ගෑස් වැඩිකරන්නේ නෑ-අගමැති උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැතැයි මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 18 March 2021
රවී ගැන රනිල්ගේ හිත උණුවෙයි මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ හිටපු උප නායක රවී කරුණානායක මහතාට අවශ්‍ය කරන සියලු නීතිඥ සහාය දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නීති අංශයට දැනුම් දුන්නේය . 18 March 2021
අගමැති බංගලාදේශයේ සංචාරයක දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 19 වැනි දා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතව ඇත. 18 March 2021
කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැක සිරුරක් කටුනායකට ඩුබායිහිදී හදිසියේ මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වූ කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැකකරන පුද්ගලයකුගේ සිරුර කටුනායකට එවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 18 March 2021
දුම්රිය වර්ජනය අවසන් දුම්රිය අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය රියදුරු සංගමය කියයි. 18 March 2021
ලක්ෂ අටකට කොරෝනා එන්නත් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් 806,448 ක ප්‍රමාණයක් පුද්ගලයන් සඳහා එන්නත් කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. 18 March 2021
නිල නිවාස දෙක ගානේ තබාගැනීම සදාචාරාත්මකද? රජයේ ඇමැතිවරුන්ට හිමිවන බොහෝ වරප්‍රසාද අතරට නිල නිවාස ද අයිතිය. රාජ්‍ය ඇමැතිවරුන්ට ද මේ අයිතිය තිබෙන බව ද සඳහන්ය. ඇමැතිවරුන්ට හා රාජ්‍ය ඇමැතිවරුන්ට කොළඹ නගරය තුළ නිල නිවාස වරප්‍රසාදය ලබා දෙන්නේ ඔවුන්ගේ රාජකාරි කටයුතු පහසුවෙන් කර ගැනීමට සහ කාර්යබහුල කාලසටහනේ වේලාව ඉතිරිකර ගැනීම සඳහාය. 18 March 2021
අවන්හලකට පහර දුන් ප්‍ර. මන්ත්‍රීට වැඩ වරදී බියගම බන්ඩාර වත්ත ප්‍රදේශයේ අවන්හලකට පහර දී අලාභහානි සිදු කර එහි කළමනාකරුට මරණීය තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 18 March 2021
කෝටි එකොළහක ගංජා අනුරාධපුරයෙන් අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකින් සොයාගත් කේරළ ගංජාවල වටිනාකම රුපියල් කෝටි 11කට අධික බව පොලිසිය කියයි. 18 March 2021
පාස්කු විවාදය තව දින දෙකක් පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ විවාදය ලබන 25 හා 26 දෙදින තුළ පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 18 March 2021
ලක්ෂ හතක ඖෂධ පැන්නූ 3ක් අල්ලයි කොටහේනේ ඖෂධ ගබඩාවකින් රුපියල් ලක්ෂ 7 ක ප්‍රතිජීවක ඖෂධ තොගයක් අත්අඩංගුවට ගත් බව කොටහේන පොලීසිය කියයි. 18 March 2021
පාර්ලිමේන්තු කාරක සභා තව පුළුල් කෙරේ පාර්ලිමේන්තුවේ අමාත්‍යංශයීය උපදේශක කාර්ය සභා තවදුරටත් පුළුල් කිරීමට අගමැති මහින් රාජපක්ෂ මතා තීරනය කර ඇත. 18 March 2021
හොරණ කුඩු සිද්ධිය තවත් හිටපු සෙබළෙක් අල්ලයි හමුදා වාහනයකින් මත්කුඩු කිලෝ 45 ක් සමග පසුගියදා හොරණ දී හමුදා සෙබළකු දෙදෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් හිටපු සෙබළකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පොල්පිතිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 18 March 2021
රවී රිමාන්ඩ් කළේ ඇයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී විත්තිකරුවන් සිදුකළ ක්‍රියාවන් හේතූවෙන් රජයට විශාල පාඩු සිදුව ඇති බවත් ඒ හේතූවෙන් මහජනතාව මේ වන විටත් කැළඹීමෙන් පසුවන හෙයින් මෙම නඩුවේ සියළුම විත්තිකරුවන් නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියාය. 18 March 2021
ඊටීඅයි අධ්යක්ෂවරුන් මර්තු 30 තෙක් රිමාන්ඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් මූල්‍යායතනයක් පවත්වාගෙන ගොස් එමගින් මුදල් විශුද්ධීකරණය කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව් දෙනා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 17 March 2021
මැදියම් රැයේ සිට දුම්රිය නෑ දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් දුම්රිය ධාවනයෙන් අද මධ්‍යම රාත්‍රියේ ඉවත්වන බව දුම්රිය නියාමක සංගමයේ උප ලේකම් නිරෝෂන් හේරත් මහතා පවසයි. 17 March 2021
වන විනාශය හෙළි කළ දැරියට අත නොතබනු වනාන්තර විනාශය නතර කරන්නැයි ද සිංහරාජ වනාන්තරය ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නැගූ භාග්‍යා අබෙිරත්න දැරියට අනිසි බලපෑම් නොකරන්නැයිද ඉල්ලමින් ලක් වනිතා මවු වරුන්ගේ සංවිධානය අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනක් අද ඇරැඹීය. 17 March 2021
රාත්‍රී තැපැල් දුම්රිය නවතී කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ සියලු රාත්‍රී තැපැල් දුම්රය ධාවනය නොවූ බව දුම්රිය නියාමක සංගමය කියයි. 17 March 2021
අපේ වනගහණය සියයට 17 දක්වා පහතට යහ පාලන කාලයේ සියයට විස්සක් ලෙස තිබූ ශ්‍රී ලංකාවේ වනගහනය වත්මන් ආණ්ඩුව යටතේ 17%ක් දක්වා පහත බැස ඇතැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 17 March 2021
අසාද් සාලිගෙන් මාස තුනක් ප්‍රශ්න කරයි පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ජාතික සමගි පෙරමුණේ නායක සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලී මහතා මාස 3 රැඳවුම් නියෝග මත හරස් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 17 March 2021
සීනි වංචාවට තවත් විමර්ශන සීනි බදු වංචාව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙන වෙනම විමර්ශන අරඹා ඇත. 17 March 2021
කොරෝනා නසන්න ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එයි එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත ද මෙරටට ගෙන්වීමට අවධානය යොමු වී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය හා කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය. 17 March 2021
බඳුම්කර චෝදනාවට රවී ඇතුළු පිරිස 23 දක්වා රිමාන්ඩ් ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය. 17 March 2021
රුපියල් තවත් පහළට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය අද (17) 201 සීමාව ඉක්මවා පහළ ගියේය. 17 March 2021
බැඳුම්කර නඩුවේ විත්තිකරුවනට ඇප දෙනවාද නැද්ද තීන්දුව 5ට බැඳුම්කර නඩුවේ විත්ත්කරුවන් වන රවි කරුණානායක ඇතුළු විත්තිකරුවනට ඇප දෙනවාද නැද්ද යන්න තීන්දුව අද සවස 5.00 ලබා දෙන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය. 17 March 2021
ශානිගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අධිකරණයට කියයි රිමාන්ඩ් භාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා මේ වන විට රෝගාබාධ කිහිපයකින්ම පෙලෙන බවත් , මේ හේතුවෙන් ඔහුගේ ජීවිතය දැඩි සෞඛ්‍ය අනතුරකට ලක්ව ඇතැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 17 March 2021
ඊටිඅයි අධ්යක්ෂවරුන් අධිකරණයට මුදල් විශුද්ධීකරණ පනතට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබූ ඊටීඅයි සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් කොටුව මහෙස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි. 17 March 2021
නීතිපතිට නොතිසී රිමාන්ඩ් භාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන්නැයි ගොනු කළ ප්රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් කරුණ දැක්වීමට අප්‍රේල් 01 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය නීතිපතිට නොතීසි නිකුත් කළේය. 17 March 2021
දුම්රිය වර්ජනය තාවකාලිකව අවසන් ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් අද දහවල් 12ට ආරම්භ වූ දුම්රිය වැඩ වර්ජනය සවස 3.ට අවසන් කළ බව දුම්රිය රියැදුරු හා නියාමක සංගමය පවසයි. 17 March 2021
‘‘පූජිත-හේමසිරි සම්බන්ධ මූලික විමර්ශන අවසන්‘‘ පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සහ වගකීමෙන් බැහැරවීමෙන් සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකර ඊට අනුබල දී වරදක් සිදුකළැයි කියන සිද්ධියට අදාළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සම්බන්ධ මූලික විමර්ශන අවසන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ සඳහන් කළේය. 17 March 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026