් මෙන්ඩිස් මහත්මිය පැවසුවාය. 11 December 2020
නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය විවෘත කරයි කොරෝනා වෛරසය ආසාධිත පොලිස් නිලධාරීයාගේ පවුලේ සහෝදරයෙකු සේවය කල බවට ,පෙර දින වසා දැමුණ නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය අද (11 ) යලි විවෘත කෙරුණද ,පැමිණ සිටියේ ළමුන් 40ක් සහ ගුරුවරුන් 10 දෙනෙකු පමණක් බව පාසල් ආරංචි මාර්ග සඳහන් කලේය. 11 December 2020
අනුරාධපුර ගුවන් හමුදා කදවුර අසල ඩ්‍රෝන කැමරාවක් යවලා අනුරාධපුර ගුවන් හමුදා කදවුර ආසන්නයේ අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 11 December 2020
ගාල්ල පිල අවසන් පූර්ව වටයට ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ කඩුලු නවයකින් මහනුවර ටස්කර්ස් පිල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. 10 December 2020
භාවිතා කළ කොරෝනා ඇඳුම් මින්නේරිය වනෝද්‍යානයේ භාවිතා කරන ලද කොරෝනා ඇඳුම් කට්ටල රැසක් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දමා ගොස් තිබියදී අද(10) හමුවූ බව උද්‍යාන භාරකරු භාතිය මඩුගල්ල මහතා පැවැසීය. 10 December 2020
තවත් කොරෝනා මරණ 2 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද (10) දිනය තුළදී මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 10 December 2020
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 469 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (10) පස්වරු 8.50 වනවිට එක්වූ ආසාදිතයන් 169 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 469 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 10 December 2020
වේයන්ගොඩ නිදහස් මාවත හුදෙකලා කරයි අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වේයන්ගොඩ, නිදහස් මාවත ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගත් බව අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද මහතා සදහන් කරයි. 10 December 2020
කුරුණෑගල බාලිකා විදුහලක් වසාදමයි කුරුණෑගල බාලිකා විදුහලක සිසුවියකගේ මුළු පවුලම කොරෝනා ආසාදිතයන් බවට වාර්තා වීම සැලකිල්ලට ගෙන අනෙක් සිසුවියන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් එම පාසල හෙට (11) සිට ලබන අඟහරුවාදා (15) දින තෙක් වසා දැමීමට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පියවර ගෙන ඇත. 10 December 2020
වැඩි ඡන්ද 97 කින් අයවැය සම්මතයි 2021 වසර සඳහා වන අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 97කින් අද(10) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. 10 December 2020
ලෝරි එවන්ස් කොළඹ පිලට ජය ගෙනෙයි එංගලන්ත ජාතික ලෝරි එවන්ස්ගේ අගනා ශතකය හේතුවෙන් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (10 වැනිදා) පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18 වැනි තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොළඹ කිංග්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 7 කට සහභාගි වී ඇති කොළඹ කණ්ඩායම එහිදී ලැබූ 5 වැනි ජයග්‍රහණය මෙය විය. 10 December 2020
ධම්මික පැණිය පාර්ලිමේන්තුවටත් කොවිඩ් 19 වැළදීමෙන් වළකින ඖෂධය සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අද(10 ) පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනු ලැබිණි. ඒ ආණ්ඩු පක්ෂයේ සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා විසිනි. 10 December 2020
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති කාර්ය සාධක බළකායක් බන්ධනාගාර ආශ්‍රිතව ඇතිවී ඇති ගැටලු විසදීම සදහා ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට පියවර ගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ. 10 December 2020
461ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 461දෙනෙකු සුවය ලබා අද(10) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 10 December 2020
වික්ටෝරියා ජලාශය ආශ්රිත හුණුගල් කැඩීම නවත්වන්න වික්ටෝරියා ජලාශයට මැදිව ඇති අර්ධ දූපත්වල මහා පරිමාණයෙන් සිදුකෙරෙන හුණුගල් කැඩීමේ ව්‍යාපෘති තාවකාලිකව හෝ වහා නැවැත්විය යුතු යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා මහචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. 10 December 2020
වැලිගම පාසල් තුනක් වසා දමයි වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකාර්යල බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා විමත් සමග වැලිගම නගරයේ පාසල් තුනක් දින නියමයක් නොමැතිව වාසා දැමීමට අධ්‍යාපන බලධාරින් තීරණය කර ඇත. 10 December 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026