ඇෆ්ඝනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 14 ක් මරුට ඇෆ්ඝනිස්ථානයේ මධ්‍යම බාමියන්හි සිදුවූ පිපිරීම් දෙකකින් 14 දෙනකු මියගොස්, 45 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පළාත් බලධාරීහු පවසති. 24 November 2020
අද දිනයේ සමස්ත ආසාදිතයන් ගණන 458 ට නගී මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (24) පස්වරු 9.55 වනවිට තවත් ආසාදිතයන් 171 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 458 ක් දක්වා ඉහළ ගියේය. 24 November 2020
අදත් කොරෝනා මරණ 4 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් සිවුදෙනකු අද (24) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 24 November 2020
සරසවි විභාග අන්තර්ජාලය ඔස්සේ විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉදිරි විභාග අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා වන ක්‍රමවේදය සතියක් ඇතුළත නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය. 24 November 2020
අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට එන්.වී.කිව්. පුහුණුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවට බඳවා ගැනෙන අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් ලක්ෂයක පිරිසක් මාස 6ක පුහුණුවකට යොමුකර එන්.වී.කිව්. සහතික පත්‍ර ලාභීන් බවට පත් කිරීමට රජය තීරණය කර ඇත. 24 November 2020
කන්තලේ සීනි සමාගමේ 34 කට පඩි දෙන්න ලක්ෂ 41 ක් ඉල්ලයි කන්තලේ සීනි සමාගමේ සේවකයන් 34 දෙනකුට ලබන දෙසැම්බර් මාසය වනතෙක් වැටුප් ගෙවීමට හා ආයතනයේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 41ක මුදලක් ලබාදෙන ලෙස වැවිලි අමාත්‍යාංශය මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත. 24 November 2020
කොළඹ මැනිං වෙළඳපොළේ නාට්ටාමිවරුන් - යාචකයන් 20 කට කොරෝනා කොළඹ මැනිං වෙළඳපොළ ආශ්රිත නාට්ටාමිවරුන් සහ කොළඹ ප්‍රදේශයේ යාචකයින් පිරිසක් නිරෝධායනය පිණිස වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයෙහි සිටියදී ඉන් 20 දෙනෙකු, කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි. 24 November 2020
ගෞරව උපාධිධාරිනියකට ප්‍රා.ලේ. කාර්යාල ගේට්ටුවේ රාජකාරි සෞන්දර්ය ගෞරව උපාධිධාරිනියක් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුවේ රාජකාරි කරන බවත් එය උපාධිධාරීන්ට සාධාරණය ඉටුකිරීමක් ද යන්නත් ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය. ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් විජිත හේරත් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. 24 November 2020
ඉකුත් වසරේදී ඉන්දු - ලංකා සබඳතා ශක්තිමත් වුණා ඉකුත් වසරක කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා නව අංශ කරා පුළුල් හා ශක්තිමත් වූ බව ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය. 24 November 2020
බයිඩන්ට ජනපති බලය පවරන්න ට්‍රම්ප් කැමැත්ත දෙයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් මහතාට බලය පැවරීමට කැමැත්ත පළ කර ඇත. 24 November 2020
දිඹුලාගල පුරාවිද්‍යා භූමියක් වී වගාවට ඩෝසර් කරලා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට මුහුණලා තිබෙන නාමල්පොකුණ ප්‍රදේශයේ වටිනා පුරාවස්තු රැසක් පිහිටා තිබෙන භූමියක් වී වගාව සහ අනෙකුත් වගාවන් සඳහා ඩෝසර් කර තිබේ. 24 November 2020
අම්බලන්ගොඩ පාසල් දෙකක 9-11 ශ්‍රේණිවල ගුරුවරුන්-සිසුන් ස්වයං නිරෝධායනයට අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබන එකම පවුලේ ළමයින් දෙදෙනෙකුගේ මවට සහ පියාට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (24) තහවුරුවීම නිසා එම පන්ති දෙකේ සිසුන් සහ ගුරුවරුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට උපදෙස් දුන් බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ.සිංගාරච්චි මහතා පැවසීය. 24 November 2020
බේරුවල ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයකුට කොරෝනා බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු කොවිඩ් 19 ආසාදිතයකු බවට සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇතැයි බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා බේරුවල කරුණාසේන පුරනිවසේ දී පැවසීය. 24 November 2020
සනීපාරක්ෂක තුවා අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්නයි ඩයනා ඉල්ලයි ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52% ක් කාන්තාවන් වන බැවින් මෙන්ම විශේෂයෙන් එයට අයිති පාසල් වයසේ දැරියන් පිළිබඳව අවධානය යොමු කරමින් ‘සනීපාරක්ෂක තුවා’ අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් බවට පත්කරන ලෙස සමඟි ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද (24) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියාය. රජය ‘සනීපාරක්ෂක තුවා’ සඳහා 15% ක වැට් බද්ධක් පැනවීමට කටයුතු කිරීම මෙම ඉල්ලාසිටීමට හේතුව බවට පත්විය. 24 November 2020
කොරෝනා වැළැක්වීමේ එන්නත නිපදවන කණ්ඩායමේ ලාංකේය වෛද්යාචාර්යවරියකුත් ගෝලීය අර්බුද රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා ගෝලීය වයිරස වසංගතය මර්දනය කිරීම සඳහා මේ වනවිට එන්නත් නිෂ්පාදනය වෙමින් සංවර්ධනය කෙරෙමින් තිබේ. 24 November 2020
කටුනායක කොරෝනා පාලනයට නාවික අනුකණ්ඩයක් කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පැතිර යන කොරෝනා වසංගතය පාලනය සඳහා සෞඛ්‍ය අංශයට සහයවීමට නාවික හමුදාවේ අද්මිරාල් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ නාවික නිලධාරින් සිව්දෙනෙකු ඇතුලු නාවික භටයන් 25 දෙනෙකු කලාපය තුළම පූර්ණ කාලීනව සේවයේ යොදවා ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක (කලාප) එම්.කේ.ඩී.ලෝරන්ස් මහතා පවසයි. 24 November 2020
කන්ද උඩරට ජලාශවලට භූ කම්පනමාන ඕනෑ මහනුවර ආසන්නයේ පිහිටා ඇති ජලාශ සියල්ලට භූ කම්පනමාන සවිකර ඒවා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ ඇති ජාතික දත්ත මධ්‍යස්ථානයට සම්බන්ධ කළ යුතු යැයි මහනුවර ප්‍රදේශ කිහිපයක පසුගියදා සිදුවූ භූකම්පනවලට හේතු සොයා බැලීම සදහා පත් කළ විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇත. 24 November 2020
බණ්ඩාරගමට - අටලුගමට ඩ්‍රෝන කැමරා හුදෙකලා කරන ලද බණ්ඩාරගම අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් හතේ පදිංචිකරුවන් ගේ සංචරණ යන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඩ්‍රෝන කැමරා මගින් පරික්ෂා කිරීම යුදහමුදා රෙජිමේන්තුව මගින් අද (24) සිදු කෙරිණි 24 November 2020
සුවය ලැබූවන් ගණන 15,000 ට කිට්ටු කරයි කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 465 දෙනෙකු සුවය ලබා අද (24) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 24 November 2020
ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්ද ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්ද බව සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය අද(24) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් පැවසුවාය. 24 November 2020
පිල්ලෙයාන්ට ඇප නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ට අද දින (24) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ. 24 November 2020
ජනාධිපති ගෝඨාභයට 2011 දී නිකුත්කළ සිතාසිය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි ලලිත්- කුගන් නඩුවට සාක්කි දීමට අධිකරණයේ පෙනී සිටින්නැයි ජනාධිපතිට නිකුත් කළ සිතාසිය අභියාචනාධිකරණය බලරහිත කරයි 24 November 2020
බලපත්‍ර නොමැති වැලි කියුබ් 200 ක් පෞද්ගලික ඉඩමක පොළොන්නරුව,28 කණුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ගබඩාකර තිබූ වැලි කියුබ් 200කට අධික තොගයක් අද (24)අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි. 24 November 2020
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමයි කිලිනොච්චිය දිස්ත්‍රීක්කයෙන් කොවීඩ් 19 වයිරසය ආසාදිතයකු වාර්තා වීමත් සමග කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පිහිටි සියලුම පාසල් වෙතට අද (24) සිට වසා තැබීමට පියවර ගත් බවට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එල්.ඉලංකෝවන් මහතා නිවේදනය කර ඇත. 24 November 2020
හිස්බුල්ලා සම්බන්ධ බැංකු ගිණුම් 2 කට කෝටි 400 ක් පිටරටින් ලැබිලා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාද සම්බන්ධ බැංකු ගිණුම් දෙකකට වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 4,000 කට ආසන්න මුදලක් පිට රටවලින් ලැබී තිබෙන බවට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි ඉදිරිපත් විය. 24 November 2020
අභියෝග තේරුම්ගෙන ඊට අනුගතව මුහුණදෙමු බස්නාහිර පළාතේ හා දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල රජයේ පාසල් තුන්වැනි වාරය සඳහා ඊයේ විවෘත විය. හය ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පාසල් විවෘත වූ අතර දුරස්ථභාවය හා වෙනත් සෞඛ්‍ය නීති පිළිපදිමින් සිසුන්ට උගන්වන ආකාරය සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් ප්රමුඛ කමිටුවකින් තීන්දු තීරණ ගත යුතු බව අධ්‍යාපන ඇමති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබිණි. 24 November 2020
අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා පනවයි අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ වසම් කිහිපයක් තුලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් අකුරණ කොට්ඨාසයේ ග්‍රාම නිළධාරි වසම් දෙකක් සඳහා අද (24) වනදා සිට සංචරණ සීමා පනවනු ලැබූ බව සෞඛ්‍ය අංශ කියයි. 24 November 2020
දින 25 යි - මුඛ ආවරණ නැතිව අත්අඩංගුවට ගැනීම් 527 යි මුඛ ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය දින 25 තුළදී පොලීසිය විසින් පුද්ගලයන් 527 දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 24 November 2020
කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනකු අද (23) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 23 November 2020
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 335 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (23) පස්වරු 10.10 වනවිට තවත් ආසාදිතයන් 131 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 335 ක් දක්වා ඉහළ ගියේය. 23 November 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026