බස් අනතුරේ රියදුරා බීමත්දැයි පරීක්ෂණ බදුල්ල - ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදි අනතුරට පත් බසයේ රියැදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සිද්ධිය වන අවස්ථාවේ ඔහු කිසියම් මත් ද්‍රව්‍යයක් හෝ මත්පැන් ලබාගෙන තිබුණේ ද යන්න හෙළි කර ගැනීම සඳහා ඔහුගේ මුත්‍රා සහ රුධිර සාම්පල ලබාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 21 March 2021
අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනකු අල්ලයි ඉන්දියාවේ දී මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධ කරුවකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයින් බව කියන දෙදෙනකු මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 21 March 2021
කාන්තාවට ලක්ෂ 80 සඟවන්න බැරි වෙයි රුපියල් ලක්ෂය 80කට අධික මුදලක් ත්‍රි රෝද රථයකින් රැගෙන යමින් සිටි කාන්තාවක පැල්මඩුල්ලේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 March 2021
අද දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරුමැද පළාත්වල අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 March 2021
ප්රවීණයන්ගේ අවසන් ගැටුම අද රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ‘ලෙජන්ඩ්ස්’ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන ශ්‍රී ලංකා ‘ලෙජන්ඩ්ස්’ පිල සහ සචින් තෙන්ඩුල්කාර් මෙහෙයවන ඉන්දීය ‘ලෙජන්ඩ්ස්’ පිල අතර අද (21) මුම්බායිහිදී පැවැත්වේ. 21 March 2021
ලොතරැයි මුද්‍රණයට වසර හතරට කෝටි 200ක්:කෝප් විමර්ශන ජාතික ලොතරැයි මණ්ඩලය ලොතරැයිපත් මුද්‍රණය සඳහා රුපියල් කෝටි 200කට අධික මුදලක් 2016 - 2019 වර්ෂය දක්වා වසර හතරේදී වැය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) විමර්ශනයක් අරඹා ඇත. 21 March 2021
සෙල්ලම් පිස්තෝල සමග සැබෑ පිස්තෝලය ගෙනා අය අල්ලයි දෙමටගොඩ කාගෝ සමාගමකට ජපානයේ සිට සෙල්ලම් පිස්තෝල දෙකක් සමග එවන ලද ගිනි අවි හා ජීව උණ්ඩ හය ලබා ගැනිමට පැමිණි සිටි පුද්ගලයකු දෙමටගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය 20 March 2021
තෙවන කළු ඉරිදා හෙට පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉල්ලා පවත්වන කළු ඉරිදා විරෝධතාව තුන්වැනි දිනටත් හෙට (21) දිනයේදී ක්‍රියාත්මක බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 20 March 2021
ඉන්දියානු මහ කොමසාරිස්, විදේශ ඇමැති හමුවෙයි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හදිස් හමුවක් අද සිදුවිය 20 March 2021
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් හයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අද (20) අත්සන් තැබු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බංග්ලාදේශ නිල සංචරය පිලිබද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය කියා සිටී. 20 March 2021
‘‘ජනපතිවරණයට නැවත එනවාද නැද්ද තීරණය ජනතාව අතේ‘‘ තමා දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 20 March 2021
පාකිස්තාන අගමැතිට කොරෝනා පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි විදෙශ් මාධ්‍ය වාර්තා කියයි. 20 March 2021
ජීවිත 15 අහිමි කළ කළුගල ලුණුගල- බදුල්ල මාර්ගයේ බස් රථ අනතුරට හේතුව මීට මාස 6කට පෙර එම මාර්ගයට කඩා වැටුණු කළු ගලක් බව ප්‍රදේශවාසීහු කියති. 20 March 2021
රක්ෂිතයේ ඉඩම් බෙදූ ප්‍රා.මන්ත්‍රී අල්ලයි කන්තලේ වාන්ඇල විහාරගල රක්ෂිතයේ ඉඩම් කට්ටිකර පුද්ගලයන් පිරිසකට බෙදීමේ නිරතව සිටී කන්තලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 20 March 2021
බ්‍රිතාන්‍ය මහාධිකරණයෙන් මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබු තීන්දුව ඉවතදමා මේජර් ජෙනරාල් ප්‍රනාන්දු එම චෝදනාවෙන් නිදහස් කීරීමට බ්‍රිතාන්‍ය මහාධිකරණය තීන්දු කර ඇතැයි එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී. 20 March 2021
පැරිෂුටුයෙන් ආ මරුවා අම්පාර උහන ගුවන් හමුදා පුහුණු පාසලේ දී පැරිෂුට් පුහුණුවක නිරත වෙමින් සිටීයදි සුළගේ දිසාව වෙනස් වීමෙන් පැරශුට් දෙකක් එකට පැටලී වූ අනතුරකින්සි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය. 20 March 2021
රාජිත - චතුර සඳුදා .සී.සී.ඩීයට මාධ්‍ය වේදියකු පැහැර ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන මහත්වරුන් ලබන සදුදා 22 කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණීමට නියමිතව ඇතැයි පොලීසිය සඳහන් කරයි. 20 March 2021
රවි ඇතුළු පිරිස රිමාන්ඩ් බන්ධනාගාරයට මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග.කියයි. 20 March 2021
බස් අනතුරින් 14ක් මරුට: 32කට තුවාල මොනරාගල - බදුල්ල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ දී අද අලුයම පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 14 ක් මියගොස් තවත් 32ක් තුවාල ලබ ඇතැයි පස්සර පොලිසිය කියයි. 20 March 2021
රේගුවෙන් පිස්තෝලය පන්නන්න බැරිවෙයි දෙමටගොඩ ඩැනිස්ටර් ද මාවතේ පිහිටි රේගු අංගනයේ පාර්සලයක තිබී පිස්තෝලයක් සොයාගත් බව දෙමටගොඩ පොලීසිය කියයි. 20 March 2021
කුඩු කිලෝ තුන්සීය ලංකාවට ගේන්න බැරිවෙයි ට්‍රෝලර් යාත්‍රා 03ක සඟවා හෙරොයින් කිලෝ ග්‍රෑම් 300ක්, ඒ කේ 47 වර්ගයේ ගිනි අවි පහක් ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි සහ එහි සිටි ලාංකිකයන් 12 දෙනකු ඉන්දියාවේ ලක්ෂව්දීප් දූපත ආසන්නයේදී ඉන්දීය වෙරළ ආරක්ෂක හමුදාව අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 20 March 2021
කුඩු නිසා තරුණයකු ඝාතනය කළ සැකකරු රිමාන්ඩ් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දෙපාර්ශවයක ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් 19 හැවිරිදි තරුණයෙකුට පිහියෙන් ඇණ ඝාතනය කළැයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනී ද සිල්වා මහත්මිය නියෝග කළාය. 20 March 2021
පරිසරය රකින්න තරුණයෝ පෙරට මේ දිනවල සිදුවන වන විනාශයට එරෙහිව ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂාක සංගමය සංවිධානය කර ලද නිහඩ විරෝධතාවයක් අද කොලඹ නෙලුම් පොකුණ ඉදිරිපිට පැවැත්විය. 19 March 2021
බැදුම්කර නඩුවේ ලේඛණ මුද්‍රණයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි ගණනක පාඩු කළ බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, රටින් පැනගොස් සිටින අර්ජුන් මහෙන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට චෝදනා පත්‍ර සමඟ බාරදීමට නියමිත උධෘත හා ලේඛණ මේ වන විට රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කටයුතු සිදු කරයි. 19 March 2021
‘‘ජිනීවා යෝජනා සත්‍ය වසන් කිරීමක්‘‘ එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍ය වසන් කොට දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 19 March 2021
එතෙරින් එන අයට ගෙදරම නිරෝධායනය ඉල්ලා ස.ජ.බ පාරට බසී විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයනට නිවෙස්වල නිරෝධායනයවීමේ අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ දී අද පස්වරුවේ පැවැත්විණි. 19 March 2021
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් මාතර සිට මහනුවර බලා ධාවනය වන සීග්‍රගාමි දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම නිසා ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වීම නිසා මගීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 19 March 2021
ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ විජයකලාට නීතිපති උපදෙස් නෑ එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළැයි කියන සිද්ධියට අදාළ සැකකාර කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවට උපදෙස් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නිතිපතිවරයාට යළි සිහිකැදවීමක් කළේය. 19 March 2021
බත්තරමුල්ලේ වැඩිහිටි නිවාසයකින් කොරෝනා අසාදිතයෝ 58 ක් බත්තරමුල්ල වික්‍රමසිංහපුර වැඩිහිටි නිවාසයකින් කොවිඩ් අසාදිතයින් 58 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු කියති. 19 March 2021
තරුණයන්ගේ පරිසර සිතුවම පොලිසිය ගලවයි සොබාදහම සුරැකීමේ සංගමය නියෝජනය කරමින් පරිසර සංවිධාන කිහිපයක තරුණ තරුණියන් පිරිසක් කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට විහාර මහා දේවි උද්‍යානයේ සවිකර තිබූ දැවැන්ත සිතුවමක් ඉවත් කිරීමට පොලිස් පරිසර කොට්ඨාශය අද (19) කටයුතු කළ අවස්ථාවේදී එම තරුණ තරුණියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. 19 March 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026