ඉවසීමේ ගුණය වෛද්‍යවරුන්ට අවශ්‍යයි පාසල් පිට්ටනියේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි සිසුවකු අතින් සිය නිවසට විසි වූ බෝලයක් ඉල්ලීමෙන් උරණ වී දාහත් හැවිරිදි දරුවකුගේ පපුවට වායු රයිෆලයකින් වෙඩි තැබූ බව කියන සිද්ධියට අදාළව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයා ලබන 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 26 November 2020
කෝප් කමිටු රැස්වීම අන්තර්ජාලය ඔස්සේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අන්තර්ජාලය ඔස්සේ අද(26) සිට පැවැත්වීමට නියමිත බව කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් මහතා පවසයි. 26 November 2020
කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මිය යයි ගාලු මුවදොර පිටියේදී ශරීර සුවතාවයේ යෙදී සිටි කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස්පරීක්ෂකවරයා හදිසියේ ඇද වැටී මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 26 November 2020
හිටපු පාපන්දු ක්‍රීඩක මැරඩෝනා සමුගනී ආජන්ටිනාවේ හිටපු පාපන්දු ක්‍රීඩක ඩියෙගෝ මැරඩෝනා, මොළයේ රුධිර කැටි ගැසීමක් සඳහා සැත්කමක් කර සති දෙකකට පසුව හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (25) සිය නිවසේදී ගියේය. 26 November 2020
තවත් කොරෝනා මරණ 2 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද (25) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 25 November 2020
ලක්ෂ 5 ක අල්ලසකට පොඩි ලැසීට දුරකතන පහසුකම් සංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. 25 November 2020
හෙරොයින් කිලෝ 100 ක් - ශ්‍රී ලාංකිකයන් 6 ක් ඉන්දියාවේ අත්අඩංගුවට දින නවයක මෙහෙයුමකින් පසු හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමඟ ශ්‍රී ලාංකිකයන් හය දෙනකු ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායේ අත්අඩංගුවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 25 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 18,000 ට කිට්ටු කරයි මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (25) පස්වරු 10.00 වනවිට තවත් ආසාදිතයන් 208 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 502 ක් දක්වා ඉහළ ගියේය. 25 November 2020
බණ්ඩාරගම කිරිමන්තුඩාව අගුලු අරී හුදෙකලා කර ඇති බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම අද(25) මේ මොහොතේ සිට හුදකලා තත්වයෙන් ඉවත් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. 25 November 2020
බස්නාහිර සිට අ’පුරට එන පිරිස සීමාකරන්න බස්නාහිර පළාතෙන් අනුරාධපුරයට පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සීමාකිරීමට කටයුතු කරන්නැයි ජාතික කොවිඩ් -19 බලකාය වෙත දන්වා යවන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වසංගත රෝගය වැළැක්වීමේ දිස්ත්‍රික් කමිටුවේ නිලධාරින්ට අද (25) උපදෙස් දුන්නේය. 25 November 2020
දිය නාන්න ගිය එකම පවුලේ දරු දෙදෙනකු මරුට තොටගමුව පාලම අසලින් දිය නෑමට ගිය අට හැවිරිදි පිරිමි දරුවකු හා සත් හැවිරිදි දියණියක අද (25 ) පස්වරුවේ දියේ ගිලී මරුමුවට පත්වී ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි. 25 November 2020
ඊශ්‍රායලයේ සිර වූ ලාංකිකයන්ගෙන් ජනපතිට ඉල්ලීමක් පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් යළි දිවයිනට පැමිණීමට නොහැකිව සිටින තමන්ව හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගන්නැයි ඊශ්‍රාලයේ රැකියා සදහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයෝ 100කට ආසන්න පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර සිටිති. 25 November 2020
සේවිකාවකට පහරදුන් ආයතන ප්‍රධානියා ඇප මත මුදාහරියි ගම්පහ උඩුගම්පොළ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ කලමනාකාර සහකාරවරියකට කාර්‍ය්ලය තුලදි පහර දුන් එම ආයතන ප්‍රධානියාව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහරින ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (25) නියම කළේය. 25 November 2020
ලංගම මගීන්ට කොවිඩ් සහන රක්ෂණ අරමුදලක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ගමන් ගන්නා මගීන් සඳහා කොවීඩ් සහන රක්ෂණ අරමුදල නමින් විශේෂ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ. 25 November 2020
කොරෝනා අවදානම නිසා මහනුවර නගරයේ පාසල් 45 ක් තාවකාලිකව වසයි මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45 ක් හෙට (26) සිට දෙසැම්බර් මස 4 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසයි. 25 November 2020
අම්බලන්ගොඩ පි. ද එස්. කුලරත්න විදුහල දින දෙකක් වහයි අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය හෙට (26) සහ අනිද්දා (27) පාසල් සිසුන් සදහා විවෘත නොවන බව විදුහල්පති ජී.ඩබ්ලිව්.ජගත් සේනාරත්න මහතා අද (25) පස්රුවේදි පැවසීය. 25 November 2020
දීඝවාපී දාගැබේ ශෛලමය මංජුසාවක රන් කරඬු 4ක් - පළිඟු කරඬුවක් ඓතිහාසික දීඝවාපි දාගැබේ දකුණු පස වාහල්කඩ කැණීමේදි හමුවු ශෛලමය මංජුසාවේ තිබී රත්රන් කරඬු 4ක් සහ පළිගු කරඬුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයේ නිලධාරීහු සොයාගත්හ. 25 November 2020
සුවය ලැබූවන් ගණන 15,000 පනී කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 485 දෙනෙකු සුවය ලබා අද (25) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 25 November 2020
මුතුරාජවෙල පරිසර වාර්තාව ප්‍රමාද කළ නිලධාරියාට දඬුවම් මාරුවක් ගම්පහ කලාපය භාර පරිසර නිලධාරිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නියෝග මත මෙම පියවර ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 25 November 2020
විධායක ඉංජිනේරුවරයා නිලධාරිනියකට පහර දෙයි බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ විධායක ඉංජිනේරුවරයා විසින් එම අධිකාරියේ උඩුගම්පොළ ප්‍රධාන කාර්යාලයෙහි නිලධාරිනියකට පහරදීමේ සිද්ධියක් මත ඉංජිනේරුවරයා ගම්පහ පොලීසිය මගින් අද (25) දහවල් අත් අඩංගුවට ගනු ලැබීය. 25 November 2020
වත්මන් රජය කරන්නේ තනි පුද්ගලයන් ශක්තිමත් කිරීමයි තිබුණු ආණ්ඩුවෙයි වත්මන් ආණ්ඩුවෙයි ලොකු වෙනසක් ඇති බවත් ඒ වෙනස නම් තිබූ රජය සිදුකළ ජනතාව ශක්තිමත් කරන සංශෝධන වෙනුවට වත්මන් රජය සිදුකරන්නේ එක් එක් පුද්ගලයන් ශක්තිමත් කරන සංශෝධන බවත් සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද(25) පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධ විවාදයට එක්වෙමින් පැවසීය. 25 November 2020
පරිසර වාර්තාව ලැබෙනතුරු ගාලු කොටුවේ අඩිතාලම පිළිසකර කිරීම නවතී ගාල්ල කොටුවේ අඩිතාලමේ සෝදා ගෙන යාමට පටන්ගෙන ඇති ස්ථානවලට ගල් දමා ආරක්ෂා කිරිමේ වැඩ පිළිවෙල නිසි පරිසර අධ්‍යනයක් සිදුකර වාර්තාව ලැබෙන තෙක් තාවකාලිව නතර කිරිමට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (25) උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපාතියේ නිලධාරින්ට සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දුන්නේය. 25 November 2020
ශානි අබේසේකරට කොරෝනා මහර බන්ධනාගාර රෝහලේ රඳවා සිටි රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා ආසාදිත වී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 25 November 2020
බදියුදීන්ට ඇප රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප දෙකක මත මුදා හැරිමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(25) නියෝග කළේය. 25 November 2020
මුඛ ආවරණ නැතිව මඩකළපුව නගරයේ සිටි15 දෙනෙකුට දඩ මුඛ ආවරණ නොපැලදු 15 දෙනෙකු නිරෝධාන හා රෝග මර්ධන සම්බන්ධ පනත යටතේ අත් අඩංගුවට ගත් බව මඩකලපුව මහජන කෝටමුනේ සෞඛ්‍ය පරීක්ෂකා ආර් මිතුන්රාජ් පැවසීය. 25 November 2020
ශ්‍රී ලංකන් බර අදින අපේ දුප්පත් වැසියෝ දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අත්‍යවශ්‍ය වියදම් සඳහා රුපියල් කෝටි 2270 ක මුදලක් සංචාරක අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතැයි සඳහන් පුවතක් ඉකුත් දා වාර්තා විය. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන් යානා කල්බදු ගෙවීම, ගුවන් යානා එන්ජින් නඩත්තු කරන්නන්ට ගෙවීම, කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම ආදී අත්‍යවශ්‍ය කාරණා සඳහා මෙම මුදල් ඉල්ලා තිබෙන බවද මාධ්‍ය වාර්තාවල සඳහන්ය. 25 November 2020
කොළඹ සමාගමක සිටි ඉන්දියානුවන් 93 න් 53 කට කොරෝනා කොළඹ යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගම සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 93 දෙනකුගෙන් 53 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරුකරගෙන තිබේ. 25 November 2020
පානදුර කේතුමතී රෝහලේ වාට්ටු දෙකක් තාවකාලිකව වසා දමයි පානදුර කේතුමති රෝහලේ වාට්ටු දෙකක් තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ. 25 November 2020
විශ්වාසවන්ත අය පත්කර ගැනීමේ බලයක් මට තිබුණා නීතිපොත්වල මොනවා තිබුණත් ගැටලුවක් මතුවන අවස්ථාවලදී විශ්වාසවන්ත අය පත්කර ගැනීමේ බලයක් ජනාධිපති ලෙස මට තිබුණා. ඉන්දියාවේ සිටි කෞටිල්‍ය කියලා තිබෙන්නෙත් තමන්ට විශ්වාස අය ළඟට ගන්න අවිශ්වාස අය ඈත් කරන්න කියලයි. ඒ නිසා මම අවිශ්වාසවන්ත අය ඉවත් කළා යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශනය කොමිෂන් සභාව හමුවේ ඊයේ (24) පැවසීය. 25 November 2020
ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වහයි ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලික වාසාදැමූ බව හලාවත පොලිස් අධිකාරී කාර්යාලය කියයි. හලාවත - සහ ආරච්චිකට්ටුව ප්‍රදේශ වලින් තවත් කොරෝනා ආසාධිතයින් 07 දෙනෙකු හදුනා ගෙන බැවින් මෙම පියවර ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. 25 November 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026