පළාත් කීපයකට මඳ වැසි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (21) මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 June 2021
සේරුවිල ප්‍රාදේශීය සභා සභාපතිගේ පෙත්සම විභාගයට නොගෙනම විසි කරයි සේරුවිල ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය වීම නිසා එහි සභාපති ධූරයෙන් රණසිංහ බණ්ඩාර (එ.ජා.ප.) මහතා ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ගත් තීරණය නිවැරදි බවට අභියාචනාධිකරණය තහවුරු කළේය. 21 June 2021
රට රටවල කොරේනා වාර්තා ජූනි 20 වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 20 June 2021
‘‘ලංකාදීප‘‘ පවුලේ පුවත්පත් අද සිට ඔබ අතට සංචරණ සීමා පැනවීම නිසා සීමා සහිත ප්‍රදේශයක පාඨකයන් අතරට පත් වූ ලංකාදීප පවුලේ පුවත්පත් අද (21) සිට දිවයින පුරා සියලු පුවත්පත් අලෙවි නියෝජිතයන්ගෙන් ඔබට ලබා ගත හැකියි. 20 June 2021
තැපැල් සේවා හෙට සිට සුපුරුදු පරිදි වැඩ රට පුරා සියලූ තැපැල් සේවා කටයුතු හෙට (21) සිට යළි අරඹන තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 20 June 2021
නීති කඩා පාටි දැමූ ලිඳුල ප්‍රා.සභාපති අත්අඩංගුවට සංචරණ සිමා නිතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වු තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති පි.භාරතිදාසන් මහතා ඇතුළු 07 දෙනකු (20) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පවසයි. 20 June 2021
අරක්කු තොගයක් සමග දෙකක් දැලේ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රජයේ මත්පැන් බෝතල් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු මාලඹේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 20 June 2021
අනූෂ පැල්පිටට සංස්ථා සභාපති ධූරයක් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට මහතාට සංස්ථා සභාපති ධුරයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 June 2021
ගජමුතු සමග දෙකක් මාට්ටු අක්මිමන හියාරේ ප්‍රදේශයේ දි ගජමුතු 04ක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බැව රත්ගම විශේෂ කාර්ය බලකා කදවුර පවසයි. 20 June 2021
කොරෝනා මරණ 47ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 47 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 June 2021
කොරෝනා ආසාදිතයන් 1553ක් වාර්තා වෙයි කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,553 දෙනකු අද (20) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 20 June 2021
රට අරින්න සෞඛ්‍ය කොන්දේසි දැඩි සෞඛ්‍ය කොන්දේසි යටතේ හෙට (21) සිට ජූලි මස 5 වැනි දින දක්වා සංචරණ සීමා ලිහිල් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදන කරයි. 20 June 2021
හෙට සිට දුවන්න දුම්රිය සූදානම් සංචරණ සීමා හෙට (21) අලුයම 4.00 සිට ඉවත් කිරීමට රජය තීරණයත් සමග අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන අයගේ පහසුව තකා දුම්රිය ගමන්වාර කීපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. 20 June 2021
දිසා 12ක වසම් 24ක් හෙට අලුයම 4 සිට හුදකලා කරයි කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට ( 21) අලුයම 4.00 සිට බල පැවැත්වෙන පරිදි හුදෙකලා කෙරේන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි 20 June 2021
නාවික හමුදාවෙන් තලෙයිමන්නාරම රෝහලට පිරිසිදු ජලය නාවික හමුදාව සහ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහලට ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ප්රදානය කළේය. 20 June 2021
මුහුදු ජීවීන් මිය යෑමට හේතුව හොයන්න රටවල් රැසක සහාය කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවීන්ගේ අසාමන්‍ය ලෙස මියයෑමට ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය බලපෑමක් වී ඇතැයිද තහවුරු කරගැනීමට රටවල් කීපයකට සාම්පල් යොමු කිරීමට තීරණය කර ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි. 20 June 2021
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ තනතුරට සමිත ගිණිගේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ බලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පත් කර තිබේ. 20 June 2021
‘‘කැස්බෑවුන් මියගොස් ඇත්තේ තෙල් තට්ටුව නිසා ‘‘ මුහුදු ජලය මත තිබු තෙල් තට්ටු හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකි ව කැස්බෑවුන් මිය ගොස් ඇති බවට එම සිරුරු සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරික්ෂණවලින් හෙළි වී ඇතැයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා පවසයි. 20 June 2021
රටබීම අලෙවිසල් හෙට සිටි විවෘතයි සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දිවයින පුරා මත්පැන් අලෙවිසල්ද හෙට සිට විවෘත කිරිමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 20 June 2021
ආයුර්වේදයට මුවා වී කසිප්පු විකිණූ ත්‍රිරොද රියැදුරා මාට්ටු වේදනා නාශක ආයුර්වේද දියර බෝතල් වශයෙන් හඳුන්වා දෙමින් සංචරණ සීමා සමයේ නීති විරෝධී මත්පැන් විකුණූ ත්රිරෝදරථ රියදුරෙකු වත්තල දී අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය කියයි. 20 June 2021
පාසල් විවෘත කිරීම පිළිබඳ කමිටු වාර්තාව ළඟදීම ජනපතිට පාසල් හා පෙර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු ළමා රෝග විශේෂඥයන් ඇතුළු වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත ස්වෙච්ඡා කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරියේදී බාරදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. 20 June 2021
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ හෙට රැස්වෙති පාර්ලිමේන්තුව ලබන සතියේදී රැස්වන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (21)උදේ 9.30ට පැවැත්වේ. 20 June 2021
විදුලි රැහැනෙන් ආ මාරයා මවත් පුතාත් බිලි ගනී තම ගොවිබිම වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා තැනූ පැලට ඇද තිබූ විදුලි රැහැනක් ඇඟමතට කඩා වැටීමෙන් මවක සහ පුතතු මරණයට පත්ව ඇතැයි හබරණ පොලිසිය කියයි. 20 June 2021
ගාල්ලේ එන්නත් සිද්ධියේ අතර මැදියාගේ බැංකු ගිණුම් පරික්ෂාවට ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේදි පසුගිය 5 වැනි දින සහ 7වැනි දින පිට පළාත්වලින් පැමිණි පිරිසකට ඇස්ට්‍රා සෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිමේදී අතර මැදියකු ලෙස කටයුතු කළ බව කියන ගාල්ල කොටුවේ පදිංචි පුද්ගලයාගේ බැංකු ගිණුම් පරික්ෂා කිරිමට ද ඔහුගේ ජංගම දුරකතන වාර්තා ලබා ගැනිමට ද ගාල්ල ප්‍රධාන මහේස්ත්රාත්හර්ෂණ කැකුණවෙල මහතා ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට නියෝග ලබා දුන්නේය 20 June 2021
මඩකළපුව වෙරළටත් මියගිය මුහුදු සතුන්ගේ සිරුරු ගොඩ ගසයි මඩකළපුව කාත්තන්කුඩි කිරන්කුලම් වෙරළට මියගිය කැස්බෑවන් තිදෙනකුගේ සහ ඩොල්පින් වර්ගයේ මාළුවකුගේ සිරුරක් ගොඩ ගසා තිබියදී සොයාගත් බව වනජීවි නිලධාරි කාර්යාලය කියයි. 20 June 2021
මන්නාරමටත් තල්මසකුගේ පිළිස්සුණු සිරුරක් ගොඩ ගසයි පිලිසුම් තුවාල සහිත කුඩා තල්මසකුගේ මළ සිරුරක් මන්නාරම මුසලී කරඩික්කුලි මුහුදු වෙරළට ඊයේ (19) සවස ගොඩගසා තිබූ බවට ප්‍රදේශයේ ධීවරයෝ පවසති. 20 June 2021
සංචරණය ඉවත් කරද්දී දුම්රිය දුවන්නේ මෙහෙමයි සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු හෙට (21) සිට 23 වැනිදා රාත්‍රී 10.00 දක්වා පළාත් අතර පමණක් දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි. 20 June 2021
සංචරණ සීමා ඉවත් කරන්නේ දැඩි කොන්දේසි මතයි කොරෝනා තෙවැනි රැල්ල පාලනය සඳහා දිවයින පුරා පනවනු ලැබූ සංචරණ සීමා හරියටම මාසයකට පසුව හෙට (21)අලුයම 4.00ට දැඩි කොන්දේසිවලට යටත්ව ඉවත් කෙරේ . 20 June 2021
මවගේ තුරුලේ කිරි බොමින් සිටි බිළිඳා කපා කොටා මරලා ත්‍රිකුණාමලය චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ නිවෙසක 15 හැවිරිදි මවගේ තුරුලේ කිරි බොමින් සිටි සය මස් බිළිඳකුට තියුණු ආයුධයකින් කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 20 June 2021
කොවිෂීල් එන්නත ගත් කුරුණෑගල නගර සභා පිරිසකට කොරෝනා කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (18) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පිරිස අතරේ කොරෝනා මර්ධන එන්නත ලබා ගත් පුද්ගලයන් කීප දෙනකුම සිටින බව මේවනවිට අනාවරණය වී තිබේ. 20 June 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026