තරුණයන්ගේ පරිසර සිතුවම පොලිසිය ගලවයි සොබාදහම සුරැකීමේ සංගමය නියෝජනය කරමින් පරිසර සංවිධාන කිහිපයක තරුණ තරුණියන් පිරිසක් කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට විහාර මහා දේවි උද්‍යානයේ සවිකර තිබූ දැවැන්ත සිතුවමක් ඉවත් කිරීමට පොලිස් පරිසර කොට්ඨාශය අද (19) කටයුතු කළ අවස්ථාවේදී එම තරුණ තරුණියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. 19 March 2021
පළාත් පාලන ඇමැතිගෙන් පැෆරල් කළ ඉල්ලීම පළාත් පාලන ආයතන සඳහා නව ඡන්ද ක්‍රමයක් සකස් කීරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති කමිටුවට අදහස් හා යෝජනා බාරගැනීමේ කාලය මේ මස 31 වැනිදා තෙක් දක්වා දීර්ඝ කරන්නැයි පැෆරල් සංවිධානය පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 19 March 2021
නලීන් බණ්ඩාරට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානීගෙන් සීඅයිඩීයට පැමිණිල්ලක් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 19 March 2021
අපරාධකරුවන් වර්ග කර රැඳවීමට යයි අපරාධකරුවන් වාර්ගීකරණය කර වෙන්කර රැඳවීමේ නව වැඩ පිළිවෙළක් සියලුම බන්ධනාගාරවල ළඟදීම අරඹන බව වන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. 19 March 2021
රවී ඇතුළු පිරිස 25 අධිකරණයට කැඳවන්නැයි නියෝග බැඳුම්කර වංචාවෙන් රජයට රුපියල් කෝටි ගණනක් පාඩුවක් කළැයි චෝදනා පවරා ඇති නඩුව සදහා අධිකරණයට ඉදිරිපත් නොකළ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකු ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බන්ධනාගාර අධිකාරීවරයාට අද (19) නියම කළේය. 19 March 2021
අලුත් අවුරුද්දට කොරෝනා නීති අලුත් වෙයි එළඹෙන සිංහල - හින්දු අලුත් අවුරුද්ද ඉලක්ක කර නව සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් ළඟදීම නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 19 March 2021
රෝහිත අබේගුණවර්ධන නිදහස් ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වසර හතරක කාලයේ රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපොළ සොයාගත් බවට අල්ලස් කොමිසම, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කළේය. 19 March 2021
අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු සංගම් දෙකක් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද ( 19) උද්ඝෝෂණ දෙකක් අරඹා තිබේ. 19 March 2021
ජාතික පරිසර පනතට නව වගන්ති 42ක් ජාතික පරිසර පනත නව වගන්ති 42ක් ඇතුළත් කරමින් සංශෝධනය කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. 19 March 2021
නරක්වූ සහල් කවන්න බැරි වෙයි කාණ්ඩ අංකය, නිෂ්පාදිත දිනය සහ කල්ඉකුත් දින වෙනස් කර අලෙවියට සූදානම් කර තිබූ සහල් කිලෝ 5500ක් කැකිරාව තිබ්බටුවැව සහල් නිෂ්පාදන ආයතනයක තිබී සොයාගත් බව පාරිභෝගික සේවා අධිකාරයේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය කියයි. 19 March 2021
මස්කෙළියේ හින්දු කෝවිලක් තාවකාලිකව වහයි මස්කෙළියේ හින්දු දේවාලයක පුජකවරයා ඇතුළු සිව් දෙනකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමෙන් එම හින්දු දේවාලය තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. නරේන්ද්‍රන් මහතා පැවසීය. 19 March 2021
කුඩු පලහිලව්වෙන් තරුණයකු මරුට අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගෙන එම මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 19 හැවිරිදි තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය කියයි. 19 March 2021
ශ්‍රී ලංකන් ගුවන් සේවයට වූ පාඩුව මකන්න යයි ශ්‍රී ලංකන් ගුවන් සේවයට 2011 සිට 2014 දක්වා කාලයේ ගුවන් යානා මිලදී ගැනීමේදී පාඩු සිදු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක් (රුපියල් කෝටි 20,000ක) වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවැරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය 19 March 2021
වී ගන්න වැඩේ-ජයට යන හැඩ (අංජුල මහික වීරරත්න) මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක වී සංචිතයක් පවත්වා ගැනීම සඳහා අරඹා ඇති වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 19 March 2021
‘‘සිලනිකාට‘‘ ඉඩක් දෙන්න ගසේ හිමිකරු සූදානමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලදී හමුවූ කෲඩියා සිලනිකා ශාකය තම ඉඩමේ රෝපණය කරන්නැයි ඒ ආසන්නයේ පදිංචිකරුවකු වන එම්. අයි. එච්. එස්. මුණසිංහ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ල සිටියි. 19 March 2021
‘‘වෙළෙඳපොළේ ටයර් හිඟයක්‘‘ මෙරට වෙළෙඳපොලේ ටයර්වල හිඟයක් පවතින බව ටයර් අළෙවිකරුවෝ සහ වාහන හිමිකරුවෝ පවසති. 18 March 2021
සිංහරාජ හෝටලේ ගැටලුව ඇමැතිට හෝටලයක් ඉදිකිරීමේ සුදානමක් ඇතැයි කියන සිංහරාජ වනාන්තරයට අයත් ඉඩමේ ඔප්පුවල නිරවද්‍යතාවය පිළිබඳ පුර්ණ විමර්ශණයක් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 18 March 2021
නිරෝධානය කාලය දින හතකට අඩුවෙයි කොවිඩ් එන්නත ලබානොගෙන විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිනෙන පුද්ගලයින් හෝටල්වල නිරෝධායනය විය යුතු දින 14 ක කාලය දින හතක් දක්වා අඩු කිරීමට සෞඛ්‍ය ප්‍රධානීන් තීරණය කර තිබේ. 18 March 2021
බුදුපිළිම කැඩූ ඉන්දීය ජාතිකයාට සැඟවෙන්න බැරිවෙයි රත්මලේවත් නුගේබෝධිය අසල බුදු පිළිම කීපයක සිරස කඩා දැමීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි. 18 March 2021
උසස් පෙළ ප්‍රතිඵල අවුරුදු නිවාඩුවට පෙර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 - විභාගයේ ප්‍රතිඵළ අලුත් අවුරුදු නිවාඩුවට පෙර නිකුත් කිරීමට අපෙක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 18 March 2021
තාරකා ඉබ්බන් සඟවන්න බැරිවෙයි කිදු බලපත්‍රයක් හෝ නොමැතිව දුර්ලභ ගණයේ තාරකා ඉබ්බන් 28 ක් සමඟ පුද්ගලයෙක් අත්තිඩිය වනජීවි කාර්යාලීය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 18 March 2021
බොරු පැමිණිල්ලක් කර අමාරුවේ වැටෙයි පැහැරගෙන ගොස් රඳවා තබාගෙන පහර දී දෙයත් පුළුස්සා දැමූ බව කියමින් මාධ්‍යවේදීයකු ඉදිරිපත්කර තිබූ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ පරීක්සණයකදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 18 March 2021
පිළිකා රෝගීන්ටත් කොරෝනා එන්නත මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට කොවිඩ් එන්නත ලබාදීමට සැලසුම් කර ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි. 18 March 2021
ඇමැති තුනක් මාදිවෙලින් යන්න පොදි බඳිති ඇමැතිවරුන් හැටියට ලැබුණු රජයේ නිල නිවාසවල පදිංචිව සිටිමින් මාදිවෙල මන්ත්‍රි නිල නිවාස ද භාවිත කරන ඇමැතිවරයකු හා රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු මන්ත්‍රි නිල නිවාසවලින් හැකි ඉක්මණින් ඉවත්වන බව පාර්ලිමේන්තු නිලධාරීනට දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග කියයි. 18 March 2021
අර්ජුන් මහේන්ද්‍රන් ‘‘අර්ජාන් ඇලෙක්ස්සැන්ඩර්‘‘ වෙලා ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා තෙවැනි වරටත් සිංගප්පුරූවට ලේඛණ යෑවු බව පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන් ජෙෂෟඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සිංගප්පූරූ නීතීපතිවරයා එම ලේඛණ සළකා බලමින් සිටින බව ද අද දැනුම් දුන්නාය. 18 March 2021
පොලිස් විශේෂ කාර්යාංශයේ කාර්යාල කාර්ය සහායකයකු කුඩු සමග අල්ලයි පොලිස් විශේෂ කාර්යාංශයේ කාර්යාල කාර්ය සහායකයකු හොරෙයින් මත් කුඩු සමඟ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අද (18) අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි . 18 March 2021
‘‘රංජන්ගේ මන්ත්‍රීධූරය ගැන 24 තෙක් තීරණයක් ගන්න එපා‘‘ රංජන් රාමනායක මහතා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්ට කළ නියෝග 24 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය. 18 March 2021
රාජකීය විදුහල්පති ස්ථාන මාරුවට අභියෝග කරයි දේශපාලන බලපෑම් මත රාජකීය විදුහලේ, විදුහල්පතිධූරයෙන් තමා ඉවත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්යක්ෂවරයකු ලෙස පත් කළ එම විදුහලේ හිටපු විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා ගොනු කළ පෙත්සම අප්‍රේල් පළමු වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළෙය. 18 March 2021
ජ.වි.පෙ නායකයාගෙන් ප්‍රශ්න කරන්න යයි පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණ මොහොමඩ් ඉල්හාම් හා මොහොමඩ් ඉන්සාෆ් යන තරුණ ව්‍යාපාරික සහෝදරයින් දෙදෙනාගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහීම් නැමැති කෝටිපති ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන්ද ඉදිරියේදී කරුණු විමසන බවරාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය. 18 March 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026